1. 3. 7.
පච්චය සූත්රය
27. සැවැත්නුවර–
මහණෙනි, අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
මහණෙනි, ජරාමරණ කවරේ ද යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැලි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්වනිකායෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් සම්මුති මරණයෙක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතින්ද්රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණ ය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදය වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ජරාමරණ නිරොධගාමිනී ප්රතිපදාව ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළි ගැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාතිය යි කියනු ලැබේ. භවසමුදයෙන් ජාති සමුදය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ජාති නිරෝධගාමිනී ප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධිය යි.
මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: ... මහණෙනි, වේදනා නම් කවර යත්: ... මහණෙනි, ස්පර්ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: ... මහණෙනි, නාම රූප නම් කවර යත්: ... මහණෙනි, විඥාන නම් කවර යත්: ... මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි: කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මේ සංස්කාර ය යි කියනු ලැබේ. අවිද්යා සමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසම්ධි යි.
මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ ප්රත්යය දනී ද, මෙසේ ප්රත්යයසමුදය දනී ද, මෙසේ ප්රත්යයනිරෝධය දනී ද, මෙසේ ප්රත්යය නිරෝධගාමිනීප්රතිපදාව දනී ද, මහණෙනි, මේ ආර්ය්යශ්රාවක තෙමේ මාර්ගදෘෂ්ටියෙන් යුක්ත ය යි ද, මාර්ගදර්ශනයෙන් යුක්ත ය යි ද, මේ සදහමට පැමිණියේ ය යි ද, මේ සදහම දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්යාවෙන් සමන්වාගත ය යි ද, (මාර්ගසඞ්ඛ්යාත) ධර්මස්රෝතසට පැමිණියේ ය යි ද, ආර්ය්ය වූ නිර්වේධිප්රඥා ඇත්තේ ය යි ද නිවන් දොරට හැනී සිටි ය යි ද කියනු ලැබෙයි.
1. 3. 8.
භික්ඛු සූත්රය
28. සැවැත්නුවර–
එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මෙහි මහණ තෙමේ ජරාමරණ දනී. ජරාමරණ සමුදය දනී. ජරාමරණ නිරෝධය දනී. ජරාමරණ නිරෝධගාමිනී ප්රතිපදාව දනී. ජාතිය දනී ... භවය දනී ... උපාදාන දනී ... තෘෂ්ණාව දනී ... වේදනාව දනී ... ස්පර්ශය දනී ... ෂඩායතන දනී ... නාමරූප දනී ... විඥානය දනී ... සංස්කාර දනී. සංස්කාර සමුදයය දනී. සංස්කාර නිරෝධය දනී. සංස්කාරනිරෝධගාමිනී ප්රතිපදාව දනී.
මහණෙනි, ජරාමරණ කවරේද යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි දිරීමෙක් දිරුම්බවෙක් දත් වැටිමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයුපිරිහීමෙක් ඉඳුරන් මේරීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙන් යම් වෙන් වීමෙක් වෙන්වන බවෙක් අතුරුදන් වීමෙක් මෘත්යු නම් වූ මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේ දැ, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදයය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ජරාමරණ නිරෝධගාමිනීප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ... මහණෙනි, භවය නම් කවර යත් ... මහණෙනි, උපාදාන නම් කවර යත් ... මහණෙනි, තණ්හා නම් කවර යත් ... මහණෙනි, වේදනා නම් කවර යත් ... මහණෙනි, ඵස්ස නම් කවර යත් ... මහණෙනි, සළායතන නම් කවර යත් ... මහණෙනි, නාමරූප නම් කවර යත්: මහණෙනි, විඤ්ඤාණ නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර තුණෙකි: කාය සඞ්ඛාරය, විචීසඞ්ඛාරය, චිත්තසඞ්ඛාරය. මහණෙනි, මොහු සඞ්ඛාරයෝ යි කියනු ලැබෙත්. අවිද්යාසමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය ම සංස්කාර නිරොධගාමිනී ප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.