කායසංසර්‍ග ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” යනු කායසංසර්‍ග ශික්‍ෂාපදයයි. එහි මේ ප්‍රකාශ නොකළ පදයන්ගේ වර්‍ණනාවයි. “අරඤ්ඤෙ විහරති” පරම්පරාවකට අයත් වනයක නොවේ. ජෙතවන විහාරයෙහිම කෙළවර එක් පසෙහි “මක්‍ඛෙගබ්හො” ඒ විහාරයෙහිම මැද ගර්‍භයක් වේ. “සමන්තාපරියාගාරො” - මේ ගර්‍භය හාත්පස නිෂද්‍යශාලාවෙන් කළ පිරිකෙව් ඇත්තේය. ඒ උදායී ස්ථවිරතෙමේ මැද සිවුරැස් ගබඩාවක්කොට පිටත නිෂද්‍යශාලා පරික්‍ෂෙපයෙන් ඇතුළතම වට කැරකැවෙන්නහු විසින් හැසිරෙන්නට යම්සේ හැකිවේද එසේ කෙළේය.
“සුපඤ්ඤත්තං” මැනවින් තබන ලද්දේය. යම් යම් ලෙසකින් යම් යම් අවකාශයක තබන ලද්ද ප්‍රසාද එළවන්නේවේද, ලෝකයා රඳවන්නේද ඒ ඒ ලෙසින් ඒ ඒ අවකාශයෙහි තබන ලද්දේය. හෙතෙමේ වත්හිසින් එක් කිසකුත් නොකරන්නේය. “එකච්චෙ වාතපානෙ විවරන්තො” යම් කවුළු විවෘත කළකල්හි අන්‍ධකාරය වේද, ඒ කවුළු වසමින්
‘එවං වුත්තෙ සා බ්‍රාහ්මණීතං බ්‍රාහ්මණං එතදවොච” මෙසේ ඒ බ්‍රාහ්මණයා විසින් පසසා කියූකල්හි ඒ බැමිණිතොමෝ මේ බමුණු පහන්වූයේ පැවිදිවනු කැමැත්තේයයි හඟනේයයි සලකා වැසියයුතුවූද තමාගේ විප්‍රකාරය පවසන්නී හුදෙක් ඔහුගේ ශ්‍රද්ධාව නැසීම බලාපොරොත්තුවන්නී “එතං කුතො තස්ස උළාරත්තතා” යනාදී වූ වචනය කිවූය. එහි මහත්වූ ප්‍රණීතාධිමුත්ති මෝහටහුයි උළාරත්තා නම. මහත්වූ ප්‍රණීතාධිමුත්තියෙහි භාවය උළාරත්තතා නම. “කුලිත්‍ථිභි” යනාදිතන්හි කුලස්ත්‍රීහු නම් ගෘහසාමිනීත්‍රය කුලදුහිතත්හු නම් පුරුෂයන් අතරට ගිය කුලදුහිතෲහුය. කුලකුමාරීහු නම් සරණ නොගිය කුලදුහිතෲයයි කියනු ලැබෙත්. කුලසුණ්හා නම් අන්‍යකුලයකින් ආවාහ වශයෙන් ගෙනෙනලද කුලදරුවන්ගේ අඹුවෝය.
“ඔතිණ්ණො” යක්‍ෂාදීන් කරණකොට සත්ත්‍වයන් මෙන් ඇතුළත උපදින රාගයෙන් හෝ ළිං ආදියට සත්ත්‍වයන් මෙන් බටුයේය. යථාස්වභාවය පරීක්‍ෂා නොකොට ඇලිය යුතු තැන ඇලෙමින් තෙමේ හෝ රාගයට බටුයේය. යම්හෙයකින් දෙඅයුරින්ම රාගයෙන් යුක්තවූවහුට මේ නම්වේද, එහෙයින් “ඔතිණ්ණනාම සාරත්තො අපෙක්‍ඛවා පටිබද්ධචිත්තො’යි මෙසේ මේ පදයෙහි පදභාජනය වදාරන ලද්දේය.
එහි “සාරත්තො” කායසංසර්‍ග රාගයෙන් මොනවට රත්වූයේය. “අපෙක්‍ඛවා” කායසංසර්‍ගාපෙක්‍ෂාවෙන් අපෙක්‍ෂා ඇත්තේය. “පටිබද්ධචිත්තො” කායසංසර්‍ග රාගයෙන්ම ඒ වස්තුවෙහි පිළිබඳ සිත් ඇත්තේය. “විපරිණතෙන” පිරිසිදු වූ භවඞ්ගසන්තති සඞ්ඛ්‍යාත ප්‍රකෘතිය හැර අන් අයුරකින් පැවති විරූපයට හෝ පෙරළුණු, වෙසෙසින් පෙරළුණු යම් ලෙසකින් පෙරළෙනුයේ විරූපවේද, එසේ පෙරළීසිටි සිතින්, යනු අභිප්‍රායයි.
යම්හෙයකින් රාගාදිය හා ඒ යෙදීම, නොඉක්මවාද, එහෙයින් “විපරිණතන්ති රත්තම්පි චිත්තං” යනාදි නයින් මේ පදෙහි පද බෙදුම වදාරා කෙළවර මෙහි අභිප්‍රෙතාර්‍ත්‍ථය දක්වනසේක් “අපි ච රත්තං චිත්තං ඉමස්මිං අත්‍ථෙ අධිප්පෙතං විපරීණතං” යනු වදාළ සේක.
“තදනුජාතා” එදවස උපන්නාවූ, උපන් කෙණෙහි හෙයින් තෙත් මස්වැදිලි පැහැ ඇත්තාවූ මෙවැන්නියක සමගද කායසංසර්‍ගය නිමිතිකොට සඞ්ඝාදිසෙසය වේ. මෛථුනව්‍යතික්‍රමය නිමිතිකොට පාරාජිකය වේ. රහොනිෂද්‍යස්වාදය නිමිතිකොට පාචිත්තියද වේ. “පගෙව” පළමුකොට
“කායසංසග්ග සමාපජ්ජෙය්‍ය” යනු අත් ගැනීම් ආදියෙන් කය හා යෙදීමට කාය මිශ්‍රික භාවයට පැමිණෙන්නේය. යම්හෙයකින් මෙයට පැමිණෙන්නහුගේ යම් ඒ කාය සංසර්‍ගයක් වේද, එය අර්‍ත්‍ථ වශයෙන් අධ්‍යාචාරය වේ. රාගවසයෙන් ශීල පරිච්ඡෙදය මැඩ පවත්වා අත්ගැනීම් ආදිවසයෙන් පැවති ක්‍රියාය. එහෙයින් ‘අස්ස කායසංසග්ගං සමාපජ්ජෙය්‍ය’ යන මේ පදයයන්හි අර්‍ත්‍ථය සැකෙවින් දක්වනසේක් “අජ්ඣාචාරො වුච්චති”යි පදභාජනය වදාළ සේක.
“හත්‍ථගාහං වා” යනාදිභෙදය මේ පදයෙහි විස්තර විසින් අර්‍ත්‍ථ දැක්ම වේ. එහි හස්තාදීන්ගේ විභාගය දැක්වීම පිණිස “හත්‍ථො නාම කප්පරං උපාදාය” යනාදිය වදාළ සේක. එහි “කප්පරං උපාදාය” යනු දෙවන මහාසන්‍ධිය පටන්. අන් තන්හි මැණික්කටුව පටන් නියඅග තෙක් හස්තයයි. මෙහි අගබාහුව සමග වැළමිට පටන් අදහස් කරන ලදී.
“සුද්ධ කෙසාවාහූ” ආදීන් සමග මිශ්‍ර නොවූ පිරිසිදු කෙස් පිළිබඳමය. “වෙණිං” කෙස්වැටි තුනකින් වෙළා කළ කෙස් කළඹට මේ නමකි. “සුත්තමිස්සා” පස්පැහැති හුයින් කෙස් මිශ්‍රකොට කරන ලදය. “මාලාමිස්සා” සීනිද්ද මල්ආදිය මිශ්‍රකොට කෙස්වැටි තුනකින් වෙළා කරන ලදය. නොගෙතු හෝ හුදු මලින් මිශ්‍රවූ කෙස්කළඹ මෙහි වෙණියයි දතයුතුය. “හිරඤ්ඤමිස්සා” කහවණු මාලාවෙන් මිශ්‍රකොට කරන ලදය. “සුවණ්ණමිස්සා” රන් වැහරියෙන් හෝ හවඩිදම් ආදියෙන් හෝ මිශ්‍රකොට කරන ලදය. “මුත්තාමිස්සා” මුතුවැලින් මිශ්‍ර කොට කරන ලදය. “මණිමිස්සා” හූවලින් ඇවුණු මිණියෙන් මිශ්‍රකොට කරන ලදය. මොවුන් අතුරෙහි යම් කිසි කෙස්කළඹක් ගන්නහුට සඞ්ඝාදිසෙසයම වේ. ‘මම මිශ්‍රක වෙණියක් ගත්තෙමි’යි කියන්නහුට ඇවැතින් මිදීමක් නැත්තේය. මෙහි වෙළු ග්‍රහණයෙන්ම කෙශයද ගන්නා ලද්දහුම වෙති. එහෙයින් යමෙක් එක්ම කෙශයක් ගනීද ඒ මහණහුටද ඇවැත්මය.
“හත්‍ථඤ්ච වෙණිඤ්ච ඨපෙත්‍වා” මෙහි කියූ ලකුණු ඇති අතර සර්‍වප්‍රකාරවූ වෙණියද හැර සෙසු සිරුර අඞ්ගජයි දතයුතුය. මෙසේ පිරිසිඳි අත් ආදීන් අතුරෙහි අත ගැනීම හත්‍ථගාහ නමි. වෙනිය ගැනීම වෙණිගාහ නමි. සෙසු සිරුර පිරිමැඬුම යම්ම අවයවයක පිරිමැඬීමය. යමෙක් ඒ අතගැනීමට හෝ වෙනිය ගැනීමට හෝ යම්ම අවයවයක පිරිමැඩීමට පැමිණෙන්නේනම් ඒ මහණහුට සඞ්ඝාදිසෙස නම් ආපත්ති සමූහයවේය යනු මේ ශික්‍ෂාපදයේ අර්‍ත්‍ථය වේ.