2. 8.
245. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
246. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
247. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වෙහි ද?
248. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
249. ශ්රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) රජගහනුවරැ උපාසිකාවක් වීමි. (අන්යයෝ) මා සද්ධා යැ යි දත්හ.
250. (එකල මම) වස්ත්ර ද ආහාර ද සෙනසුන් හා පහන්තෙල් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
251-252. මම පක්ෂය පිළිබඳවූ තුදුස්වක ද පසළොස්වක ද ප්රාතිහාර්ය්ය පක්ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
253. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින්ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
254. පස්සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්ය්යසත්යයෙහි දක්ෂවූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
255. එම පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
256. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ද්ධි ඇතියා වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
සද්ධා විමාන යි.
2. 9.
257. එම්බා දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
258. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
259. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වෙහි ද?
260. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
261. ශ්රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) රජගහනුවරැ උපාසිකාවක් වීමි. (අන්යයෝ) මා සුනන්දා යැ යි දත්හ.
262. (එකල මම) වස්ත්ර ද ආහාර ද සෙනසුන් හා පහන්තෙල්ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
263-264. මම පක්ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්රාතිහාර්ය්ය පක්ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වූවා මනාකොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
265. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් ද සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
266. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්ය්ය සත්යයෙහි දක්ෂ වූ (මම) යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
267. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
268. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
සුනන්දා විමාන යි.