2. නිද්දේසවාරය
ඒ උද්දේසපාඨයෙහි සැකෙවින් නෙත්තිප්රකරණය කියනලදී. (දැන් ලක්ෂණාදිය නිර්දේශ කරනු ලැබේ.)
1. සුඛසෝමනස්සාදි ආස්වාදය ද ත්රෛභූමක සංස්කාර සංස්කාර සඞ්ඛ්යාත ආදීනවය ද ආර්ය්ය මාර්ග නිර්වාණ සඞ්ඛ්යාත නිස්සරණය ද ශ්රැතමයඥනාදි දේසනාඵලය ද ආර්ය්යමාර්ගයට පදට්ඨාන වූ පූර්වභාගප්රතිපදා සඞ්ඛ්යාත උපාය ද චතුස්සත්යකර්මස්ථානයෙහි යුක්ත ප්රයුක්ත වූ වෛනෙයයන් සඳහා ආඥාර්හ භාග්යවතුන් වහන්සේගේ විධාන සඞ්ඛ්යාත ආණත්ති ද යන මේ (හෙවත් ආස්වාදාදීන්ගේ විභාගලක්ෂණ වූ සංවර්ණනා විශේෂය) ‘දේසනාහාර’ නම් වේ.
2. සූත්රයාගේ යම් පෘව්ඡාවකුත් ඇද්ද යම් විසඳීමකුත් ඇද්ද අනුගීති සංඛ්යාත යම් සංග්රහගාථා ඇද්ද, එසේම සූත්රාගත ආස්වාදාදියකුත් ඇද්ද එ හැම සෙවීම ලක්ෂණ කොට ඇති හාරය ‘විචයහාර’ නමැයි දක්වන ලද්දේය.
3. සියලු හාරයන්ගේ ව්යඤ්ජන සංඛ්යාත යම් භූමියක් ඇද්ද සූත්රාර්ත්ථ සංඛ්යාත යම් ගෝචරයෙකුත් ඇද්ද ඒ අර්ත්ථව්යඤ්ජනයන්ගේ මහා - අපදේසයන් හා යුක්ත්ය යුක්තිබව දැක්වීම ලක්ෂණ කොට ඇත්තේ ‘යුත්තිහාර’ නමැයි දක්වන ලද්දේය.
4. ජිතපඤ්චමාර වූ බුදුහු දහම් දෙසෙති. ඒ කුශලාදි හේද වූ ධර්මයට කාරණ වූ යෝනිසෝමනසිකාරාදි යම් පදට්ඨානයක් ඇද්ද, මෙසේ සූත්රාගත සියලු ධර්මනයට පදට්ඨාන (ආසන්නකාරණ) දැක්වීම ලක්ෂණ වූ තෙල භාරය ‘පදට්ඨාන’ නම් වේ.
5. කුශලාදි හෝ ස්කන්ධාදි හෝ එක් ධර්මයක් සූත්රයෙහි වදාළ කල්හි කුශලාදි ස්කන්ධාදි භාවයෙන් සමාන ලක්ෂණ වූ යම් ධර්ම කෙනෙක් වෙත් ද, ඒ හැම ධර්මයෝ සූත්රයෙහි නොදක්වන ලද ද එළවා වර්ණනා කිරීම ලක්ෂණ කොට ඇති ඒ භාරය ‘ලක්ඛණහාර’ නම් වේ.
6. ව්යඤ්ජනද්වාරයෙන් සූත්රාගත පදනිර්වචන සංඛ්යාත නිරුක්තය ද දේශකයන්ගේ අධිප්රාය ද යළි දේශනානිදානය ද පූර්වාපරානුසන්ධි ද චතුර්විධ ලක්ෂණයන් වර්ණනා කිරීම ලක්ෂණ කොට ඇති තෙල හාරය ‘චතුබ්යුහ’ නම් වේ.
7. ආරම්භධාතු ආදි වූ (පරක්කමධාතු ආදියට) පදට්ඨාන වූ එක් ධර්මයක් දේශනා රූඪ කල්හි ඒ ධර්මයට විෂහාගතායෙන් (ප්රමාදාදියට ආසන්නකාරණ වූ කෝසජ්ජාදි) අවශේෂ පදට්ඨානධර්මය ගවේෂණ කෙරෙයි, සොයා ප්රතිපක්ෂධර්මයන් ආවර්තන කෙරෙයි, (මෙසේ සහාගවිෂහාග වශයෙන් ආවර්තන ලක්ෂණ වූ) ඒ හාරය ‘ආවට්ටහාර’ නම් වේ.
8. සාධාරණ වශයෙන් ද, අසාධාරණ වශයෙන් ද, කුශලාදිභේද වූ ධර්මය ද විශේෂාධිගමකාරණ වූ පදට්ඨානය ද පෘථග්ජනභූමි ආදි භූමිය ද (යම් හාරයෙක්) විභාග හෙයින් ප්රකාශ කෙරේ ද, මේ හාරය ‘විභක්තිහාර’ නමැයි දතයුතු.
9. වර්ණනා කරනු ලබන සූත්රයෙහි වදාළ භාවිතව්ය වූ ද ප්රහාතව්ය වූ ද කුශලාකුශල ධර්මයන් ඔවුනට ප්රතිපක්ෂ වූ අකුශලකුශලයන්ගේ වශයෙන් පරිවර්තන කෙරෙයි. ඒ හාරය ‘පරිවත්තනහාර’ නම් වේ.
10. නවාඞ්ගශාසන සංඛ්යාත තෙවළාදහම්හි වදාළ එක් පදාර්ත්ථයක් පිළිබඳ බොහෝ වූ මැ වෙවචනයන් සූත්රයෙහි නිපුණ වූ යම් ධර්මකථිකයෙක් සූත්රවර්ණනායෙහි ලා ප්රකාශ කෙරෙයි. ඒ හාරය ‘වෙවචන’ නම් වේ.
11. භාග්යවත් බුදුහු ස්කන්ධාදී එක් ධර්මයක් නික්ෂේප - ප්රහවාදි විවිධ ප්රඥප්තීන් දේශනා කෙරෙති. ඒ එක් මැ ධර්මාර්ත්ථයක් අනේකප්රඥප්තීන් පනවන ආකාරය ‘පඤ්ඤත්තිහාර’ නමැයි දතයුත්තේය.
12. යම් ප්රතීත්යමූත්පාදයෙක් ඉන්ද්රිය ස්කන්ධ ධාතු ආයතන කෙනෙක් වෙද්ද සූත්රාගත පදාර්ත්ථද්වාරයෙන් ඒ ප්රතීත්යසමූත්පාදාදීන්ගේ යම් අවතරණයෙක් ඇද්ද ඒ අවතරණ ලක්ෂණ වූ සංවර්ණනා විශේෂය ‘ඕතරණහාර’ නම් වේ.
13. ගාථාදේශනායෙහි ලා යම් අර්ත්ථයක් අරභයා විචාළ ප්රශ්නය බුද්ධාදීන් විසින් විසඳු කල්හි එහි පද ආරම්භාදීන්ගේ ශෝධිතාශෝධිතභාවය විචාරණ ලක්ෂණ වූ ඒ හාරය ‘සෝධනහාර’ නම් වේ.
14. ඒකත්තතා සංඛ්යාත සාමාන්යයෙන් ද වේමත්තතා සංඛ්යාත විශේෂයෙන් ද යම් ධර්ම කෙනෙක් සූත්රයෙහි වදාරනලද්දාහු ද ඒ ධර්මයෝ (එහි සාමාන්ය විශේෂ කිමැයි)විකල්පන නොකළයූත්තාහුය. මෙසේ ධර්මයන්ගේ සාමාන්යවිශේෂනිශ්චය ලක්ෂණ වූ තෙල හාරය ‘අධිට්ඨානහාර’නම් වේ.
15. අවිද්යාදි යම් ප්රත්යයධර්ම කෙනෙක් සංස්කාරාදි යම් ප්රත්යයොත්පන්නධර්මයක් සහජාතප්රත්යයභාවයෙන් පරම්පරප්රත්යයව අනුරූපසන්තානඝටන වශයෙන් උපදවත් ද, ඒ ජනකාදි හේතුව සූත්රයෙන් නිශ්චය කොට වර්ණනා කරන තෙල හාරය ‘පරික්ඛාරහාර’ නම් වේ.
16. යම් ශීලාදි ධර්ම කෙනෙක් යම් සමාධිආදි ධර්ම කෙනකුන්ට මූල වූවාහු යළි යම් ධර්ම කෙනෙක් ඒකාර්ත්ථ වූවාහු බුද්ධමුනිහු විසින් වදාරන ලදහු ඒ ධර්මයෝ පදට්ඨානාදි විසින් සමාරෝපණ කොට වර්ණනා කළයුත්තාහුය. තෙල ‘සමාරොපනහාර’ නම් වේ.
(මෙසේ ගාථා විසින් සොළොස් හාර නිර්දේශ කොට දැන් නය නිර්දේශ කෙරෙති.)
17. යම් සංවර්ණනා විශේෂයෙක් සූත්රාගත තෘෂ්ණාවත් අවිද්යාවත් සංක්ලේශ පක්ෂයට ද ශමථ විදර්ශනා දෙකින් වෝදාන පක්ෂයට චතුස්සත්යයන් සමඟ යොදා පමුණුවා ද, මේ නය ‘නන්දියාවට්ට’ නම් වේ.
18. යම් සංවර්ණනාය විශේෂයෙක් ලෝභාදි අකුශලමූලයන් සමඟ ද්වාදශ චිත්තෝත්පාද සංඛ්යාත සියලු අකුශලධර්මයන් ද අලෝභාදි කුශලමූලයන් සමඟ සියලු චාතුර්භූමක කුශලධර්මයන් ද භූත තථ අවිතථ කොට සූත්රාර්ත්ථය චතුස්සත්යයෝජනා ද්වාරයෙන් පමුණුවා ද ඒ නයවිශේෂය ‘තිපුක්ඛල’ නමැයි කීහු.
19. යම් සංවර්ණනායවිශේෂයෙක් අශුභයෙහි ශුභ යැ යනාදි චතුර්විධ විපර්ය්යාසයන්ගෙන් ක්ලේශයන් හෙවත් සංක්ලේශපක්ෂය ද ශ්රද්ධාදි ඉන්ද්රියයන්ගෙන් ප්රතිපත්ති ප්රතිවේධ සද්ධර්මය හෙවත් වෝදානපක්ෂය ද සියුසස් සමඟ යොදා නයන ලක්ෂණ වූ තෙල නය සද්ධර්මනය දන්නාහු ‘සීහවික්කීළිත’ නමැයි කීහු.
20. නන්දියාවට්ටාදි ඒ ඒ අර්ත්ථනය යොදනු සඳහා කරනලද සූත්රාර්ත්ථ විස්සජ්ජනයෙහි ලා ඒ ඒ තැන කියනලද ඒ ඒ නයට දිශාභූත වූ යම් කුශලාකුශලධර්ම කෙනෙක් ඇද්ද, ඒ ධර්මයන් මේ ප්රථම දිශා යැ යනාදීන් සිතින් මැ අවලෝකන කෙරෙයි, ඒ පරික්ෂාව මැ ‘දිසාලෝචන’යැයි කීහු.