3. 3. 2.
අය්යකා සූත්රය
133. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දාවල භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහරජ, දැන් දෙවෙන් දාවල තෙපි කොහි සිට එවූ ද?
වහන්ස, ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ දිගුකලක් ගෙවූ පිළිවෙළින් පැසුලුවයසට පැමිණි උපතින් එක්සියවිසිවයස් වූ මාගේ මිත්ත්නියෝ කාලගත වූහ. වහන්ස, මිත්තනියෝ මට ප්රිය ද මනාප ද වූහ. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ඇත්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ඇත්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ගම්වරෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ගම්වරකුදු මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වකුදු මම දෙන්නෙමි.
මහරජ, සියලු සත්වයෝ මරණය ස්වභාවය කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්මවූවෝ ය.
වහන්ස, ආශ්චර්ය්යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “සියලු සත්වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය” යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් අත්යර්ත්ථයෙන් මැ මැනවින් දේශනා කරණ ලද්දේ ය.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. සියලු සත්වයෝ මරණය ස්වභාව කොට ඇත්තෝ ය. මරණය කෙළවර කොට ඇත්තෝ ය. මරණය නො ඉක්මවූවෝ ය. මහරජ, අමු වූත් පැලහූත් යම්කිසි කුඹල්බඳුන් වේ නම්, ඒ සියල්ල යම්සේ බිඳීම ස්වභාව කොට ඇත්තේ බිඳීම කෙළවර කොට ඇත්තේ බිඳීම නො ඉක්ම වූයේ වේ ද, මහරජ, එසෙයින්ම සියලු සත්වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය.
සියලු සත්වයෝ මැරෙන්නාහ. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය එහෙයිනි. පින්පව්පල අනුව ගියාහු පව්කම් ඇත්තෝ නිරයට ද පින්කම් ඇත්තෝ සුගතියට දැයි මෙසේ කම් වූ පරිද්දෙන් (පරලොව) යන්නාහු ය.
එහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් සත්වයන්ට පරලොව පිහිට වේ.
3. 3. 3.
ලෝක සූත්රය
134. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෙතෙක් ලෝකධර්මයෝ උපදනාහු අහිත පිණිස දුක් පිණිස අපහසු විහරණය පිණිස උපදිද් ද?