එහි ආවට්ටහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථාව නිදර්‍ශන යි. තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යනු (නෙක්ඛම්මසඞ්කප්ප බහුල කොට ඇතියේ කසිණාදි වශයෙන් ලැබූ චිත්තෛකාග්‍රතායෙන් කෙලෙසුන්ගෙන් සිත රක්නාලද වේ නුයි) මේ සමථ යැ, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු විදර්‍ශනා යැ (විදර්‍ශනාව ප්‍රඥා ප්‍රධාන හෙයිනි.) ඤත්‍වාන උදයබ්බයං යනු දුඃඛසත්‍යයාගේ පරිඥා යැ, ථීනමිද්ධාභිභූ භික්ඛු යනු සමුදය ප්‍රහාණ යැ, සබ්බා දුග්ගතියො ජහෙ යන මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි.
ආවට්ටහාරසම්පාතය යොදනලදී.
3. 2. 8.
විභත්තිහාරසම්පාතය
එහි විභත්තිහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. කුශලපක්‍ෂය චක්ඛුසංවරාදි කුශලපක්‍ෂයෙන් දැක්වියැ යුත්තේ යැ, අකුශලපක්‍ෂය චක්ඛුඅසංවරාදි අකුශලපක්‍ෂයෙන් දැක්වියැයුත්තේ යි.
විභත්තිහාරසම්පාතය යොදනලදී.
3. 2. 9.
පරිවත්තනහාරසම්පාතය
එහි පරිවත්තනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. ලෞකික ශමථවිදර්‍ශනා වැඩූ කල්හි (‘අරක්ඛිතෙන චිත්තේන’ යනාදි ගාථාවට නොහොත් විභත්තිහාරයෙහි දැක්වූ අකුශලපක්‍ෂයට) ප්‍රතිපක්‍ෂවශයෙන් නිරෝධය ඵල යැ දුක්ඛය පරිඥාත යැ සමුදය ප්‍රහීණ යැ මාර්‍ගය භාවිත යි.
පරිවත්තනහාරසම්පාතය යොදනලදී.
3. 2. 10.
වෙවචනහාරසම්පාතය
එහි වෙවචනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. තස්මා රක්ඛිතචිත්තස්ස යනු ‘චිත්ත, මනෝ, විඤ්ඤාණ මනින්‍ද්‍රිය, මනායතන, විජානනා, විජානිතත්ත’ මේ චිත්තවෙවචන යැ, සම්මාසඞ්කප්ප ගෝචරො යනු ‘නෙක්ඛම්මසඞ්කප්ප, අව්‍යාපාදසඞ්කප්ප, අවිහිංසාසඞ්කප්ප’ මේ සම්මාසඞ්කප්පවෙවචන යැ. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨි නම් : ‘පඤ්ඤාසත්‍ථ, පඤ්ඤාඛග්ග, පඤ්ඤාරතන, පඤ්ඤාපජ්ජෝත, පඤ්ඤාපතෝද, පඤ්ඤාපසාද’ මේ සම්මාදිට්ඨියට වෙවචන යි.
වෙවචනහාරසම්පාතය යොදනලදී.
3. 2. 11.
පඤ්ඤත්තිහාරසම්පාතය
එහි පඤ්ඤත්තිහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු ස්මෘතියගේ පදට්ඨාන ප්‍රඥප්ති යැ, සම්මාසඞ්කප්පගෝචරො යනු සමථයාගේ භාවනා ප්‍රඥප්ති යැ, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ, ථීනමිද්ධාභිභු භික්ඛු යනු සමුදයාගේ අනවශේෂප්‍රහාණ ප්‍රඥප්ති යැ, සබ්බා දුග්ගතියො ජහෙ යනු මාර්‍ගයාගේ භාවනා ප්‍රඥප්ති යි.
පඤ්ඤත්තිහාරසම්පාතය යොදන ලදී.
3. 2. 12.
ඕතරණහාරසම්පාතය
එහි ඕතරණහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි නිදර්‍ශන ගාථා යැ, තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨිය ගත් කල්හි සද්ධාදි පඤ්චේන්‍ද්‍රියයෝ ගන්නා ලද්දාහු වෙති. මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යැ. එ මැ ඉන්‍ද්‍රියයෝ විද්‍යාව වෙයි, විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සඞ්ඛාරනිරෝධය වෙයි, සඞ්ඛාරනිරෝධයෙන් විඤ්ඤාණනිරෝධය වෙයි, (මෙසේ සියල්ල) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යැ. එ මැ පඤ්චේන්‍ද්‍රියයෝ සීලස්කන්‍ධයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් යන තුන් ස්කන්‍ධයෙන් සඞ්ගෘහීත වෙති. මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යැ. එ මැ පඤ්චේන්‍ද්‍රියයෝ අනාස්‍රව වූ නො ද භාවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්‍ය්‍යාපන්න වෙති, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහිතයහ. මේ ධාතූන්ගෙන් අවතරණ යැ. ඒ ධර්‍මධාතුව ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, අනාස්‍රව වූ නො ද භාවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද එහි යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
ඕතරණහාරසම්පාතය යොදන ලදී.
3. 2. 13.
සොධනහාරසම්පාතය
එහි සෝධනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යැ. යම් දේශනායෙක දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ ද, ඒ ප්‍රශ්නය විසඳන ලද වෙයි, යළි යම් තැනෙක ආරම්භය ශුද්ධ නො වේ ද, ඒ ප්‍රශ්නය තව නො විසඳනලද්දේ වේ.
සොධනහාරසම්පාතය යොදන ලදී.
3. 2. 14.
අධිට්ඨානහාරසම්පාතය
එහි අධිට්ඨානහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු (සාමාන්‍යයෙන් දෙසනලද හෙයින්) ඒකත්තතා යැ, ‘චිත්තං මනෝ විඤ්ඤාණං’ මේ වේමත්තතා යි. සම්මාසඞ්කප්පගෝචරො යනු ඒකත්තතා යැ, නෙක්ඛම්මසඞ්කප්ප යැ, අව්‍යාපාදසඞ්කප්ප යැ, අවිහිංසාසඞ්කප්ප යැ යන මේ වේමත්තතා යි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු ඒකත්තතා යැ, සම්මාදිට්ඨි නම් : යම් දුක්ඛයෙහි ඥානයෙක්