සඤ්චරිත්ත ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” යනු සඤ්චරිත්ත ශික්ෂාපදයයි. එහි “පණ්ඩිතා” පාණ්ඩිත්යයෙන් යුක්තය. ඤාණගතියෙන් යුක්තයි. “ව්යත්තා” විශාරදභාවයෙන් යුක්තය. උපායයෙන් යුක්තය. උපාය දන්නීය. විශාරදය. “මෙධාවිනී” නුවණැත්තීය. දුටු දුටුවක් කරන්නීය. “දක්ඛා” දක්ෂය. “අනලසා” උත්ථාන වීර්ය්යයෙන් යුක්තය. “ඡන්නා” සුදුසුය.
“කිස්මිං විය” දුකක් මෙන් ක්ලෙශයක් මෙන් ලජ්ජාවක් මෙන් අපට වේය යන අභිප්රායයි. “කුමාරිකාය වත්තූං” තෙපි මැය ගනිවුයි කුමරිය කාරණකොට කියන්නට.
ආවාහාදියෙහි “ආවාහො” තරුණයාහට අන් කුලයකින් තරුණියක ගෙනඊමය. “විවාහො” තමන්ගේ දැරිය අන්කුලයකට පාවාදීමය. “වාරෙය්යං” අපගේ තරුණයාට තරුණියක දෙනු මැනවැයි ඉල්ලීමය. දින නැකැත් මොහොත පිරිසිඳීම හෝය.
“පුරාණගණකියා” එක් ගණයක්හුගේ භාර්ය්යාවක. ඕතොමෝ ගණකයා ජීවත්වන කල්හි ගණකීයි ප්රසිද්ධවූය. ගණකයා මළකල්හි පුරාණගණකීයි ගිනීමට ගියාය. “තිරොගාමො” පිටත ගමය. අන් ගමක යන අදහසයි. “මනුස්සා” උදායි තෙරුන්ගේ මේ සඤ්චරිත්ත කර්මයෙහි යුත්තප්රයුක්තභාවය දන්නා මනුෂ්යයෝය.
“සුණිසා භොගෙන” යම්භොගයකින් යෙහෙලිතොමෝ පාලනය කටයුත්තීවේද, බත් පිසදීම අවුළු සැපයීම වැළඳවීම ආදීවූ ඒ ආකාරයෙන් පාලනය කළාහුය. “තතො අපරෙන දාසිභොගෙන” මසක් ඉකුත්ව ගිය කල්හි කෙත්කම් කසල හැරදැමීම් දිය ගෙනීම් ආදීවූ යම් පරිභොගයකින් දාසීතොමෝ පාලනය කටයුතුවේද, ඒ ආකාරයෙන් පාලනය කළාහුය. “දුග්ගතා” දිළිදුවූය. කොතැනක හෝ ගිය ස්ත්රිය දිළිඳුවේද, එබඳු කුලයකට ගියාය. “මාය්යො ඉමං කුමාරිකං”, ආර්ය්යතෙමේ මේ කුමරිය දාසීපරිභොගයෙන් පරිභොග නොකරව. “ආහාරුපහාරො” ආහාරයද උපහාරයද, ගැනීමද දීමද අප විසින් කිසිවක් නොගෙනෙන ලදය. නොදෙන ලදය. තී සමග අපගේ ගැනීමක් දීමක් ව්යවහාරයක් නැහැයි දක්වත්. “සමඤෙන භවිතබ්බං අබ්යාවටෙන සමණෙ අස්ස සුසමණො” මහණහු විසින් නම් මෙබදු කර්මයන්හි අව්යාවෘත්තයකු අව්යපාරයකු වියයුතුය. මෙසේ වන්නා වූ මහණතෙමේම යහපත් මහණෙක් වන්නේයයි මෙසේ ඒ උදායී තෙරුන් පහකොට ‘තෝ යව, අපි යුෂ්මතුන් නොදනිමුයි කීය.
“සජ්ජිතො” සියලු උපකරණයෙන් යුක්ත වූයේය. බාහිරොපකරණ අලඞ්කාරයෙන්ද කෙසාදීන්ගේ මනා තැබීම නම්වූ සැරසීමෙන් යුක්තවූයේ හෝයි.
“ධුත්තා” ස්ත්රීධූර්තයෝය. “පරිචාරෙන්තා” මනවඩන රූපාදීන්හි ඔබමොබද හාත්පසද ඉඳුරන් හසුරුවන්නාහු, ක්රීඩා කරන්නාහු, ඇලෙන්නාහුයි කියන ලද්දේ වේ. “අබ්භුතමකංසු” ඉදින් කරන්නේ නම්, තෝ මෙපමණ දිනුයෙහිය. ඉදින් නොකරන්නේ නම් මම මෙපමණැයි ඔට්ටුවක් කළහ. මහණුන්ට ඔට්ටු අල්ලන්ට නොවටියි. යමෙක් කෙරේනම් පැරදුනහු විසින් දියයුතුයයි මහාපච්චරියෙහි කියනලදි.
“කථං හි නාම අය්යො උදායි තඞ්ඛණකං” මෙහි “තං ඛණෙ” යන මෙයින් නොබෝ කාලය කියනු ලැබේ. “තඞ්ඛණිකං” නොබෝකල් අධිකාරය ඇති
“සඤ්චරිත්තං සමාපජ්ජෙය්ය” ස්ත්රී පුරුෂයන් අතර සඤ්චරණභාවයට පැමිණෙන්නේය. යම්හෙයකින් ඒ සඤ්චරණභාවයට පැමිණෙන කිසිවකු යවන ලද්දහු විසින් කිසි තැනක යායුතුවේද, පසුභාගයෙහිද “ඉත්ථියා වා පුරිසමතිං” යනාදිය බැවින් මෙහි ස්ත්රී පුරුෂයෝ අදහස් කරන ලද්දාහුද එහෙයින් ඒ අර්ත්ථය දක්වන්නට “ඉත්ථියා වා පහිතො පුරිසස්ස සන්තිකෙ ගච්ඡති, පුරිසෙන වා පහිතො ඉත්ථියා සන්තිකෙ ගච්ඡති”යි මෙසේ මේ පිළිබඳ පදභාජනය වදාරන ලදී. “ඉත්ථියා වා පුරිසමතිං පුරිසස්ස වා ඉත්ථිමතිං” යන මෙහි ආරොචෙය්යායි යන පාඨශේෂය දතයුතුය. එහෙයින්ම මේ පිළිබඳ පදභාජනයෙහි “පුරිසස්ස මතිං ඉත්ථියා ආරොචෙති, ඉත්ථියා මතිං පුරිසස්ස ආරොචෙති”යි වදාරණ ලද්දේය.
දැන් යම් කරුණක් පිණිස ඔවුන්ගේ මනස අභිප්රාය අද්ධ්යාශය ඡන්දය රුචිය ආරොචනය කෙරේද, එය දක්වනසේක් “ජායත්තනෙ වා ජාරත්තනෙ වා” යනාදිය වදාළ සේක. එහි “ජායත්තනෙ” යනු භාර්ය්යාභාවය නිමිති කොටය. “ජාරත්තෙන” යනු චෞරස්වාමිභාවය නිමිතිකොටය. පුරුෂයාගේ මතය ස්ත්රියට ආරොචනය කරන්නේ භාර්ය්යාභාවය නිමිතිකොට ආරොචනය කෙරේ. ස්ත්රියගේ මතය පුරුෂයාට ආරොචනය කරන්නේ හොරසැමිබව නිමිතිකොට ආරොචනය කෙරේ. තවද පුරුෂයාගේම මතය ස්ත්රියට ආරොචනය කරන්නේ භාර්ය්යාභාවය නිමිතිකොට හෝ නිබඳ භාර්ය්යාභාවය නිමිතිකොට හෝ ආරොචනය කෙරේ. සොර අඹුබව නිමිතිකොට හෝ මිත්ථාචාරභාවය නිමිතිකොට හෝ ආරොචනය කෙරේ. යම්හෙයකින් මේ කාරණය ආරොචනය කරන්නහු විසින් තී මොහුට භාර්ය්යා වන්නෙහියි යන ආදිය කියයුතුවේද, එහෙයින් ඒ කියයුතු ආකාරය දක්වනු පිණිස “ජායත්තනෙ වාති, ජායා භවිස්සති, ජාරත්තනෙ වාති ජාරී භවිස්සසි”, මේ පද පිළිබඳ පදභාජනය වදාරන ලදී. මේ උපායෙන්ද ස්ත්රියගේ මතය පුරුෂයාහට ආරොචනය කිරීමෙහිද, ‘පති භවිස්සසි, සාමිකො භවිස්සසි, ජාරො භවිස්සසි, කියයුතු ආකාරය දතයුත්තේය.
‘අන්තමසො තඞ්ඛණිකායපි” සියලු අන්තිම පරිච්ඡෙදයෙන් යම් මේ ස්ත්රියක් තොමෝ එකෙණෙහි මුහුර්තමාත්රයෙක්හි විසියයුතු බැවින් තඞ්ඛණිකායි කියනු ලැබේ. මුහුත්තිකා යන අර්ත්ථයි. ඇයටද “මුහුත්තිතා” වන්නෙහියි මෙසේ පුරුෂමතය දන්වන්නහුට සඞ්ඝාදිසෙසය වේ. මේ උපායෙන්ම මුහුත්තිකයෙක් වන්නෙහියි මෙසේ පුරුෂයාහට ස්ත්රියගේ මතය දන්වන්නේද සඞ්ඝාදිසෙසයට පැමිණේයයි දතයුතුය.