1. 1.
(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ)ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඹහට අභිලේපන යැ යි වදාරන සේක් ද?කිමෙක් ඔහට මහද්භය වේ ද?
කෙනස්සු නිවුතො ලෝකෝ යනු: නිරයලොක යැ තිර්‍ය්‍යක්ලොක යැ ප්‍රෙතලොක යැ මනුෂ්‍යලොක යැ දිව්‍යලොක යැ සකන්ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යන මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මෙලොව කිමෙකින් අවුරන ලද්දේ වසන ලද්දේ යටින් වසන ලද්දේ උඩින් වසන ලද්දේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ දැ? යි ‘කෙනස්සු නිවුතො ලෝකෝ’ යනු වේ.
ඉච්චායස්මා අජිතො යනු: ‘ඉච්ච’ යනු පදසන්ධි යැ,පදසංසර්ග යැ පදපූර්ණ යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉච්ච’ යනු පදයන්ගේ අනුපූර්වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්‍රියයවචන යැ ගරු වචනයැ සගෞරවවචනය යැ සප්‍රතිශ්‍රයට නමෙකි. ‘අජිතො’ යනු: ඒ බමුණුගේ නම යැ සංඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ, නාමකර්ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නු’ යි ‘ඉච්චායස්මා අජිතො’ යනු වේ.
කෙනස්සු නප්පකාසති යනු: කවර කරුණෙකින් ලෝකය ප්‍රකාශ නො කෙරේ ද ඥාන ප්‍රභාෂ නො කෙරේ ද ඥානප්‍රතාප නො කෙරේ ද දීප්ත නො වේ ද නො දන්නේ ද නො පැනේ දැ?යි ‘කෙනස්සු නප්පකාසති’ යනු වේ.
කිස්සාභිලොපනං බ්‍රෑසි යනු: කිමෙක් ලෝකයාගේ ඇලීම ලැගීම බැඳීම උපක්ලේශය වේ ද, කිමෙකින් ලෝකයා ඇලුණේ වෙසෙසින් ඇලුණේ මොනොවට ඇලුණේ කිලිටි වූයේ වෙසෙසින් කිලිටි වූයේ මැකුණේ හැනුණේ ලැගුණේ ලග්නා ලද්දේ ඇවුරුණේ යි. බ්‍රෑසි කියන සේක් ද දෙසන සේක් ද පනවන සේක් ද පිහිටුවන සේක් ද විවරණය කරන සේක් ද විභාග කරනසේක් ද නො ගැඹුරු කරන සේක් ද ප්‍රකාශ කරන සේක් දැ?යි ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යනු වේ.
කිංසු තස්ස මහබ්භයං යනු: කිමෙක් ලෝකයාට භය මහද්භය පීඩා ඝට්ටන උපද්‍රව උපසර්‍ග වේ දැ?යි ‘කිංසු තස්ස මහබ්භයං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“කෙනස්සු -පෙ- මහබ්භයං” යි.
1. 2.
(බුදුහු මෙසේ වදාළහ: අජිතය,) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ මසුරු හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශ නො වෙයි, ඔහට තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි. දුක මහද්භය වෙයි.
අවිජ්ජාය නිවුතො ලෝකෝ යනු “අවිජ්ජා” යනු: දුඃඛසත්‍යයෙහි නො දැනීම දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරොධගාමීනිප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්වාන්තා- පරාන්තයෙහි නො දැනීම ඉදංප්‍රත්‍යයභාව සඞ්ඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි නො දැනීම යැ. මෙ බඳු යම් නො දැන්මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවෙධයෙක් (රූපාදිය අනිත්‍යාදි සාමාන්‍යයෙන්) සඞ්ග්‍රහ නො කිරීමෙක් (අනිත්‍යාදීන්) නො බැසැගැන්මෙක් සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවෙක්ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් සම්‍යක් ඥාන රහිත බවෙක් මුළායෙක් බලවත් මුළායෙක් හාත්පසින් මුළායෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් (සිත මැඩලන) අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යී කියනු ලැබේ.
ලෝකෝ යනු: නිරයලෝක යැ තිර්‍ය්‍යක්ලෝක යැ ප්‍රේතවිෂය ලෝක යැ මනුෂ්‍යලෝක යැ දිව්‍යලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යි මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මේ ලෝකය මේ අවිද්‍යායෙන් ඇවුරුණේ වැසුණේ යටින් වැසුණේ උඩින් වැසුණේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ නුයි “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනු වේ. අජිත යනු බුදුහු ඒ බමුණු නමින් අමතති.
භගවා යනු: ගෞරව නමෙකි, තව ද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ නැසූ ද්වේෂ ඇත්නුයි- නැසූ මෝහ ඇත් නුයි- නැසූ මාන ඇත් නුයි-නැසූ දෘෂ්ටි ඇත්නුයි- නැසූ කෙලෙස්කටු ඇත්නුයි- නැසූ කෙලෙස් ඇත්නුයි- දහම්රුවන් භාග- විභාග- ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි- භාවිතකාය- භාවිත ශීල-භාවිතචිත්ත- භාවිත ප්‍රඥා ඇත් නුයි භගවත් යැ නොහොත් බුදුහු අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රහස්‍යයට නිසි වූ විවේකයට යෝග්‍ය වූ වන සෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වන කෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන-ගිලානප්පච්චය භේසජ්ජ පරික්ඛාරය නට හිමි වූවාහු නුයි භගවත් යැ,බුදුහු අර්ථරසයට ධර්‍මරසයට විමුක්ති රසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ,