6. 2. 1.
චක්ඛුආදි සූත්රය
350 මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුලහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
රාහුල, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය,’ යමක් අනිත්ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’ කණ ... නැහැය ... දිව ... කය ... සිත නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ යමක් අනිත්ය නම් එය දුක් ද? සැපද, ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
රාහුල, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි, ... කණෙහි ද කළ කිරෙයි ... නැහැයෙහි ද කලකිරෙයි ... දිවෙහි ද කලකිරෙයි, ... කයෙහි ද කලකිරෙයි ... සිතෙහි ද කලකිරෙයි. කළ කිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි කට යුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.
(පෙය්යාලනයින් සූත්රාන්ත දශය සංක්ෂේප කට යුතු යි)
6. 2. 2.
රූපාදි සූත්රය
351. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැ යි හඟිහි ද? රූපයෝ නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්යයහ.’ ශබ්දයෝ ... ගන්ධයෝ ... රසයෝ ... ස්ප්රෂ්ටව්යයෝ ... ධර්මයෝ නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්යයහ.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
6. 2. 3.
විඤ්ඤාණ සූත්රය
352. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්ය ද,අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ … සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය … කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
6. 2. 4.
සම්ඵස්ස සූත්රය
353. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සය නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ සෝතසම්ඵස්සය ... ඝාණසම්ඵස්සය ... ජිව්හාසම්ඵස්සය … කායසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 5.
වේදනා සූත්රය
354. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය’ ... සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව … කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 6.
සඤ්ඤා සූත්රය
355. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රුපසඤ්ඤාව නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය’ ... සද්දසඤ්ඤාව ... ගන්ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධර්මසඤ්ඤාව නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 7.
සඤ්චේතනා සූත්රය
356. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රූපසඤ්චේතනාව නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය’ ... සද්දසඤ්චේතනාව ... ගන්ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චේතනාව නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 8.
තණ්හා සූත්රය
357. රාහුල, ඒ කිමැයි හඟිහි ද, රූපතණ්හාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ සද්දතණ්හාව ... ගන්ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 9.
ධාතු සූත්රය
358. රාහුල, ඒ කිමැයි හඟිහි ද? පඨවිධාතුව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය. ‘ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝ ධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.