(2) දෙසනාගාමිනියාදිවණ්ණනා
“පඤ්ච දෙසනා ගාමිනියො” ලහුකවූ ඇවැත් කඳුපසය. “ඡ සප්පටිකම්මා” පාරාජිකාපත්තිය හැර සෙසු ආපත්තීහුය. “එකෙත්ථ අප්පටිකම්මා” පාරාජිකාපත්තියය.
“විනයගරුකා ද්වෙ වුත්තා” පාරාජිකයද සඞ්ඝාදිසෙසයද, “කායවාචසිකානිච” සියලුම ශික්ෂාපදයෝ කායවාචසිකයහ. මනොද්වාරයෙහි පැණවූ එකද ශික්ෂාපදයෙක් නැත්තේය. “එකො විකාලෙ ධඤ්ඤරසො” ලොණසොවීරකය. මේ එක්ම ධාන්යරසය විකාලයෙහි වටියි. “එකා ඤත්තිචතුත්ථෙන සම්මුති” භික්ඛුනොවාදකසම්මුතියය. ඤත්තිචතුර්ත්ථකර්මයෙන් අනුදත් එකම සම්මුතිය මේමය.
“පාරාජිකා කායිකා ද්වෙ” මහණුන්හට මෛථුනධර්මපාරාජිකාය. මෙහෙණන්හට කායසංසර්ග පාරාජිකාය. “ද්වෙ සංවාස භූමියො” තෙමේම තමන් සමානසංවාසය කරයි. සමග්ර සඞ්ඝතෙමේ හෝ උක්ෂිප්තකයා ඇතුළත් කරයි. කුරුන්දියෙහි වනාහි සමානසංවාසික භූමියද, නානසංවාසභූමියදැයි මෙසේ සංවාස භූමි දෙකක් කියන ලද්දේය. “ද්වින්නං රත්තිච්ඡෙදො” “පරිවාසිකයාහටද, මානත්තචාරිකයාහටද පණවනලද රාත්රිච්ඡෙදයය. “පඤ්ඤත්තා ද්වඞ්ගුලා දෙව” “ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං” යන මේ එකෙක. ද්වඞ්ගුලා වා ද්වෙ මාසං වා” යන මේ එකෙකැයි ද්වඞ්ගුලප්රඥප්තීහු දෙකක් වෙත්.
දුතියගාථාසඞ්ගණිකා වර්ණනා තොමෝ නිමි
“ද්වෙ අත්තානං වධිත්වාන” මෙහෙණ තොමෝ තමන්ට පහරදී ඇවැත් දෙකකට පැමිණේ. පහරදේද, අඩඅඩාද පාචිත්තියාපත්තිය වේ. පහරදේද, නොඅඩාද, දුක්කටාපත්තිය වේ. “ද්වීහි සඞ්ඝො භිජ්ජති” කර්මයෙන්ද, සලාක ගැන්වීමෙන්ද. “ද්වෙත්ථ පඨමාපත්තිකා” මෙහි සියලු විනය පිටකයෙහි උභයප්රඥප්තීන්ගේ වසයෙන් ප්රථමාපත්ති දෙකෙක අන් අයුරකින් වනාහි මහණුන්හට නවයෙක. මෙහෙණන්හට නවයෙකැයි අටළොසක් වෙත්. “ඤත්තියා කරණා ද්වෙ” කර්මයද කර්මාපාදකයදැයි ඤත්ති කෘත්ය දෙකක් වේ. නවතැනෙක කර්මය වේ. දෙතැනෙක කර්මයට පාදකභාවයෙන් සිටියි.
“පාණාතිපාතෙ තිස්සො” නොඋදෙසා වළක් කණීද, ඉදින් මිනිසෙක් මැරේද, පාරාජිකය. යක්ෂප්රෙතයන්ගේ මරණයෙහි ථුල්ලච්චයය. තිරිසන් ගියහුගේ මරණයෙහි පාචිත්තියය යන මේ තුන වෙත්. “වාචා පාරාජිකා තයො” වරද වසන්නියට උක්ඛිත්තයාහට, අනුව පවතින්නියට, අෂ්ටවස්තුකාවට. කුරුන්දියෙහි වනාහි ඇණවීමෙන් සොරකම්හි, මිනීමැරුම්හි, උතුරු මිනිස්දම් උල්ලපනයෙහි’යි මෙසේ තුනක් කියනලදහ. “ඔභාසනා තයො” වසමග පසමග උදෙසා ගුණාගුණ කීමෙහි සඞ්ඝාදිසෙසය. වසමග පසමග හැර අකුයෙන් යට දණමඩලින් උඩ උදෙසා ගුණාගුණ කීමෙහි ථුල්ලච්චය. අකුයෙන් උඩ දණමඩලින් යට උදෙසා ගුණාගුණ කීමෙහි දුක්කටය. “සඤ්චරිත්තෙන වා තයො” පිළිගණියි. විමසයි. නැවත ගෙණඑයි. සඞ්ඝාදිසෙසාපත්තිය වේ. පිළිගණියි විමසයි. නැවත නොගෙණෙයි. ථුල්ලච්චයාපත්තිය වේ. පිළිගනියි. නොවිමසයි. නැවත නොගෙණයි. දුක්කටාපත්තිය වේය’යි මෙසේ සඤ්චරිත්තය කරුණුකොට ආපත්ති ස්කන්ධ තුනක් වෙත්.
“තයො පුග්ගලා න උපසම්පාදෙතබ්බා” උනුවිසිවයස් ඇත්තේය. අවයව හීන වූයේය. අභව්ය තෙමේය යන තිදෙන උපසපන් නොකටයුත්තේය. ඔවුන්ගේ වෙනස කියන ලද්දේමය. තවද මෙහි යමෙක් පාසිවුරෙන් සම්පූර්ණ නොවූයේද, පරිපූර්ණවූයේ යාඥා නොකෙරේද, මොවුහුද අඞ්ගහීන වචනයෙන්ම සඞ්ග්රහ කරණ ලදහ. මාතෘඝාතකාදීහුද, ක්රියාදුෂ්කෘතයෝය, පණ්ඩක උභතොබ්යඤ්ජනක තිරච්ඡානගත සඞ්ඛ්යාතවූ වස්තුවිපත්තියන් හා ම සඞ්ග්රහ කරණ ලදහ’යි දතයුත්තාහ. මෙම කුරුන්දියෙහි කියනලද්දේය. “තයො කම්මානං සඞ්ගහා” ඤත්තිකප්පනාය විප්පකතපච්චත්තය - අතීතකරණයයි. එහි “දදෙය්ය කරෙය්ය” යනාදිභෙදයෝ ඤත්තිකප්පනාය. “දෙති කරොති” යනාදි භෙදය විප්පකතපච්චත්තයයි. “දින්නං කතං” යනාදි භෙදය අතීතකරණ නම. මේ තුනෙන් කර්මයෝ සඞ්ග්රහ කරණු ලබත්. අන් තුනකින්ද කර්මයෝ සඞ්ග්රහ කරණු ලබත්. වස්තුවෙන්ද ඤත්තියෙන්ද අනුශ්රාවණයෙන්ද යන මෙයිනි. වස්තු සම්පූර්ණවූයේ ඤත්ති සම්පූර්ණ වූයේ අනුශ්රාවණ සම්පූර්ණවූයේ කර්මනම් වේ. “තයො කම්මානං සඞ්ගහා”යි එහෙයින් කියනලදී. නාසිතකයෝ තිදෙන නම් “මෙත්තියං භික්ඛුණිං නාසෙථ, දූසකො නාසෙතබ්බො, දසභඞ්ගෙහි සමන්නාගතො සාමණෙරො නාසෙතබ්බො, කණ්ටකං සාමණෙරං නාසෙථ” මෙසේ ලිඞ්ගනාශන - දණ්ඩකර්මනාශන - සංවාසනාශන යන මොවුන්ගේ වසයෙන් නැසිය යුතු තිදෙන දතයුත්තාහ. “තිණ්ණන්නං එකවාචිකා” “අනුජානාමි භික්ඛවෙ ද්වෙ තයො එකානුසාවණෙ කාතුං”යි වදාළ වචනයෙන් තුන් දෙනකුන්ට එක් උපාද්ධ්යායයා විසින් වෙන් වෙන් ආචාර්ය්යයා විසින් එක් අනුශ්රාවණය වටියි.
“අදින්නාදානෙ තිස්සො” පාදයෙහි හෝ අතිරෙකපාදයෙහි හෝ පාරාජිකය. මස්සකට වැඩියෙහි ථුල්ලච්චයය. මස්සෙහි හෝ අඩුමස්සෙහි හෝ දුක්කටය. “චතස්සො මෙථුනපච්චයා” ක්ෂය නොවූ නිමිත්තෙහි පාරාජිකය. සිවු කොටසින් තුන්කොටසක් ක්ෂයවූ නිමිත්තෙහි ථුල්ලච්චයය. විවෘත කළ මුවෙහි දුක්කටය. ජතුමට්ටකයෙහි පාචිත්තියය. “ජින්දන්තස්ස තිස්සො” මෙරමා අයත් වනදෙටු රුකක් සිඳින්නහුට පාරාජිකය. භූතගාමයෙහි පාචිත්තියය. අඞ්ගජාතය සිඳීමෙහි ථුල්ලච්චයය. “පඤ්ච ඡඩ්ඩිතපච්චයා” නොඋදෙසා විෂයක් දමාද, ඉඳින් එයින් මිනිසෙක් මැරේද, පාරාජිකයය. යක්ෂප්රේතයන් කෙරෙහි ථුල්ලච්චයය. තිරිසනකු මළකල්හි පාචිත්තියය. සුක්කවිසට්ඨියෙහි සඞ්ඝාදිසෙසය. ශෛක්ෂ්යයන්හි නිල් තණමතුවෙහි මලමූ දැමීමෙහි දුක්කටය යන මොවුහු දැමූ හෙතුවෙන්වූ පඤ්චාපත්තීහුය.
“පාචිත්තියෙන දුක්කටා කතා” භික්ඛුනොවාදක වර්ගයෙහි දස ශික්ෂාපදයන් අතුරෙහි පාචිත්තිය සමග දුක්කටාපත්තීහු ප්රකාශ කරණලද්දාහුමය යන අර්ත්ථයි. “චතුරෙත්ථ නවකා වුත්තා” ප්රථමශික්ෂාපදයෙහිම අධර්මකර්මයෙහි දෙකෙක, ධර්මකර්මයෙහි දෙකෙකැ’යි මෙසේ නවක සතරක් කියනලද්දාහුය, යන අර්ත්ථයි. “ද්වින්නං චීවරෙන” මහණුන් හමුවෙහි උපසපන් මෙහෙණක්හට සිවුරු දෙන්නහුට පාචිත්තියය. මෙහෙණන් හමුවෙහි උපසපන් මෙහෙණක්හට සිවුරු දෙන්නහුටදැයි මෙසේ මෙහෙණින් දෙදෙනකුට සිවුරු දෙන මහණහුට සිවුර කරණකොට ඇවැත් වේය, යන අර්ත්ථයි.