2. දෙවන වර්ගය
7. 2. 1.
ගුථකූප සූත්රය
372. රජගහනුවර–
ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක හිස සහිත ව ගිලුනු පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම පරඹුන් සෙවුනෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
7. 2. 2.
ගූථඛාදි සූත්රය
373. මහණෙනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක ගිලුනු දෑතින් අසූචි කන පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම දුෂ්ට බමුණෙක් විය. හෙතෙමේ කසුප් බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි බික්සඟන බතින් පවරා අසූචියෙන් ඔරු පුරවා කල් දන්වා “පින්වත්නි, මෙයින් ඇති තාක් අනුභව කෙරෙත්වා හැර ගෙණ ද යෙත්වා” යි මෙය කීය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
7. 2. 3.
නිච්ඡවිත්ථි සූත්රය
374. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සිවිය නැති ස්ත්රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්රී තොමෝ මේ රජගහනුවර ම වේශ්යාවක් වූවා ය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 2. 4.
මඞ්ගුලිත්ථි සූත්රය
375. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ දුගඳ පිළිකුල් කට යුතු ස්ත්රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්රී තොමෝ මේ රජගහනුවර ම යක්දැස්සක් (යක්දෙහිකම් කරන්නියක්) වූවා ය ... මහජනයා මිසදිටු ගැන් වූ ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.
7. 2. 5.
ඔකලිනී සූත්රය
376. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ගින්නෙන් පැසුනු සිරුර ඇති ඩහ වැගිරෙන ගිනි අඟුරින් හාත්පස ගැවසුනු ස්ත්රියක දිටිමි. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි … [ඉක්බිති භාග්යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ ස්ත්රී තොමෝ කලිඟුරජුගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ ඊර්ෂ්යායෙන් මඬනා ලද්දී සැතිරිය (=සැමියාගේ අන් බිරිය) මත අඟුරුකබලක් හළාලීය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
7. 2. 6.
අසීසක සූත්රය
377. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිස නැති සිරුරක් (=කවන්ධයක්) දිටිමි. එහි ලයෙහි ඇස් ද, මුව ද වෙයි. ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මෙය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. හේ ද බැගෑ හඬ කෙරෙයි. ... [ඉක්බිති භාග්යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සත්ත්ව තෙමේ මේ රජගහනුවර ම හාරිත නම් චෝරඝාතයෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 2. 7.
භික්ඛු සූත්රය
378. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මහණකු දිටිමි. ඔහුගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිත ය. පාත්රය ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිතය, කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්ත ය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. හෙතෙමේ ද බැගෑ හඬ කෙරෙයි. … [ඉක්බිති භාග්යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මහණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මහණෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 2. 8.
භික්ඛුණී සූත්රය
379. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මෙහෙණක දිටිමි. ඇගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. … [ඉක්බිති භාග්යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මෙහෙණ තොමෝ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මෙහෙණක් වූවාය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.