4. 3. 5.
මාරධීතු සූත්‍රය
161. උරුවේලාවෙහි –
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ පවිටු මරු වෙත එළඹියහ. එළඹ පවිටු මරුහට ගාථායෙන් කියුහු:
පියාණෙනි, කවරහෙයින් නොසතුටු සිත් ඇත්තෙහි ද? කිනම් පුරුෂයකු සිතයි ද? අපි ඔහු වනඇතකු මෙන් රාගපාශයෙන් බැඳ ගෙණ එන්නමු. එවිට තොපට වසඟ වන්නේ යයි.
[මරු:]
සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් (බැඳ) සුවසේ ගෙණ ඉය නොහැක්කේ ය. මාරවිෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙවර කරමෝව”යි මෙය කියුහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නොකෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන්ගේ අදහස් විසිතුරු ය. (එහෙයින්) අපි සියක් සියක් කොට කුමරිවෙස් සියක් මවා ගන්නමෝ නම් යෙහෙකැයි මෙසේ සිතූහ.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ (එකක් එකක්) සියක් සියක් කොට කුමරිවෙස් සියක් (තුන්සියක් විලස්) මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙ කරමෝ ව”යි මෙය කියුහ. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන් අදහස් විසිතුරුය. අපි සියක් සියක් නොවැදූ ඉතිරින් වෙස් සීයක් මවා ගන්නමෝ නම් මැනවැයි මෙසේ සිතූහ.
ඉක්බිති තණ්හා අරති රගාද යන මරදූහු එක්සිය එක්සිය නොවැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබගේ පා හමුයෙහි මෙහෙවර කරමෝ ව”යි මෙය කියාහු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි සියක් සියක් කොට එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි සිතූහ.
ඉක්බිති තණ්හා … එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.
ඉක්බිති තණ්හා … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.
ඉක්බිති තණ්හා … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා … අපි … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි.
ඉක්බිති තණ්හා … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරදූහු එකත්පසකට ඉවත්ව මෙසේ කියුහ. අපගේ පිය තෙමේ සැබැවක් කීයේ ම ය.
“සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් බැඳ නොගෙණිය හැක්කේ ය. මාර විෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි” යි.
අපි පහ නොවූ රාග ඇති යම් මහණකු හෝ බමුණකු හෝ වෙත මේ උපක්‍රමයෙන් එළඹෙන්නමෝ නම් ඔහුගේ ලය හෝ පැළෙන්නේ ය. මුවෙන් උණුලේ හෝ නැඟෙන්නේය. උමතුවට හෝ සිත් පෙරැළියට හෝ පැමිණෙන්නේ ය. සිඳින ලද නිල්වන් බටගසෙක යම්සේ වියළේ ද, වෙසෙසින් වියළේ ද, මැලවේ ද, එසෙයින් ම වියළෙන්නේය වෙසෙසින් වියළෙන්නේය මැලවෙන්නේය යි.
ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි තණ්හා මර දූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කිවුය: