7. 1. 2.
මාංසපෙසි සූත්‍රය
363. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි යන මස්වැදැල්ලක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ මස්වැදැල්ල ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඒ මස්වැදැල්ල ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෙරින් මරන්නෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 3.
මාංසපිණ්ඩ සූත්‍රය
364. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත් ,ඉරා කත්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි ... මහණෙනි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 4.
නිච්ඡවි සූත්‍රය
365. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම බැටෙළුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 1. 5.
අසිලෝම සූත්‍රය
366. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ අසිලොම් (=කඩුමුවා ලොම්) ඇති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි . ඔහුගේ ඒ අසි උඩ නැග නැග ඔහුගේ ම සිරුරෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම හුරුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 6.
සත්තිලෝම සූත්‍රය
367. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සැත්ලොම් (=සැත්මුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ සැත් උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම මුවවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 7.
උසුලොම සූත්‍රය
368. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හීලොම් (=හීමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හී උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම වධකයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 8.
සූචිලෝම සූත්‍රය
369. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිදිලොම් (= හිදිමුවා ලොම් ) ඇති පුරුෂයකු දිටිමි . ඔහුගේ ඒ හිදි උඩට නැග නැග ඔහුගේම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම රියැදුරෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.