1. 3.
15. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බරවූ සැරැසුණු සිරුරු ඇති (එම්බා) දෙව්දුව, තීගේ රුවන්මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළද ගත් සැඳෑ වලාකුලක් මෙන් බබළව.
16. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
17. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
18. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවැසූ ය.
19. (වහන්ස) මම පෙරැ අත්බැව්‍හි මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තී වෙම් ද? මෙය (පෙර කළ) මාගේ ස්වල්ප කුශල කර්‍මයක්හු පිළිබඳ විපාකයෙකි.
20. පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැළැඹුණු සිත් ඇති මහණක්හු දිටිමි. (දැක) පහන් වූ මම් උන්වහන්සේට සියතින් පුටුවක් දුනිමි.
21. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
22. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙමි ද (එය) ඔබට කියම්. එයින් මෙසේ දිලියෙන අනුභාව ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
තෘතීය පීඨවිමාන යි.
1. 4.
23. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැහුණු සිරුරු අති (එම්බා) දෙව්දුව තීගේ රුවන්මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බැබළව.
24. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද, කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද, මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
25. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුලුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
26. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කර්‍මයක්හු ගේ දැ යි පුළුවුස්නා ලද්දී (මෙසේ ) පැවසූ ය.
27. (වහන්ස) මම (පෙර) අත්බැව්‍හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙම්ද මෙය (පෙර කළ) මාගේ ස්වල්ප කුශල කර්‍මයක්හු පිළිබඳ විපාකයෙකි.
28. පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි. (දැක) පහන් වූ මම් උන් වහන්සේට සියතින් පුටුවක් දුනිමි.