2. 3. 2.
දුස්සීල සූත්‍රය
248. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … දුස්සීලයෝ දුස්සසීලයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සිල්වත්තු සිල්වතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 3.
පඤ්චසික්ඛාපද සූත්‍රය
249. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවෝ අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවන් සමග … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවන් සමග … මුසවා බිණුමෙන් වෙන් වූවෝ මුසවා බිණුමෙන් වෙන් වූවන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවන් සමග සැසැඳෙති, එකතු වෙතී යි.
2. 3. 4.
සත්තකම්මපථ සූත්‍රය
250. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පිසුණුබස් බණන්නෝ පිසුණුබස් බණන්නවුන් සමග … පරොස්බස් බණන්නෝ පරොස්බස් බණන්නවුන් සමග … හිස්බස් බණන්නෝ හිස්බස් බණන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවායෙන් වෙන් වූවෝ … අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ … පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ හිස්බස් බිණුමෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්. එකතු වෙති යි.
2. 3. 5.
දසකම්මපථ සූත්‍රය
251. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මෙරමා සතු දැ ගන්නෝ … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ … මුසවා බණන්නෝ … පිසුණුබස් බණන්නෝ … පරොස්බස් බණන්නෝ … හිස්බස් බණන්නෝ … දැඩිලොබ බහුල කොට ඇත්තෝ දැඩිලොබ බහුල කොට ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ව්‍යාපාදයට පැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් මිසදිටුවෝ මිසදිටුවන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ ... පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ … අභිධ්‍යාව බහුල කොට නැත්තෝ අභිධ්‍යාව බහුල කොට නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … ව්‍යාපාදයට නොපැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට නො පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සමිදිටුවෝ සමිදිටුවන් සමග සැසැඳෙති, එකතු වෙති යි.