(5) සොළසකම්මාදිවණ්ණනා
“කතිකම්මානි” යනාදී වූ සියලු ගාථාවන්ගේ විසර්ජනය ප්රකටමය.
දුතියගාථාසඞ්ගණිකා වර්ණනාව නිමි
සෙදමොචනගාථා
(1) අවිප්පවාසපඤ්හාවණ්ණනා
සෙදමොචන ගාථාවන්හි - “අසංවාසො” උපෞෂථපවාරණාදි සංවාසයෙන් සංවාසයක් නැත්තේය. “සම්භොගො එකච්චො තහිං න ලබ්හති” අකැප සම්භොගය නොලැබේ. නෑවීම් කැවීම් ආදීවූ පොෂණය මව විසින්ම කරන්නට ලැබේ. “අවිප්පවාසෙන අනාපත්ති” සහාගාරශෙය්යාවෙන් ඇවැත් නොවේ. “පඤ්හොමෙසා කුසලෙහි චින්තිතා” මේ ප්රශ්නය දක්ෂවූ පණ්ඩිතයන් විසින් සිතන ලද්දේය. මේ ප්රශ්න විසර්ජනය ලදරුවාගේ මවවූ මෙහෙණ කෙරෙහි දතයුතුය. ඇයගේ පුත්රයා සඳහාම මෙය කියන ලද්දේය.
අවිස්සජ්ජික ගාථාතොමෝ ගරුබඩුවකින් ගරුබඩුවක් පරිවර්තනය කිරීම සඳහා කියනලදී. මෙහි අර්ත්ථය ගරුභාණ්ඩ විනිශ්චයෙහි කියන ලද්දේමය.
“දස පුග්ගලෙ න වදාමි” සෙනාසනක්ඛන්ධකයෙහි වදාරණ ලද දශ පුද්ගලයන් නොකියමි. “එකාදස වජ්ජියා” මහාක්ඛන්ධකයෙහි යම් දුරු කටයුතු එකොළොස් පුද්ගල කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔවුන්ද නොකියමි. මේ ප්රශ්නය නග්න මහණහු සඳහා කියනලදී.
“කථන්නු සික්ඛාය අසාධාරණො” යන ප්රශ්නය පෙර කරනෑවැමිවූ මහණහු සඳහා කියනලදී. මෙතෙමේ වනාහි කරබඩු පරිහරණය කරන්නට නොලබයි. අන්යයෝ ලබත්. එහෙයින් ශික්ෂාවෙහි අසාධාරණය වේ.
“තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා” යන මේ ප්රශ්නය නිර්මිත කළ බුදුන් සඳහා කියන ලදී.
“අධොනාභි විවජ්ජිය” නාභියෙන් යටහැර. මේ ප්රශ්නය තෙමේ හිස නැති යම් කවන්ධයක්වේද, යමක්හුගේ ලයෙහි ඇස්ද මුඛයද වේද, ඔහු සඳහා කියනලදී.
“භික්ඛු සඤ්ඤාචිකාය කුටිං” යන මේ ප්රශ්නය තණසෙවෙණි කිළිය සඳහා කියනලදී. ද්විතීය ප්රශ්නය සියල්ල මැටිමුවා කිළිය සඳහා කියනලදී.
“ආපජ්ජෙය්ය ගරුකං ඡෙජ්ජවත්ථුං” යන මේ ප්රශ්නය වරද වසන මෙහෙණ සඳහා කියනලදී. ද්විතීය ප්රශ්නය පණ්ඩකාදි අභව්ය පුද්ගලයන් සඳහා කියනලදී. ඒ එකොළොස් දෙන ගිහිභාවයෙහිදීම පාරාජිකයට පැමිණියෝය.
“වාචා” වචනයෙන් නොකියමින් “ගිරං නො ච පරෙ භණෙය්ය” ‘මොවුහු මෙසේ අසත්ය’යි පරපුද්ගලයන් සඳහා ශබ්දයකුදු නොපතුරු වන්නේය, යන මේ ප්රශ්නය “සන්තිං ආපත්තිං නාවීකරෙය්ය සම්පජාන මුසාවාදස්ස හොති” යන මුසාවාදය සඳහා කියන ලදී. අධාර්මික ප්රතිඥාවෙන් නොබැණහුන් ඒ මහණහුට වනාහි මනොද්වාරයෙහි ඇවැතක් නම් නැත්තේය. යම්හෙයකින් ප්රකාශකටයුත්ත ප්රකාශ නොකෙරේද, එයින් මොහුගේ වාග්ද්වාරයෙහි අක්රියාවෙන් මේ ඇවැත උපදීය’යි දතයුතුය.
“සඞ්ඝාදිසෙසා චතුරො” මේ ප්රශ්නය අරුණ නගින කල්හි ග්රාමාන්තරයට ඇතුළත් ගඟඑතෙරට බස්නාවූ මෙහෙණ සඳහා කියනලදී. ඕතොමෝ වනාහි සියගමින් අලුයම් කාලයෙහි නික්ම අරුණනගින කල්හි කියූ ආකාරවූ ගඟඑතෙරට බැසීම පමණ ඇත්තීම රත්තිවිප්පවාස - ගාමන්තරනදීපාර - ගණම්හාඔහී යන යන චතුර්විධ ලක්ෂණයෙන් එකවිටම සඞ්ඝාදිසෙස සතරකට පැමිණෙන්නීය.
“සියා ආපත්තියො නානා” මේ ප්රශ්නය එකට උපසපන් වූ මෙහෙණන් දෙදෙනක සඳහා කියනලදී. ඔවුන් අතුරෙහි මහණුන් වෙත එක් පක්ෂයෙන් උපසපන්වූ මෙහෙණක අතින් ගන්නහුට පාචිත්තිය වේ. මෙහෙණන් වෙත එක් පක්ෂයකින් උපසපන්වූ මෙහෙණක අතින් ගන්නහුට දුක්කටය වේ.
“චතුරො ජනා සංවිධාය” ආචාර්ය්ය තෙමේද, අතැවැසියන් තිදෙනද මසුහයක් වටිනා බඩුවක් සොරාගත්හ. ආචාර්ය්යයාහට මසුතුනක් සාහත්ථිකය. ඇණවීමෙන්ද තුනක්ම වෙති. එහෙයින් ථුල්ලච්චයට පැමිණේ. අන්යයන්හට සාහත්ථික එකෙක, ආණත්තික පසෙක එහෙයින් පාරාජිකයට පැමිණියහ. මේ මෙහි සඞ්ක්ෂෙපයය. විස්තරය වනාහි අදින්නාදාන පාරාජිකයෙහි සංවිධාවහාර වර්ණනාවෙහි කියන ලදී.