6. 10.
ක්‍ෂීණාස්‍රව තෙම යම් මේ (දුටු ඇසූ) රූප-ශබ්දාලම්බනයෙක් වේ ද, ඒ වස්තුවෙන් මඤ්ඤානා වශයෙන් නො සිතයි, (දැනගත්) මුත-ධර්‍මාලම්බනයන් කෙරෙහි හෝ මඤ්ඤානාවශයෙන් නො සිතයි, හෙ තෙම අනිත් අශුද්ධිමාර්‍ගයෙකින් ශුද්ධිය නො කැමැති වෙයි, හෙතෙම (බාලපුහුදුනුවන් මෙන්) නො මැ ඇලෙයි, (කලණ පුහුදුනුවන් හා ශෛක්‍ෂයන් මෙන්) විරාග නො ද වේ.
ධොනො නහි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ‘ධොනො’ යනු - ‘ධොනා’ යී පුඥාව කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයෙක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. කුමක් හෙයින් ප්‍රඥාව‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්‍රඥායෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද්දේ ද සෝදන ලද්දේ ද මැනවින් දොවන ලද්දේ ද වෙසෙසින් දොවන ලද්දේ ද; වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි, රාගය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි; ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ - ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. එකරුණෙන් ප්‍රඥාව‘ධොන’ යයි කියනු ලබයි. නොහොත් සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පා කරන ලද්දී ධොවනය කරන ලද්දී මැනැවින් ධොවනය කරන ලද්දී වෙසෙසින් ධොවනය කරන ලද්දී ද වෙයි; සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසංකල්පය කම්පිත ධොවිත සන්‍ධොවිත නිද්ධොවිත ද වෙයි; සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය ... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය... සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය... සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය... සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය... සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධුත-ධොවිත-සන්‍ධොවිත-නිද්ධොවිත වූවා ද වෙයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංසංකාරයෝ ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. රහත්හු මේ ධොනධර්‍මයන්ගෙන් උපේත වූවාහු සමුපෙතඋපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්‍වාගත වූවාහු වෙති; එහෙයින් රහත්හු ධොනයහ; ඔහු ධුතරාගයහ ධුතපාපහය ධුතක්ලෙශයහ ධුතපරිදාහ නුයි ‘ධොන’ නම් වෙත්.
ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ධොන සඞ්ඛ්‍යාත ක්‍ෂීණාස්‍රව තෙමේ (මසැසින් හෝ දිවැසින් දුටු) රූපායතනය (ත්‍රිවිධ මඤ්ඤනායෙන්) නො සිතයි, රූපායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, රූපායතනයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, රූපායතනය මාගේ යැයි නො සිතයි; ශබ්දායතනය ත්‍රිවිධ මඤ්ඤනායෙන් ආත්මයයි නො සිතයි, ශබ්දායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, ශබ්දායතනයෙන් පිටත (අන්‍ය) වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, ශබ්දායතනය මාගේ යයි නො සිතයි; (ගන්‍ධ-රස-ඵොට්ඨබ්බායතන සඞ්ඛ්‍යාත) මුතය ආත්මයයි නො සිතයි, මුතයෙහි ආත්මය ඇතැයි නො සිතයි, මුතයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, මුතය මාගේ යයි නො සිතයි; (සිතින් දැනගත් සප්තායතන සඞ්ඛ්‍යාත) විඥානය ආත්මයයි නො සිතයි, විඥානයෙහි ආත්මය ඇතැයි නො සිතයි, විඥානයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, විඥානය මාගේ යයි නො සිතයි. මේ වදාරන ලද මැය භාග්‍යවතුන් විසින්: