සුක්කවිසට්ඨි ශික්ෂාපද වර්ණනාව
යං පාරාජිකකණ්ඩස්ස සඞ්ගීතං සමනන්තරං
තස්ස තෙරසකස්සායමපුබ්බපදවණ්ණනා
තස්ස තෙරසකස්සායමපුබ්බපදවණ්ණනා
පාරාජික කාණ්ඩයට අනතුරුව යම් තෙරස්සඞ්ඝාදිශෙෂ කාණ්ඩයක් සඞ්ඝායනා කරන ලද්දේ ද, ඒ තෙරස ශිෂ්යාපද කාණඩයේ මේ පෙර නොතිබූ පදවර්ණනාය.
“තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන පන සමයෙන ආයස්මා සෙය්යසකො අනභිරතො බ්රහ්මචරියං චරති” යන මෙහි “ආයස්මා” යනු ප්රියවචනයි. “සෙය්යසකො” යනු මේ මහණහුගේ නාමයයි. “අනභිරතො” විසුරුනු සිත් ඇත්තේ කාමරාග පරිදාහයෙන් හාත්පසින් දැවෙනුයේ ගිහිබව පතමින් නොවේ. “සො තෙන කිසො හොති” ඒ සෙය්යසක තෙමේ ඒ බ්රහ්මචර්ය්යයෙහි ඇලුම් නැති බැවින් කෘශ වූයේ වේ.
“අද්දසා ඛො ආයස්මා උදායි” මෙහි උදායී යනු ඒ තෙරුන්ගේ නාමය වේ. මෙතෙමේ වනාහි සෙය්යසක මහණහුගේ උපාද්ධ්යාය වූ ලාලුදායි නම් වේ. භ්රාන්තමෘගයකු සමාන වූ එතෙමේ නිද්රාරාමනාදියෙහි යෙදුනවුන් අතුරෙහි එක්තරා ලොල් මහණෙකි. “කච්චි නො ත්වං” කච්චි නු ත්වං, යනු පද යෙදුමයි. කිම, තෝ “යාවදත්ථං, භුඤ්ජ” යනාදි තන්හි යම්පමණ ප්රයෝජන වූයේයි යාවදත්ථ නම. යම්පමණ තට හෝජනයෙන් ප්රයෝජනවේද, තෝ යම්පමණ කැමැත්තෙහිද, එපමණ අනුභව කරව, යම්පමණ කල් රෑ හෝ දවල් නිදන්නට කැමැත්තෙහිද, එපමණ කල් නිදව. මැටි ආදියෙන් කය උළා හුණු ආදියෙන් ගටා නෑම යම්පමණ කැමැත්තෙහිද, එපමණ නහව, උදෙසීමෙන්, හෝ පිළිවිසීමෙන් හෝ වත්පිළිවෙතින් හෝ කමටහනින් හෝ ප්රයෝජන නැත්තේයයි මෙය කියන ලද්දේය. “යදා තෙ අනභිරති උප්පජ්ජති”. යම්කලෙක තට කාමරාග වසයෙන් උකටලීබවෙන් විසිරුනු සිත් ඇති බවක් උපදීද, “රාගො චිත්තං අනුද්ධංසෙති” කාමරාගය සිත පෙරළාද ප්රකර්ෂයෙන් පෙරළාද, හසුරුවාද, මලානික කෙරේද “තදා හත්ථෙන උපනික්කමිත්වා අසුචිං මොචෙහි” එකල්හි අතින් වෑයම්කොට ශුක්ර මෝචනය කරව, එසේ කළ කල්හි තාගේ සිතෙහි එකඟබව වන්නේය. මෙසේ උපාද්ධ්යාය තෙමේ ඒ සෙය්යසක මහණහට අනුශාසනා කෙළේය. බාලයෙක් බාලයෙකුට, ගොළුවෙක් ගොළුවෙකුට යම්සේද එසේය.
“තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං” සිහිය හා වැඩ අවැඩ සලකන නුවණ හැර නින්දට බස්නා වූ. එහි කෙසේ නමුත් නින්දට බසින්නවුන් පිළිබඳ අව්යාකෘත භවාඞ්ගවාරය පවත්නේය. ස්මෘතිසම්ප්රජන්යවාරය ගිලෙන්නේය. එසේ නමුත් නිදන කාලයෙහි මනස්කාරය කටයුතුය. දාවල නිදන්නහු විසින් යම්තාක් දිය නෑ මහණහුගේ කෙස් නොවියලේද, ඒතාක් නිදා නැගිටෙන්නෙමියි උත්සාහ සහිතව නිදාගත යුතුය. රෑ නිදන්නහු විසින් මෙතරම් රාත්රිභාගයක් නිදා සඳ හෝ තරුවක් හෝ මෙනම් තැනට පැමිණි කල්හි නැගිටින්නෙමියි උත්සාහ සහිතව නිදාගත යුතුය. බුද්ධානුස්මෘති ආදී දශ කර්මස්ථාන අතුරෙහි සිතට රුචි එක් කර්මස්ථානයක් හෝ අනිත් කර්මස්ථානයත් හෝ ගෙනම නින්දට පැමිණිය යුතුය. මෙසේ කරන්නේම සිහි ඇත්තේ, මොනවට දන්නේ ස්මෘතියද සම්ප්රජන්යයද නොහැරම නින්දට බසීයයි කියනු ලැබේ. බාලවූ ලොල් වූ භ්රාන්තමෘගයන් වැනි මහණෝ මෙසේ නොකළාහුය. “තෙසං මුට්ඨස්සතීතං අසම්පජානානං නිද්දං ඔක්කමත්තානංයි එහෙයින් වදාරන ලදී.
“අපි චෙත්ථ චෙතනා ලබ්හති” යන මෙහිද නින්දෙහි ආස්වාද චේතනාව ඇත්තීය. ලැබෙන්නීය. “අත්ථෙසා භික්ඛවෙ චෙතනා සා ච ඛො අබ්බොහාරිකා” මහණෙනි, මේ ආස්වාද චේතනාව ඇත්තීය. ඒ චේතනාව අවිසයෙහි උපන්බැවින් අව්යවහාරික වන්නීය. ඇවැතට අඞ්ගයක් නොවේ. මෙසේ භාග්යවතුන් වහන්සේ සව්පනාන්ත චේතනාවෙහි අව්යවහාරිකාභාවය දක්වා “එවඤ්චෙ පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ, සඤ්චෙතනිකා සුක්කවිසට්ඨි අඤ්ඤත්ර සුපිනන්තා සඞ්ඝාදිසෙසො”යි අනුප්රඥප්ති සහිත වූ ශික්ෂාපදය පණවා වදාළ සේක.
එහි මේ සුක්කවිසට්ඨියට චේතනාව විද්යාමානවන්නී යයි සඤ්චෙතනා නම. සඤ්චෙතනාවම සඤ්චෙතනිකා නම. විද්යමාන චේතනා මෝහට ඇත්තීනුයි හෝ සඤ්චෙතනිකා නම. යම්හෙයකින් යමක්හට චේතනා සහිත සුක්කවිසට්ඨියවේද හෙතෙමේ දන්නේ මොනවට දන්නේ වේ. මොහුගේ ඒ සුක්කවිසට්ඨිය මොනවට චේතනා වසයෙන් දැන සිතා උපක්රම වශයෙන් මැඩීමෙන් ව්යතික්රමයවේද, එහෙයින් ව්යඤ්ජනයෙහි ආදරය නොකොට අර්ත්ථයම දක්වනු පිණිස “ජානන්තො සඤ්ජානන්තො වෙච්ච අභිවිතරීත්වා විතත්තමො”යි මෙසේ මේ ශිෂ්යාපදයෙහි පදභාජනය වදාළ සේක. එහි “ජානන්තො” යනු උපක්රම කරමියි දන්නේ “සඤ්ජානන්තො” යනු ශුක්ර මුදමියි හැමතින් දන්නේ. ඒ උපක්රමය දන්නා ආකාරය සමග දන්නේ යන අර්ත්ථය. “වෙච්ච” මොචනාස්වාදචෙතනා වශයෙන් සිතා, තදින් කල්පනාකොට “අභිවිතරීත්වා” උපක්රම වශයෙන් මඩිමින් නිසැක සිත යවා, “වීතික්කමො” මෙසේ පැවති යම් ව්යතික්රමයක්වේද, මෙය සඤ්චෙතනිකා ශබ්දයෙහි කෙළපැමිණි යන අර්ත්ථයයි කියන ලද්දේ වේ.