10. සති වර්ගය
1. 9. 10. 1-11.
ජරාමරණාදි සූත්ර
181-191. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්යපරිග්රාහක) සිහිය කට යුතු යි.
11. සම්පජඤ්ඤ වර්ගය
1. 9. 11. 1-11.
ජරාමරණාදි සූත්ර
192-202. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්යපරිග්රාහක) ඥානය කට යුතු යි.1.9.12. 1-11
12. අප්පමාද වර්ගය
1. 9. 12. 1-11.
ජරාමරණාදි සූත්ර
203-213. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (සත්යභාවනායෙහි) අප්රමාදය කට යුතු යි.
අන්තර පෙය්යාල නව වැනි යි.
එහි වර්ග නාමාවලිය:
සත්ථු, සික්ඛා, යෝග, ඡන්ද, උස්සේළහී, අප්පටිවනී, ආතප්ප, විරිය, සාතච්ච, සති, සම්පජඤ්ඤ, අප්පමාද යි (පෙය්යාල වර්ග) දොළසකි යි.
අන්තරපෙය්යාල සුත්රාන්තයෝ නිමියහ.
ඔහු වර්ග දොළසකි. සූත්ර එක්සිය දෙතිසෙක් වේ. අන්තර පෙය්යාලයෙහි යම් සූත්රයෝ වෙද්ද, ඔහු චතුස්සත්ය විභාගයෙන් කියන ලදහ යි.
10 අභිසමය වර්ගය
1. 10. 1.
නඛසිඛා සූත්රය
214. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මා විසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බුඳ හෝ මේ මහපොළොව හෝ දැ?යි.
වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය ම ඉබොහෝ ය. භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බුඳ ඉමඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්යවතුන් වහන්සේ විසින් නිසසිළෙහි නගන ලද පස්බුඳ සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එපරිද්දෙන් ම සිවුසස් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්ය්යශ්රාවක පුද්ගලයා විසින් යම් මේ දුකෙක් ක්ෂය කරණ ලද ද, අවසන් කරණ ලද ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසඳීමෙහි දී සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙ යි.
මහණෙනි, ධර්මාවබෝධය මෙසේ මහදර්ත්ථයක් නිපදවන්නේ ය, දහම් ඇස (සෝවන්පෙල) පිළිලැබීම මෙසේ මහදර්ත්ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 2.
පොක්ඛරණී සූත්රය
215. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ අයමින් පණස්යොදනක් ඇති විතරින් පණස් යොදනක් ඇති ගැඹරින් පණස්යොදනක් ඇති දියෙන් පිරුණු මුවවට සම වූ කවුඩන් විසින් පිය හැකි පොකුණක් වේ ද, පුරුෂයෙක් තෙමේ ඒ පොකුණෙන් කුසතණ අගින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, කුසතණඅඟින් නගන ලද යම් දියෙක් හෝ පොකුණෙහි වූ යම් දියෙක් හෝ දැ යි?
වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. කුසතණ අගින් නගන ලද දිය ඉමඳ ය. පොකුණෙහි දිය හා සැසඳීමෙහි දී කුසතණ අගින් නගන ලද දිය සියවන කලාවටත් නො ම පැමිණෙ යි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.