6. 1. 10.
ඛන්‍ධ සූත්‍රය
349. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද, රූපය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... වේදනාචා ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය ...’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනායෙහි ද කලකිරෙයි, සඤ්ඤායෙහි ද කලකිරෙයි, සඞ්ඛාරයන්හි ද කලකිරෙයි, විඤ්ඤාණයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි’ යි.
[අයාචනාවෙන් දෙසූ ] පළමුවැනි වර්‍ගය යි.
එහි උද්දාන:
චක්ඛු, රූප, විඤ්ඤාණ, සම්ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු යන ඔහු ඛන්‍ධ සූත්‍රය සමග දශයෙකි.
2. දෙවෙනි වර්‍ගය
6. 2. 1.
චක්ඛුආදි සූත්‍රය
350 මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
රාහුල, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය,’ යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’ කණ ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද? සැපද, ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි, ... කණෙහි ද කළ කිරෙයි ... නැහැයෙහි ද කලකිරෙයි ... දිවෙහි ද කලකිරෙයි, ... කයෙහි ද කලකිරෙයි ... සිතෙහි ද කලකිරෙයි. කළ කිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි කට යුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.
(පෙය්‍යාලනයින් සූත්‍රාන්ත දශය සංක්‍ෂේප කට යුතු යි)
6. 2. 2.
රූපාදි සූත්‍රය
351. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැ යි හඟිහි ද? රූපයෝ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ධර්‍මයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
6. 2. 3.
විඤ්ඤාණ සූත්‍රය
352. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය ද,අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය … කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.