7.
මහාසමය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහද් භික්ෂූ සමූහයක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙනුත් භගවත් බුදුරජුන් ද බික්සඟන ද දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්.
එ කල්හි “මේ භාග්යවතුන් වහන්සේ වනාහි සැහැ රටැ කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙන් ද භාග්යවතුන් වහන්සේත් භික්ෂූසංඝයාත් දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්. අපි දු භාග්යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමෝ නම්, එළැඹ භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි එක් එක් ගයක් කියන්නමෝ නම් යෙහෙකැ”යි සතර සුදවැසි බඹලෝ වැසි දෙවියනට මේ සිත විය.
2. ඉක්බිති ඒ දෙවියෝ, බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරනු ද, දික් කළ අතක් වක් කරනු ද සෙයින් ම සුදවැසි දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු, භගවත් බුදුරජුන් හමුයෙහි පහළ වූහ. එයට පසු ඒ දෙවියෝ භගවත් බුදුරජුන් වැඳ එක් පසෙකැ සිටියාහ. (ඔවුනතුරෙන්) එක් පසෙකැ සිටියා වූ ම එක් දෙවියෙක් භගවත් බුදුරජුන් හමුයෙහි මේ ගාථාව කී ය: (ගාථාවේ අර්ත්ථය)
“මහ වෙනෙහි මහ මුළුවෙකි.
දෙව්මුළුහු රැස් වූහ.
කෙලෙසුන්ගෙන් නොපැරැදුණු
සඟන දක්නට මේ දම් සමාම් ආමු.”
දෙව්මුළුහු රැස් වූහ.
කෙලෙසුන්ගෙන් නොපැරැදුණු
සඟන දක්නට මේ දම් සමාම් ආමු.”
එ විටැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“එ දහම් සමාම්හි මහණහු තමන් සිත එකඟ කළහ. (තමන් සිත) ඍජු කළහ. රියසැරියක්හු රැහැන් ගෙන (රිය හසුරුවන්නා) මෙන් නැණැත්තෝ ඉඳුරන් රකිත්” යැ යි ගයෙකින් පැවැසී ය.
එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“ඒ තරුණ නාගයෝ (රහත්හු) පසැසි බුදුරජුන් විසින් මොනොවට දැමුණාහු, කෙලෙස් හුල සිඳ, කෙලෙස් කණයම ද සිඳ, රාගද්වේෂ මෝහ ඉන්ද්රකීලය උදුරා පියා, තෘෂ්ණා නැති ව, පිරිසිදු වැ, නිර්මල වැ හැසිරෙත්” යි ගයින් කී ය.
එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු අපායට නො යන්නාහ. මිනිස් කය හැර දෙව්මුළුව සපුරන්නාහ” යි ගයින් කී ය.
3. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මහණුන් අමතා, “මහණෙනි, බොහෝ සෙයින් දස (දහසක්) ලෝදාහි දෙවියෝ තථාගතයන් ද බික් සඟන ද දක්නට මුළුදෙවුණාහු වෙත්. මහණෙනි, ඉකුත් කලැ යම් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුන්ගේ ද, දැන් මගේ (මෙ සමයෙහි) මෙන්, මෙ පරම කොට (මෙ පමණ) ම වූ දෙවියෝ රැස් වූහ. මහණෙනි, අනා කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු ද, ඔවුන්ගේ ද දැන් මගේ (මෙ සමයෙහි) සෙයින්, මෙතෙක් ම (මෙ පමණ) ම දෙවියෝ රැස් වන්නාහ.
මහණෙනි, දේව සමූහයන්ගේ නම් හෙළි කරන්නෙමි. මහණෙනි, දේව සමූහයන්ගේ නම් පෙහෙළි කරන්නෙමි. මහණෙනි, දෙවියන්ගේ නම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි වදාළ සේක.
මහණෙනි, දේව සමූහයන්ගේ නම් හෙළි කරන්නෙමි. මහණෙනි, දේව සමූහයන්ගේ නම් පෙහෙළි කරන්නෙමි. මහණෙනි, දෙවියන්ගේ නම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි වදාළ සේක.
“එසේ ය, වහන් සැ” යි ම එ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
4. “සිලොවක් කියන්නෙමි. යම් තැනෙක බූමාටු දෙවියෝ ඇත් ද, රහත් හු එ තැන් ඇසුරු කළාහු වෙත්. නිවන් කරා මෙහෙයූ සිත් ඇති, සමාධිගත සිත් ඇති,
ලොමුදහ ගැනුම් මැඩැලූ, පිරිසිදු සිතැති, නො කිලිටි වූ, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු ඒ රහත්හු විවික්ත වූ බොහෝ සිංහයන් සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්.”
කිඹුල්වත් පුර අසල වෙනෙහි දී ශාස්තෘහු සස්නැ ඇලුණු පන්සියකට වැඩි සව්වන් දැන, ඉක්බිති ඔවුන් අමතා,
‘මහණෙනි, දේව සමූහයෝ පැමිණියාහ. ඔවුන් දිවැස් නුවණින් දනිවු’ යි වදාළහ. ඔහු ද බුදුරජුන්ගේ හස්න අසා දිවැස උපදවනුවට වැර වැඩූහ.