1. 8. 11.
සඞ්ඛාර සූත්‍රය
81. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සඞ්ඛාර නො දනිද්ද, සඞ්ඛාරසමුදය නො දනිද්ද, සඞ්ඛාරනිරෝධය නො දනිද්ද ... සඞ්ඛාරනිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිද්ද … ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලය හෝ බමුණුදම්හි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
මහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ සඞ්ඛාර දනිද් ද, ... ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලයත් හෝ බමුණුදම්හි ඵලයත් මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැනි යි.
එහි උද්දානය:
සිවුසස් බෙදීමෙන් (ජරාමරණාදි) පච්චය සූත්‍ර එකොළොසෙක් වදාරණ ලදි. අභිසමයසංයුත්තයෙහි සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැන්න වන්නේ යි.
9. අන්තරපෙය්‍යාලය
1. සත්‍ථු වර්‍ගය
1. 9. 1. 1.
ජරාමරණ සූත්‍රය
82. සැවැත්නුවර–
මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස (මාර්‍ගඥානදායී) ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණ නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධගාමිනීප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
(සියල්ල පිළිබඳ පෙය්‍යාලය මෙසේ විස්තර කට යුතු.)
1. 9. 1. 2.
ජාති සූත්‍රය
83. මහණෙනි, ජාතිය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 3.
භව සූත්‍රය
84. මහණෙනි, භවය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 4.
උපාදාන සූත්‍රය
85. මහණෙනි, උපාදාන තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 5.
තණ්හා සූත්‍රය
86. මහණෙනි, තණ්හාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.