අධිකරණනිදානාදිවණ්ණනා
“විවාදාධිකරණං කිංනිදානං” යනාදිතන්හි කිනම් නිදානයක් මෝහටදැයි කිංනිදාන නම. කවරය සමුදයෙක් මෝහටදැයි කිංසමුදය නම. කවර ජාතියක් මෝහටදැයි කිංජාති නම. කවර ප්රභවයෙක් මෝහටදැයි කිම්පභව නම. කවර සම්භාරයෙක් මෝහටදැයි කිංසමුට්ඨාන නම. මේ සියල්ල කාරණවෙවචනයෝමය.
“විවාදනිදානං” යනාදිතන්හිද, අට්ඨාරස භෙදකරවස්තුසඞ්ඛ්යාත විවාදය නිදානය මෝහටනුයි විවාදාධිකරණ නම. විවාදය නිසා උපදින විවාදයාගේ වසයෙන් කියනලදී. අනුවාදය නිදානය මෝහටනුයි අනුවාදනිදාන නම. මෙද අනුවාදනිදානය නිසා උපදින අනුවාදයාගේ වසයෙන් කියන ලදී. ආපත්තිනිදානය මොහටනුයි ආපත්තිනිදාන නම. ආපත්තාධිකරණය ප්රත්යයයෙන් ඇවැත් සතරකට පැමිණේයයි මෙසේ ආපත්තිය නිසා උපදින ආපත්තියගේ වසයෙන් මෙය කියනලදී. කෘත්යය නිදානය මෝහටනුයි කිච්චයනිදාන නම. චතුවිධ සඞ්ඝකර්මය කාරණය මෝහටය යන අර්ත්ථයි. උක්ඛිත්තානුවත්තික වූ මෙහෙණගේ තුන්යල දක්වා සමනුභාසනාදීන්ගේ කෘත්යය නිසා උපදින කෘත්යයන්ගේ වසයෙන් මෙය කියනලදී. මේ සිවුවැදෑරුම් අධිකරණයන්ගේ විසර්ජන පක්ෂයෙහි එක් පදයක්හුගේ යෝජනාය. මේ අනුසාරයෙන් සියලු පද යෙදිය යුතුය.
ද්විතීය පෘච්ඡාවෙහි “හෙතුනිදානං” යනාදියෙහි විසර්ජනයෙහි නවවිධ කුශලාකුශලාව්යාකෘත හේතූන්ගේ වසයෙන් හේතුනිදානාදිභාවය දතයුතුය. තෘතීයපෘච්ඡා විසර්ජනයෙහි ව්යඤ්ජනය පමණක් වෙනස් වේ. හෙතුවම මෙහි ප්රත්යයයි කියනලදී.
මූලපෘච්ඡාවිසර්ජනයෙහි “ද්වාදසමූලානි” ක්රොධ උපනාහ යුගලකාදී වූ විවාදමුල් සයය, ලෝභ, ද්වෙෂ, මෝහ තුනය. අලෝභ, අද්වෙෂ, අමෝහ තුනය යන මොවුහු ආද්ධ්යාත්මිකසන්තානයෙහි පැවැති මුල් දොළොස වෙත්. “චුද්දස මූලානි” ඒ මුල් දොළොසම කායවාචා දෙක සමග තුදුසක් වෙත්. “ඡමූලානි” කායාදී වූ සවැදෑරුම් සමුට්ඨානයෝය.
සමුට්ඨාන පෘච්ඡාවිසර්ජනයෙහි අටළොස් භෙදකර වස්තූහු සමුට්ඨානයෝය. ඒ වස්තුව වනාහි මේ අටළොස් භෙදකරවස්තූන් අතුරෙහි නගියි. කාරණභූත වූ මොවුන් කෙරෙන් හෝ උපදියි. ඒ කාරණයෙන් මොවුහු, මොහුට සමුට්ඨානයෝයි කියනු ලැබෙත්. සියලු තන්හි විවාදාධිකරණාපත්ති යනාදි භෙදයෙහි මෙම නය වේ.
“විවාදාධිකරණං ආපත්ති” යනාදි භෙදයෙහි “එකෙන අධිකරණෙන කිච්චාධිකරණෙන” යන මෙය, අධිකරණයන් අතුරෙහි යම් අධිකරණයකින් සන්සිඳේද, එය දක්වන්නට කියනලදී. මොවුහු වනාහි එකාන්තයෙන් කෘත්යාධිකරණයෙන් පමණක්ම නොනසන්සිඳෙන්. පුද්ගලයක්හු සමීපයෙහි දෙසන්නහුට කෘත්යාධිකරණයෙක් නම් නොම ඇත්තේය.
“න කතමෙන සමථෙන” සාවශෙෂාපත්තිය මෙන් නොසන්සිඳේ. එය දෙසට එයින් නැගිට සුද්ධන්තයෙහි පිහිටන්නට නොහැකිය.
“විවාදාධිකරණං හොති අනුවාදාධිකරණං” යනාදී වූ නයතෙමේ ප්රකටමය.
ඉන් ඔබ්බෙහි “යත්ථ සතිවිනයො” යනාදීවූ සම්මුඛාවිනය නොමුදා යමක පෘච්ඡාසයක් කියන ලදහ. ඔවුන්ගේ විසර්ජනයෙන්ම අර්ත්ථය ප්රකාශ කරන ලද්දේය.
සංසෘෂ්ටාදි පෘච්ඡාවන්ගේ විසර්ජනයෙහි “සංසට්ඨා” සතිවිනය පිළිබඳ කර්මවාක්යක්ෂණයෙහිම සමථද්වය සිද්ධ බැවින් සම්මුඛාවිනයයි හෝ සතිවිනයයි හෝ මේ ධර්මයෝ ගැටුනාහ. නොගැටුනාහු නොවෙත්. යම්හෙයකින් වනාහි කෙහෙල් කඳෙහි පත්වැටිමෙන් ඔවුන් වෙන්කොට වෙන්කිරීම දක්වන්නට නොහැක්කාහ. “න ච ලබ්හා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතූං”යි එහෙයින් කියනලදී. හැමතන්හි මෙමනය වේ.
සත්තසමථනිදානවණ්ණනා
“කිං නිදානා” යන පෘච්ඡාවිසර්ජනයෙහි නිදානය මෝහටනුයි නිදාන නම. එහි සඞ්ඝසම්මුඛතා ධම්මාසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා යන මෙය සම්මුඛාවිනයට නිදානයයි. ස්මෘතිවිපුලත්වයට පැමිණි ක්ෂීණාස්රව තෙමේ ලැබූ අපවාද ඇත්තේ සතිවිනයට නිදානයයි. උන්මත්තක භික්ෂුතෙමේ අමූළ්හවිනයට නිදානයයි. යමෙක් දෙසාද, යමකුහට දෙසාද, දෙදෙනාගේ සම්මුඛභාවය පටිඤ්ඤාතකරණයට නිදානයයි. උපන්ඩබර ඇත්තවුන්ගේ අධිකරණය සන්සිඳවන්නට නොහැකිබව යෙභුය්යසිකාවට නිදානයයි. පාපොත්සන්ත පුද්ගල තෙමේ තස්සපාපිය්යසිකාවට නිදානයයි. උපන්ඩබර ඇත්තවුන්ගේ බොහෝවූ අශ්රමණ අද්ධ්යාචාරය තෙමේ තිණවත්ථරකයට නිදානයයි හෙතුප්රත්යයවාරයෝ කියනලද නය ඇත්තාහුමය.