1. 4. 9.
දෙවැනි චේතනා සූත්රය
39. සැවැත්නුවර–
මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්රත්යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ ... තෘෂ්ණාව ... උපාදාන ... භවය ... ජාතිය ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූප ප්රත්යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වේ.
මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 4. 10.
තෙවැනි චේතනා සූත්රය
40. සැවැත්නුවර–
මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි කර්මාදී අරමුණෙහි විඥානය පැවැත්ම වේ. අරමුණෙහි විඥානය පැවැත්ම ඇති කල්හි ච්යුතිය හා උපපත්තිය වේ. ච්යුතිඋපපත්ති ඇති කල්හි මත්තෙහි ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැන්ම වේ.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නොකෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයාගේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණා නතිය වේ. තෘෂ්ණාව ඇති කල්හි (කර්මාදි අරමුණුවල විඥානයේ පැවැත්ම) ආගතිය, (කර්ම හෝ කර්මනිමිති හො ගතිනිමිති එළඹ සිටි කාල ගතිය (ප්රතිසන්ධි වශයෙන් විඥානයාගේ ගමන) වේ ආගතිගති ඇති කල්හි චුතිය හා උපපත්තිය වේ. චුතිය උපපත්ති ඇති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නොසිටි කල්හි නො වැඩුනු කල්හි තෘෂ්ණාව නො වේ. තෘෂ්ණාව නැති කල්හි කර්මාදි ආගතිගති නො වේ. ආගතිගති නැති කල්හි ච්යුතිය හා උපපත්තිය නො වේ. ච්යුති උපපත්ති නැති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි.
කාළාරඛත්තිය වර්ගය සිවුවැනි යී.
එහි උද්දානය:
භූත සූත්ර ය, කළාරඛත්තිය සූත්ර ය, ඤාණවත්ථු සූත්ර දෙක ය, අවිජ්ජාපච්චය සූත්ර දෙක ය, නතුම්හ සූත්ර ය, චේතනා සූත්ර තුණය යි සූත්ර දශයෙකි.