4. 12.
තවද මෙසස්නෙහි (ආත්මභාවයෙහි හෝ) විද්වත් වූ ඥාන වෙදයෙන් නිවනට පැමිණි යම් සත්ත්වයෙක් කුදු-මහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.
විද්වා ච යො වේදගූ නරෝ ඉධ - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (තුලනය කළ ඥාන) ඇතියේ. යො යනු: යමෙක් යම් බඳුයෙක් ... දෙවි වේවයි මිනිස් වේවයි. වේදගු යනු: සතර මාර්ගයෙහි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ. ප්රඥා යැ ප්රඥේන්ද්රිය යැ ප්රඥාබල යැ ධර්මවිචයසම්බෝධ්යඞ්ග යැ වීමංසා යැ විදර්ශනා යැ සම්යග්දෘෂ්ටි යි. ඒ මාර්ගඥාන වේදයන් ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට (මාර්ගයෙන්) ගියේ (ඵලයෙන්) අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්ය්යන්තයට ගියේ පර්ය්යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්රාණයට ගියේ ත්රාණයට පැමිණියේ නිලීනයට ගියේ නිලීනයට පැමිණියේ ප්රතිෂ්ඨාවට ගියේ ප්රතිෂ්ඨාවට පැමිණියේ නිර්භයට ගියේ නිර්භයට පැමිණියේ අච්යුතයට ගියේ අච්යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙද (දතයුතු ධර්ම) යන් ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතර මාර්ගඥාන වෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගූ’ යැ, නොහොත් සප්ත ධර්මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත (දන්නා ලද) වෙයි. විචිකිත්සාව - ශීලව්රත පරාමර්ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. ඔහු විසින් කෙලෙසුන්ට ප්රත්යය වූ පුනර්භවය උපදවන ක්ලේශදරථ සහිත වූ දුඃඛ විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්රත්යය වූ ලාමක අකුශල ධර්මයෝ විදිත වූවාහු වෙත්.
15 (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යමෙක් ශ්රමණ බ්රාහ්මණයන්ගේ ශාස්ත්ර යයි කියන ලද යම් වේද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්ගභාවනායෙන් කෘත්ය හෙයින් අනිත්යාදි වශයෙන් විමසා එහි ඡන්දරාග ප්රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වේද ප්රත්යයෙන් හෝ අනි පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්ත්ථ වශයෙන් ‘වේදගූ’ නම් වේ යයි.
නරෝ යනු: සත්ත්ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ (ඉන්ද්රියයෙන් යේ නුයි) ඉන්දගූ යැ (මරණයට යේ නුයි) හින්දගූ යැ මනුජ යැ: ඉධ යනු: මේ දෘෂ්ටියෙහි ... මේ මිනිස් ලොවැ නුයි ‘විද්වා ච යො වේදගූ නරෝ ඉධ’ යනු වේ.
භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ - ‘භවාභවෙ’ යනු: භව අභව සංඛ්යාත කාමභවයෙහි හා රූපාරූපභවයෙහි වූ, කර්මවෘත්තයෙහි විපාක වෘත්තයෙහි, කාමධාතුයෙහි වූ කර්මවෘත්තයෙහි විපාකවෘත්තයෙහි, රූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, අරූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, නැවත නැවත උත්පත්තියෙහි, පුනපුනා පස්ගතියෙහි, පුනපුනා උපතෙහි, පුනපුනා පිළිසඳහි, පුනපුනා ආත්මභාවයන්ගේ පහළ වීමෙහි. සඞ්ගා යනු: සඞ්ගයෝ සත් දෙනෙකි: රාග සඞ්ග යැ ද්වේෂ සඞ්ග යැ මොහසඞ්ග යැ මාන-දෘෂ්ටි-ක්ලෙශසඞ්ග යැ දුශ්චරිතසඞ්ග යි. විසජ්ජ යනු: සඞ්ගයන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළාපියා හෝ හැර, යම්සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් මැ සඞ්ගයන් පරිත්යාග කොට හෝ හැරපියා, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළා පියා හෝ හැරපියා නුයි ‘භවාභවෙ සඞ්ගමිමං විසජ්ජා’ යනු වේ.
සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරී සො ජාතිජරන්ති බ්රෑමි - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ .....ධර්මතෘෂ්ණා යි. යමක්හට තෙල තෘෂ්ණාව ප්රහීණ වූ ද, මුලුසුන් වූ ද, සන්හිඳුණා ද ප්රතිප්රශ්රබ්ධ ද යළි උපදනට නො නිසි වූවා ද නුවණගින්නෙන් දැවුණා ද, හෙතෙම ප්රහීණ තෘෂ්ණා ඇත්තේ යැ පහවගිය තෘෂ්ණා ඇත්තේ යැ හරනා ලද තෘෂ්ණා ඇත්තේ යැ, වමාළ තෘෂ්ණා ඇත්තේ යැ මුදන ලද තෘෂ්ණා ඇත්තේ යැ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ යැ දුරැලන ලද තෘෂ්ණා ඇත්තේ යැ වීතරාග වූයේ යැ විගතරාග වූයේ යැ ත්යක්තරාග වූයේ යැ වාන්තරාග වූයේ යැ මුක්තරාග වූයේ යැ ප්රහීණරාග වූයේ යැ ප්රතිනිඍෂ්ට රාග වූයේ යැ තෘෂ්ණා රහිත වූයේ යැ නිවියේ යැ සිහිල් වූයේ යැ (කායික චෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වාසය කෙරේ ය යි කියනු ලැබේ. හෙතෙම ‘වීතතණ්හ’ නම.