(4) අවන්දනීයපුග්ගලාදිවණ්ණනා
“දස පුග්ගලා නාභිවාදෙතබ්බා” සෙනාසනක්ඛන්ධකයෙහි වදාළ දස දෙනය. “අඤ්ජලීසාමිචෙන ච” සාමීචිකර්මය සමග අඤ්ජලීකර්මයද ඔවුන්ට නොකටයුතුය. පැන් පිළිවිසීම් තල්වැට ගැණීම් ආදී වූ කඳුවත් ඔවුන්ට නොදැක්විය යුතුය. ඇඳිලි නොබැන්දයුතුය, යන අර්ත්ථයි. “දස්සනං දුක්කටං” ඒ දස දෙනාහටම මෙසේ කරන්නහුට දුක්කටය වේ. “දස චීවරධාරණං” දස දවසක් වැඩිසිවුරක් දැරීම අනුදන්නා ලදය, යන අර්ත්ථයි.
“පඤ්චන්නං වස්සං වුත්ථානං දාතබ්බං ඉධ චීවරං” පස්සහ දැහැමියන්ට හමුවම දියයුතුය. “සත්තන්නං සන්තෙ” දිසාගියේය. උමතු වූයේය. විකලසිත් ඇත්තේය. වේදනාවෙන් පෙළුනේය. යන මොවුන්ටද, උක්ඛිත්තක තිදෙනාහටද යන මේ සත්දෙනාගෙන් සුදුසු ගන්වන්නකු ඇති කල්හි නොහමුවෙහිද දියයුතුය. “සොළසන්නං න දාතබ්බං” චීවරක්ඛන්ධකයෙහි වදාළ සෙසු පණ්ඩකාදී වූ සොළොස් දෙනාහට නොදිය යුතුය.
“කති සතං රත්තිසතං ආපත්තියො ඡාදයිත්වාන” කොපමණ සිය ගණනක් ඇවැත් රාත්රි සිය ගණනක් වසා. “දසසතං රත්තිසතං ආපත්තියො ඡාදයිත්වාන” දහසක් ඇවැත් රෑ සියයක් වසා මේ මෙහි සඞ්ක්ෂෙපාර්ත්ථයයි: යමෙක් දවසක් දවසක් පාසා සියය සියය සඞ්ඝාදිසෙසාපත්තීන්ට පැමිණ දසදවසක් දසදවසක් වසාද, ඔහු විසින් රෑසියයක් ඇවැත් දහසක් වසන ලද්දේ වේ. හෙතෙමේ ඒ සියලු ඇවැත්ම “දසාහපටිච්ඡන්නා”යි පිරිවෙස යාඥාකොට දසරැයක් වැසම ඒ පාරිවාසිකතෙමේ මිදෙන්නේය.
“ද්වාදස කම්මදොසා වුත්තා” අපලොකනකර්මය අධර්මයෙන් ව්යග්රය. අධර්මයෙන් සමග්රය. ධර්මයෙන් ව්යාග්රය. එසේ ඤත්තිකර්මය. ඤත්තිද්විතීය කර්මය - ඤත්තිචතුර්ත්ථකර්මය යන මොවුහුදැ’යි මෙසේ එක් එක් කර්මයෙහි තුන තුනකොට ද්වාදශ කර්ම දොෂයෝ කියන ලදහ.
“චතස්සො කම්මසම්පත්තියො” අපලොකන කර්මය ධර්මයෙන් සමග්රය. සෙස්සෝද එසේය’යි මෙසේ කර්මසම්පත්තීහු සතරක් කියනලදහ.
“ඡ කම්මානි” අධර්මයෙන් ව්යග්රකර්මය, අධර්මයෙන් සමග්රකර්මය, ධර්මප්රතිරූපකයෙන් ව්යග්රකර්මය, ධර්මප්රතිරූපකයන් සමග්රකර්මය, ධර්මයෙන් ව්යග්රකර්මය, ධර්මයෙන් සමග්ර කර්මය’යි මෙසේ කර්මසයක් වදාරණ ලදහ. “එකෙත්ථ ධම්මිකා කතා” එක් කර්මයෙක් ධර්මයෙන් සමග්රකර්මය මැයි මෙහි ධාර්මිකය කරණ ලදැයි යන අර්ත්ථයි. ද්විතීයගාථා විසර්ජනයෙහිද මෙම ධාර්මිකය.
“යං දෙසිතා” යමක්හු දෙසන ලද්දාහුද වදාරණ ලද්දාහුද ප්රකාශකරණ ලද්දාහුද. (ඔවුහුය) “අනන්තජිනෙන” යනාදි තන්හි පර්ය්යන්ත පරිච්ඡෙද භාවරහිත බැවින් නිවන අනන්තයි කියනු ලැබේ. භාග්යවතුන් වහන්සේ විසින් ඒ නිවන රජකු සතුරුසෙනග මැඩගත් රාජ්යය මෙන් ක්ලෙශ ගණය මැඩ දිනන ලද්දේය. වෙසෙසින් දිනන ලද්දේය. අවබොධ කරණ ලද්දේය. පැමිණෙන ලද්දේය. එහෙයින් භාග්යවතුන් වහන්සේ “අනන්තජින”යි කියනු ලැබෙත්. උන්වහන්සේම ඉෂ්ටානිෂ්ට වස්තූන්හි නිර්විකාර බැවින් තාදී සේක. වික්ඛම්භන-තදඞ්ග-සමුච්ඡෙද-පටිප්පස්සද්ධි-නිස්සරණවිවෙක සඞ්ඛ්යාත විවෙක පඤ්චකය දුටහයි විවෙකදස්සී සේක. අනන්තජිනවූ තාදීවූ විවෙකදර්ශීවූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් යම් ආපත්තිස්කන්ධ කෙනෙක් දෙසන ලද්දාහුද, “එකෙත්ථ සම්මති විනා සමථෙහි” යන මෙහි මේ පදසම්බන්ධයය:-ශාස්තෘන් වහන්සේ විසින් යම් සප්තාපත්ති ස්කන්ධ කෙනෙක් දෙසන ලද්දාහුද, එහි එකද ඇවැතකුදු සමථයන්ගෙන් වෙන්ව සමථයන් හැර නොසන්සිඳේ. එහෙත් සමථ සය, අධිකරණ සතර යන මේ සියලු ධර්මයෝ සම්මුඛා විනයයෙන් සන්සිඳෙත්. සමායොගයට පැණෙත්. මෙහි වනාහි එක් සම්මුඛාවිනයද සමථයන්ගෙන් වෙන්ව සන්සිඳේ. සන්සිඳීමට යයි. ඒ සමථයෙහි අන්සමථයකින් වෙන්ව නොනිපැත්මෙක් නම් නැත්තේය. “එකෙත්ථ සම්මති විනාසමථෙහි”යි එහෙයින් කියන ලදී. මේ අභිප්රායයෙන් අර්ත්ථකථාවන්හි අර්ත්ථය කියන ලද්දේය. අපි වනාහි “විනා” යන නිපාතයාගේ ප්රතිෂෙධමාත්ර අර්ත්ථයක් ගෙණ “එකෙත්ථ සම්මති විනාසමථෙහි” යනු මේ සප්තාපත්ති ස්කන්ධයන් අතුරෙහි එක් පාරාජිකාපත්ති ස්කන්ධය සමථයන්ගෙන් වෙන්ව සන්සිඳේය, යන මේ අර්ත්ථය රුචි කරම්හ. “යා සා ආපත්ති අනවස්සො, සා ආපත්ති න කතමෙන අධිකරණෙන කතම්මහි ඨානෙ න කතමෙන සමථෙන සම්මති”යි මෙද කියන ලද්දේය.