සත්තසමථනිදානවණ්ණනා
“කිං නිදානා” යන පෘච්ඡාවිසර්ජනයෙහි නිදානය මෝහටනුයි නිදාන නම. එහි සඞ්ඝසම්මුඛතා ධම්මාසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා යන මෙය සම්මුඛාවිනයට නිදානයයි. ස්මෘතිවිපුලත්වයට පැමිණි ක්ෂීණාස්රව තෙමේ ලැබූ අපවාද ඇත්තේ සතිවිනයට නිදානයයි. උන්මත්තක භික්ෂුතෙමේ අමූළ්හවිනයට නිදානයයි. යමෙක් දෙසාද, යමකුහට දෙසාද, දෙදෙනාගේ සම්මුඛභාවය පටිඤ්ඤාතකරණයට නිදානයයි. උපන්ඩබර ඇත්තවුන්ගේ අධිකරණය සන්සිඳවන්නට නොහැකිබව යෙභුය්යසිකාවට නිදානයයි. පාපොත්සන්ත පුද්ගල තෙමේ තස්සපාපිය්යසිකාවට නිදානයයි. උපන්ඩබර ඇත්තවුන්ගේ බොහෝවූ අශ්රමණ අද්ධ්යාචාරය තෙමේ තිණවත්ථරකයට නිදානයයි හෙතුප්රත්යයවාරයෝ කියනලද නය ඇත්තාහුමය.
මූලපෘච්ඡාවිසර්ජනය ප්රකටමය. සමුට්ඨානපෘච්ඡාවෙහි කිසිසේත් ‘සත් සමථයන්ගේ සතිස් සමුට්ඨනයෝ කවරහුදැයි කියනලද්දාහු සම්මුඛාවිනය පිළිබඳ කර්මසඞ්ග්රහාභාවයෙන් සමුට්ඨානභාවයෙන් ෂට් සමථයන්ගේම සමුට්ඨනසයක් විභාගකරණ ලදහ. එහි “කම්මස්ස ක්රියා”යි ඤත්තිය දතයුතුය. “කරණං” එම ඤත්තිය තැබියයුතු කාලයෙහි තැබීමය. “උපගමනං” තමන්ගේ එළැඹීමය. තමන් විසින්ම එම කර්මය කිරීමය යන අර්ත්ථයි. “අජ්ඣූපගමනං” ආරාධනයට පැමිණීමය. අන්යවූ සද්ධිවිහාරිකාදීන්ට ‘මේ කර්මය කරව’යි ආරාධනා කිරීමය යන අර්ත්ථයි. “අධිවාසනා” ‘රුච්චති මෙ එතං කරොතු සඞ්ඝො”යි මෙසේ ඉවසීමය. ඡන්දය දීමය යන අර්ත්ථයි. “අප්පටික්කොසනා” “නමෙතං ඛමති මා එවං කරොථ”යි නොවැළකීමය. මෙසේ ෂට්ප්රකාර ෂට්කයන්ගේ වසයෙන් සතිස්සමුට්ඨානයෝ දතයුත්තාහ.
සත්තසමථනානාත්ථාදිවණ්ණනා
නානාර්ත්ථපෘච්ඡා විසර්ජනය ප්රකටමය. අධිකරණපෘච්ඡා විසර්ජනයෙහි “අයං විවාදො නො අධිකරණං” යනු මව්පුත් ආදීන්ගේ විවාදය විරුද්ධවාද බැවින් විවාදනම් වේ. සමථයන්ගෙන් සන්සිඳවියයුතුබවක් නැති බැවින් අධිකරණ නොවේ. අනුවාදාදීන් කෙරෙහිද මෙමනය වේ. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
අධිකරණභෙද වර්ණනාව නිමි
දුතියගාථාසඞ්ගණිකං
චොදනාදිපුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
දෙවන ගාථාසඞ්ග්රහයෙහි “චොදනා” වස්තුවද ආපත්තියද දක්වා චොදනා කිරීමය. “සාරණා” දොසය සිහිකිරීමය. “සඞ්ඝො කිමත්ථාය” සඞ්ඝ සන්නිපාතය කුමක් පිණිසද, “මතිකම්මං පන කිස්ස කාරණා” මන්ත්ර ග්රහණය මතිකර්මැයි කියනු ලැබේ. ඒ කවර කරුණක් නිසාද, යන අර්ත්ථයි.
“චොදනා සාරණත්ථාය” උක්තප්රකාරවූ චොදනාය. ඒ චුදිතක පුද්ගලයා විසින් කළ දොසය සිහිකරවන පිණිසය. “නිග්ගහත්ථාය සාරණා” දොසය සිහිකරවීම වනාහි ඒ පුද්ගලයාහට නිග්රහය පිණිසය. “සඞ්ඝො පරිග්ගහත්ථාය” එහි රැස්වූ සඞ්ඝ තෙමේ විනිශ්චයයෙහි ධාර්මික අධාර්මිකභාවය දැනගනු පිණිසය. ධර්මාධර්මදෙක තුලනය කිරීම පිණිසය. මැනැවින් විනිශ්චය කරණලද්ද නොමැනැවින් විනිශ්චය කරණලද්ද දැනගනු පිණිසය යන අර්ත්ථයි. “මතිකම්මං පන පාටියෙක්කං” සූත්රාන්තික ස්ථවිරවරුන්ගේද විනයධරස්ථවිරවරුන්ගේද මන්ත්රග්රහණය වෙන්වෙන්ව විනිශ්චය නිමවනු පිණිසය.
“මා ඛො පටිඝං” චුදිතකයා කෙරෙහි හෝ චොදකයා කෙරෙහි හෝ කොපයක් නොඋපදව “සචෙ අනුවිජ්ජකො තුවං” ඉදින් තෝ සඟමැදට බට අධිකරණය විනිශ්චය කරන්නට හුන් විනයධරතෙමේය.