6. 2. 11.
මානානුසය සූත්‍රය
360. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය:
“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ (ස්වකීය) කයෙහිත්, පිටත සියලු (සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වූ) නිමිත්තයන්හිත් අභිඞ්කාර (මම යන දෘෂ්ටිය) ද, මමිඞ්කාර (මාගේ යන තෘෂ්ණාව ද මානානුසයෝ ද නො වෙද් දැ” යි?
රාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයෙක් වේද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
යම් කිසි වේදනාවක් ... යම් කිසි සඤ්ඤාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හේ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් විඤ්ඤාණයෙක් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
රාහුල මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරමමිඞ්කාරමානානුසයෝ නො වෙති යි.
6. 2. 12.
මානාපගත සූත්‍රය
361. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරයෙන් මමිඞ්කාරයෙන් මානයෙන් පහ වූයේ වේ ද, මානකොටස් මැනවින් ඉක්ම වූයේ සන්සුන් වූයේ මනා කොට මිදුනේ වේ දැ යි?
රාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයකුත් වේ ද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ. (පඤ්චස්කන්‍ධය පිළිබඳ පෙය්‍යාලය මෙසේ කට යුතු යි.) ... යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙකුත් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ.
රාහුල, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහි ද, පිටත සියලු නිමිත්තයන්හි ද අභිඞ්කාරමමිඞ්කාරමානයෙන් පහ වූයේ මාන කොටස් මනා කොට ඉක්මවූයේ සන්හුන් වූයේ මැනවින් මිදුනේ වේ යි.
දෙවෙනි වර්‍ගය යි.
එහි උද්දානය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු, ඛන්‍ධ යන දශය ද, අනුසය අපගත දෙක ද යන මේ සූත්‍ර දොළසින් වර්‍ගය කියනු ලැබේ.
රාහුල සංයුත්තය නිමියේ ය.