7. 1. 4.
නිච්ඡවි සූත්‍රය
365. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම බැටෙළුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 1. 5.
අසිලෝම සූත්‍රය
366. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ අසිලොම් (=කඩුමුවා ලොම්) ඇති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි . ඔහුගේ ඒ අසි උඩ නැග නැග ඔහුගේ ම සිරුරෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම හුරුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 6.
සත්තිලෝම සූත්‍රය
367. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සැත්ලොම් (=සැත්මුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ සැත් උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම මුවවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 7.
උසුලොම සූත්‍රය
368. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හීලොම් (=හීමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හී උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම වධකයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 8.
සූචිලෝම සූත්‍රය
369. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිදිලොම් (= හිදිමුවා ලොම් ) ඇති පුරුෂයකු දිටිමි . ඔහුගේ ඒ හිදි උඩට නැග නැග ඔහුගේම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම රියැදුරෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.