1. 8. 1.
ජරාමරණ සූත්රය
71. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ... මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්රතිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි දු ශ්රමණයෝ ය යි සම්මත නො වෙති. බ්රාහ්මණයන් කෙරෙහි දු බ්රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ දමෙහි ඵලය හෝ බමුණු දමෙහි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිත් ද, ජරාමරණසමුදය දනිත් ද, ජරාමරණනිරෝධය දනිත් ද, ජරාමරණනිරෝධගාමිනීප්රතිපදාව දනිත් ද, මහණෙනි, ඒ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි දු මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහි දු බමුණෝ ය යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු මහණදමේ ඵලයත් බමුණු දමෙහි ඵලයත් මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
1. 8. 2.
ජාති සූත්රය
72. යම් කිසි … කෙනෙක් ජාතිය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ජාතිය දනීද ...
1. 8. 3.
භව සූත්රය
73. යම් කිසි … කෙනෙක් භවය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් භවය දනිද්ද ...
1. 8. 4.
උපාදාන සූත්රය
74. යම් කිසි … කෙනෙක් උපාදානය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් උපාදානය දනිද්ද ...
1. 8. 5.
තණ්හා සූත්රය
75. යම් කිසි … කෙනෙක් තණ්හාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් තණ්හාව දනිද්ද ...
1. 8. 6.
වේදනා සූත්රය
76. යම් කිසි … කෙනෙක් වේදනාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් වේදනාව දනිද් ද..
1. 8. 7.
ඵස්ස සූත්රය
77. යම් කිසි … කෙනෙක් ඵස්සය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ඵස්සය දනිද් ද ...
1. 8. 8.
සළායතන සූත්රය
78. යම් කිසි … කෙනෙක් සළායතන නො දනිද්ද … යම් කිසි … කෙනෙක් සළායතන දනිද් ද ...
1. 8. 9.
නාමරූප සූත්රය
79. යම් කිසි … කෙනෙක් නාමරූප නො දනිද්ද … යම් කිසි … කෙනෙක් නාමරූප දනිද් ද ...
1. 8. 10.
විඤ්ඤාණ සූත්රය
80. යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය දනිද් ද ...
1. 8. 11.
සඞ්ඛාර සූත්රය
81. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සඞ්ඛාර නො දනිද්ද, සඞ්ඛාරසමුදය නො දනිද්ද, සඞ්ඛාරනිරෝධය නො දනිද්ද ... සඞ්ඛාරනිරෝධගාමිනී ප්රතිපදාව නො දනිද්ද … ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලය හෝ බමුණුදම්හි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
මහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ සඞ්ඛාර දනිද් ද, ... ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලයත් හෝ බමුණුදම්හි ඵලයත් මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
සමණබ්රාහ්මණවර්ගය අටවැනි යි.
එහි උද්දානය:
සිවුසස් බෙදීමෙන් (ජරාමරණාදි) පච්චය සූත්ර එකොළොසෙක් වදාරණ ලදි. අභිසමයසංයුත්තයෙහි සමණබ්රාහ්මණවර්ගය අටවැන්න වන්නේ යි.