10. 10.
වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ඒ රහත්හු ‘උපශාන්ත ය’යි කියමි. ඔහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ විද්‍යමාන නො වෙති. හෙතෙම තෘෂ්ණාව තරණය කෙළේ යි.
තං බ්‍රෑමි උපසන්තො - (යට දැක්වූ) ඔහු සන්හිඳුණේ යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ නැසූ කෙලෙස් ඇත්තේ යැයි පවසමි ඔහු කියමි බෙණෙමි - දක්වමි - ව්‍යවහාර කෙරෙම් නුයි ‘තං බ්‍රෑමි උපසන්තො’ යනු වේ.
කාමෙසු අනපෙක්ඛිනං - ‘කාමා’ යනු: උදෙස් විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි. වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා. කාමෙසු අනපෙක්ඛිනං - පහවූ කාම ඇත්තේ හරන ලද - වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇත්තේ; කාමයන්හි පහවූ රාග ඇත්තේ විගතරාග වූයේ ත්‍යක්තරාග වාන්තරාග මුක්තරාග - ප්‍රහීණරාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනං’ යනු වේ.
ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ‘ගන්‍ථා’ යනු: ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යැයි; තමා ගන්නා ලද දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය හා නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය දැඩිව ගැනීම ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, තමා (නුනුවණින්) ගත් දෘෂ්ටිය ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යයි. තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ග්‍රන්‍ථයෝ ඔහුට නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ සමුච්ඡින්නයහ සන්හිඳුණාහ, දාරලන ලද්දාහු අභව්‍යොත්පත්තිකයහ ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි - ‘ගන්‍ථා තස්ස න විජ්ජන්ති’ යනු වේ.
අතරී සො විසත්තිකං - ‘විසත්තිකා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. විසත්තිකා - කිනම් අරුතෙකින් ‘විසත්තිකා’ වූ ද යත්? පතළ වූවා නුයි විසත්තිකා යැ, විශාලවූවා නුයි විසත්තිකා යැ, විස්තෘත නුයි විසත්තිකා යැ, විෂමවූවා නුයි විසත්තිකා යැ, ඉවසා නුයි විසත්තිකා යැ, (සිත) වෙසෙසින් හකුළුවා නුයි විසත්තිකා යැ, විසංවාදන කරන්නී නුයි විසත්තිකා යැ, විෂ (=දුඃඛ හේතු කර්‍ම)යට මූල වූවා නුයි විසත්තිකා යැ, විෂඵල ඇත් නුයි විසත්තිකා යැ, විෂපරිභොග ඇත් නුයි විසත්තිකා යැ; තවද විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයෙහි ගණයෙහි ආවාසයෙහි... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි පතළා විස්තාන වූවා නුයි විසත්තිකා නමු. අතරී සො විසත්තිකං- හෙතෙම මේ විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කෙළේ ය, උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කෙළේ ය, ඉක්මැ වූයේ නුයි ‘අතරී සො විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තං බ්‍රෑමි උපසන්තොති -පෙ- අතරී සො විසත්තිකං” යී.
10. 11.
ඒ ක්‍ෂීණාස්‍රව හට පුත්‍රයෝ ද (ගෙරිසරක් ආදි) පසුවර්‍ගයෝ ද නැත්තාහු ය, කෙත් වත් ද නැත. තවද ඔහු කෙරෙහි ශාශ්වතදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය හෝ නො ලැබේ.
න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; පුත්තා - පුත්‍රයෝ සතර දෙනෙකි: අත්‍රජපුත්‍ර යැ, ක්‍ෂෙත්‍රජපුත්‍ර යැ, දින්නකපුත්‍ර යැ, අන්තේවාසික පුත්‍ර යැයි. පසවො - එළුතිරෙළු යැ, කුකුළුහූරු යැ, ඇත්අස්ගවවෙළඹහු යි. ඛෙත්තං - හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි. වත්‍ථුං - ගෙවතු යැ, කොටුවතු යැ, පෙරවතු යැ, පසුවතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ඔහුට පුත්‍රපරිග්‍රහයෙන් (=පුත්‍රයන් ගේ අයැතියෙක්) හෝ... නැත, නො වෙයි විද්‍යමාන නො වෙයි නො ලැබේ; (ඔහු විසින් පරිග්‍රහයෝ) ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නො සුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි. ‘න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති’ යනු වේ.
අත්තා වා පි නිරත්තා වා න තස්මිං උපලබ්හති - අත්තා - ශාශ්වත දෘෂ්ටිය නැත; නිරත්තා - උච්ඡේදදෘෂ්ටිය නැත; ‘ආත්ම’යැ’යි ගතයුත්තෙක් නැත. ‘නිරාත්ම යැ’යි හළයුත්තෙක් නැත; යම් පුද්ගලයකුට (තෘෂ්ණාදි වශයෙන්) ගතයුත්තෙක් නැත් නම්, ඔහුට හළ යුත්තෙක් නැත, යමක් හට හළයුත්තෙක් නැත් නම්, ඔහුට ගතයුත්තෙක් නැත; ගැනීමත් හැරීමත් ඉක්මැ වූ රහත් තෙම වැඩීමත් පිරිහීමත් ඉක්මැවූයේ යැ. හෙතෙම වුසූ බඹසරවස් ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ...ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘අත්තා වා’පි නිරත්තා වා න තස්මිං උපලබ්හති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න තස්ස පුත්තා පසවො -පෙ- න තස්මිං උපලබ්හති” යී.
10. 12.
යම් (රාගාදි) දොසකින් (දිව්‍යමනුෂ්‍යාදි) පාථග්ජනයෝ ද, (ශාසනයෙන් පිටත්හි) මහණබමුණෝ ද, (ඒ රහත්හු රාගරක්ත යැ යනාදීන්) කියන්නාහු නම්, ඒ දෝෂය ඔහු විසින් නො පෙරටු කරන ලද්දේය. එහෙයින් (හෙතෙම) නින්දාවචනයන්හි කම්පා නො වේ.