7. සුනික්ඛිත්ත වර්ගය
7. 1.
1115. (එම්බා දේවපුත්රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ චිත්රලතා වනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1116. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?
1117. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1118. මම (පෙරැ) මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙමි. දිළිඳු වූ අසරණ වූ බැගෑපත් වූ කම්කරුවෙක් වීමි. (ඒ මම) ජරාවෙන් දුර්වල වූ මාගේ මවුපියන් පෝෂණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්රියවූහ. පහන් සිතැතියෙම් අහර ද පැන් ද සකස් කොට මහාදානයක් දුනිමි.
1119. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1120. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
චිත්රලතාවිමාන යි.
7. 2.
1121. (එම්බා දේවපුත්රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ නන්දවනය හා චිත්රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1122. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?
1123. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1124. මම (පෙරැ) මිනිසුන් අතුරෙහි මිනිස් වූයෙම් දිළිඳු වූ අසරණ වූ බැගෑපත් වූ කම්කරුවෙක් වීමි. (ඒ මම) ජරාවෙන් දුර්වල වූ මාගේ මවුපියන් පෝෂණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්රියවුහ. පහන් සිතැතියෙම් අහර ද පැන් ද සකස් කොට මහාදානයක් දුනිමි.
1125. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන සම්පත්තීහු මට පහළ වෙත්.
1126. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියම්. එයින් මෙසේ දිලියෙන පුණ්යාර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
නන්දනවිමාන යි.
7. 3.
1127. (එම්බා දිව්යපුත්රය) ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණි ආදියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1128. එහි (තෝ) සිටින්නෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහිය, දිව්යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙත්. මෙහි දිව්යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙති. ස්වර්ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
1129. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තට පහළ වෙත් ද,
1130. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?
1131. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද දේවපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.