සවිභඞ්ගසික්ඛාපදවණ්ණනා
‘අනිභිජානං’ ‘න+අභිජානං’ නො දන්නේය. යම්හෙයකින් මෙතෙමේ උත්තරිමනුෂ්යධර්මය තමන් කෙරෙහි ඇති බව නො දන්නේ ‘මට මේ ධර්මය ඇතැ’යි කියාද, දැන්වීම හෝ කෙරේද, ඒ ධර්මය මොහුගේ සන්තානයෙහි නො උපන්නේය. නුවණින් ද සාක්ෂාත් නො කරන ලද්දේය. නොවූයේවේය. එහෙයින් මෙහි පදභාජනයෙහි ‘අසන්තං අභුතං අසංවිජ්ජමානං’යි වදාරා ‘අජානන්තො අපස්සන්තො’ යනු වදාරණ ලද්දේය.
‘උත්තරිමනුස්සධම්මං’ උත්තම මනුෂ්ය වූ ධ්යානලාභීන්ගේ ද, ආර්ය්යයන්ගේ ද ධර්මය ය. ‘අත්තූපනායිකං’ තමන් කෙරෙහි ඒ උත්තරිමනුෂ්යධර්මය එළවානුයි හෝ තමන් හෝ ඒ උත්තරිමනුෂ්යධර්මය කෙරෙහි එළවානුයි අත්තූපනායක නම් වේ. ඒ අත්තූපනායිකය මෙසේ කොට දන්වන්නේය යනු හා සම්බන්ධ වේ. පදභාජනයෙහි වනාහි යම්හෙයකින් ‘උත්තරිමනුස්සධම්මො නාම ඣානවිමොක්ඛසමාධිසමාපත්ති ඤාණදස්සනං -පෙ- සුඤ්ඤාගාරෙ අභිරති’ මෙසේ ධ්යානාදී වූ නොයෙක් ධර්මයෝ වදාරණ ලද්දාහු ද, එහෙයින් ඒ සියලු ධර්මයන්ගේ වසයෙන් අත්තූපනායිකභාවය දක්වන සේක් ‘තෙ වා කුසලෙ ධම්මෙ අත්තනි උපනෙති’යි බහුවචනයෙන් දැක්වීම කළ සේක. එහි ‘මේ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහ’යි කියමින් ඒ ධර්ම තමන් කෙරෙහි එළවයි. ‘මම ඒ ධර්මයන් කෙරෙහි දක්නෙමි’යි කියමින් තමන් ඒ ධර්මයන් කෙරෙහි එළවානුයි දතයුතුය.
‘අලමරියඤාණදස්සනං’ මෙහි ලෞකිකලොකොත්තර ප්රඥා තොමෝ ප්රකාරයෙන් දන්නා අර්ත්ථයෙන් ඤාණ නමි. ධර්මය ඇසින් දුටුවක් මෙන් කරන හෙයින් දර්ශනාර්ත්ථයෙන් දස්සනනුයි ඤාණදස්සන නමි. ආර්ය්ය වූ පිරිසිදු වූ උතුම් වූ ඤාණදස්සන නු යි අරියඤාණදස්සන නමි. කෙලෙස් නැසීමෙහි සමර්ත්ථ වූ ප්රමාණවත් වූ අරියඤාණදස්සනය මෙහි ධ්යානාදිප්රභෙද ඇති උත්තරිමනුෂ්යධර්මයෙහි සමර්ත්ථ වූ හෝ අරියඤාණදස්සනය මොහුට නුයි අලමරියඤාණදස්සන නමි. ඒ ආර්ය්යඥානදර්ශනයට සමර්ත්ථ වූ උත්තරිමනුෂ්යධර්මයයි. මෙසේ පදාර්ත්ථසම්බන්ධය දතයුත්තේය. එහි යම් ඥානදර්ශනයකින් හෙතෙමේ අලමරියඤාණ දස්සනයි කියනු ලැබේ ද, එයම දක්වන්නට ‘ඤාණං’ යනු ත්රිවිද්යා ය. ‘දස්සනං’ යනු යම් ඥානයෙක් වේ ද, ඒ දස්සනය. යම් දස්සනයෙක් වේ ද, ඒ ඤාණයි. විද්යාශීර්ෂයෙන් පදභාජනය වදාරණ ලද්දේය. මෙහි සියලු මහද්ගත ලොකොත්තර ප්රඥාවෝ ඤාණයි දතයුතුය.
‘සමුදාචරෙය්ය’ උක්තප්රකාර වූ මේ උත්තරිමනුෂ්යධර්මය අත්තූපනායිකකොට සැලකරන්නේය. ‘ඉත්ථියා වා’ යනාදිය වනාහි සැළ කළ යුතු වූ පුද්ගලයන් දැක්වීමය. මොවුන්ට සැළකළ කල්හි සැළකරන ලද්දේ වේ. දෙව මාර බ්රහ්මයන්ට සැළ කළ කල්හි සැලකරන ලද්දේ නොවේ. ප්රේත යක්ෂ තිර්ය්යග්ගතයන්ට සැළ කළ කල්හි සැළකරන ලද්දේ නොවේ. ‘ඉති ජානාමි, ඉති පස්සාමි’ යන මෙය, එය කියා පෑමෙහි ආකාර දැක්වීමය. මෙහි පදභාජනයෙහි ‘ජානාමහං එතෙ ධම්මෙ, පස්සාමහං එතෙ ධම්මෙ’ යන මෙය ඒ ධ්යානාදී වූ ධර්මයන්හි දැනීම් දැකීම් පිළිබඳ පැවැතුම් දැක්වීමය. ‘අර්ත්ථ ච මෙ එතෙ ධම්මා’ යනාදිය අත්තූපනායිකභාවය දැක්වීමය.
‘තතො අපරෙන සමයෙන’ යනු ඇවැත් පිළිදන්වන කාලය දැක්වීමය. මෙතෙමේ වනාහි දැන්වීම කළ කෙණෙහිම පාරාජිකයට පැමිණේ. ඇවැතට පැමිණියේ වනාහි යම්හෙයකින් අන්හු විසින් චෝදනා කරන ලද්දේ හෝ චෝදනා නොකරන ලද්දේ හෝ පිළිදන්වා ද, එහෙයින් ‘සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා’යි වදාරණ ලද්දේය.
එහි විචාරණු ලබන්නහු කෙරෙහි වනාහි පළමුකොට ‘කිං තෙ අධිගතං’ යනු අධිගමය විචාරීමය. ධ්යානවිමොක්ෂාදීන් අතුරෙහි හෝ ස්රොතාපත්ති මාර්ගාදීන් අතුරෙහි හෝ තා විසින් කුමක් අවබොධ කරණ ලද්දේ ද, යනුයි. ‘කින්ති තෙ අධිගතං’ යනු උපායය විචාරීමය. මේ වනාහි මෙහි අදහස වන්නේය:- ‘කිම? තා විසින් අනිත්යලක්ෂණය ධුරකොට අවබොධ කරණ ලද්දේ ද? දුඃඛ අනාත්ම ලක්ෂණයන් අතුරෙහි එක්තරා එකක් හෝ ධුර කොට අවබොධ කරන ලද්දේ ද? කිම? සමාධි වසයෙන් පිවිස හෝ අවබොධ කරණ ලද්දේ ද? නොහොත් විදර්ශනා වශයෙන් පිවිස අවබොධ කරණ ලද්දේ ද? කිම? එසේ රූපයෙහි පිවිස නොහොත් බාහිරාත්මයෙහි පිවිස අවබොධ කරණ ලද්දේ ද? ‘කදා තෙ අධිගතං’ යනු කාලය විචාරීමය. පූර්වාහන මද්ධ්යාහ්න කාලාදීන් අතුරෙහි කවර කලෙකදැයි කියන ලද්දේය. ‘කත්ථ තෙ අධිගතං’ යනු අවකාශය විචාරීමය. කිනම් අවකාශයෙක්හි, කිම? රෑතන්හි, දිවාතන්හි, රුක්මුලෙක්හි, මණ්ඩපයෙක්හි, කවර විහාරයෙක්හි හෝ යි කියන ලද්දේ වේ. ‘කතමෙ තෙ කිලෙසා පහිණා’ යනු පැහූ කෙලෙස් විචාරීමය. කවර මාර්ගයකින් නැසිය යුතු වූ තාගේ ක්ලේශයෝ ප්රහීණ වූවාහුදැයි කියන ලද්දේ වේ. ‘කතමෙසං ත්වං ධම්මානං ලාභි’ යනු පිළිලද දහම් පිළිබඳ විචාරීමය. තෝ ප්රථම මාර්ගාදීන් අතුරෙහි කවර ධර්ම කෙනකුන් ලාභීදැයි කියන ලද්දේ වේ.
එහෙයින් දැනුදු කිසි මහණෙක් තෙමේ උත්තරිමනුෂ්යධර්මාවබොධයක් ප්රකාශ කරන්නේ නම් හෙතෙමේ මෙපමණකින්ම සත්කාර නො කටයුත්තේය. මේ සතැන පිරිසිදු කරගනු පිණිස ‘තා විසින් කුමක් අවබෝධ කරණ ලද ද, කිම? ධ්යානයක් අවබොධ කරන ලද ද: නොහොත් විමොක්ෂාදීන් අතුරෙහි එක්තරා එකක් අවබොධ කරන ලදදැයි කියයුතුය. යමකු විසින් යම් ධර්මයක් අවබොධ කරණ ලද්දේ ද, ඒ ධර්මය ඔහුට ප්රකට වේ. ඉදින් ‘මෙ නම් ධර්මය මා විසින් අවබෝධ කරන ලදැ’යි කියා නම්, ඉක්බිති ‘කවර අයුරකින් අවබොධ කරන ලද ද අනිත්යාදිලක්ෂණාදීන් අතුරෙහි කුමක් ධුර කොට අටතිස් අරමුණු අතුරෙහි හෝ, රූපාරූප ආධ්යාත්මික බාහිරාදි ප්රභේද වූ ධර්ම අතුරෙහි හෝ කවර කරුණකින් පිවිසදැයි විචාළ යුතුය. යමක්හට යමෙක අභිනිවේශයක් වේ ද, ඒ අභිනිවේශය ඔහුට ප්රකට වේ. ඉදින් මේ නම් මාගේ අභිනිවෙශය ය, මා විසින් මෙසේ අවබොධ කරන ලදැයි කියා නම්, ඉන් පසු ‘කවර කලෙක තා විසින් අවබොධ කරන ලද ද’ කිම? පෙරවරු කාලයෙහි නොහොත් මැදිදවල් ආදීන් අතුරෙහි එක්තරා කාලයෙකදැයි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ කාලය ප්රකට වේ. ඉදින් ‘අසුවල් කාලයෙහි අවබොධ කරන ලදැයි කියා නම්, ඉන්පසු ‘කොතැනක දී තා විසින් අවබොධ කරන ලදද, කිම? දිවා තන්හි නොහොත් රෑ තැන් ආදීන් අතුරෙහි එක්තරා අවකාශයෙක්හිදැයි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ අවකාශය ප්රකට වේ. ඉදින් අසුවල් නම් අවකාශයෙහි දී අවබෝධ කරන ලදැයි කියා නම්, ඉන් පසු ‘තා විසින් කවර නම් ක්ලෙශයෝ ප්රහීණ කරණ ලද්දාහු ද? කිම? ප්රථම මාර්ගයෙන් නැසිය යුත්තාහු ද? නොහොත් ද්විතියාදි මාර්ගයෙන් නැසිය යුත්තාහුදැයි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ මාර්ගයෙන් ප්රහීණ ක්ලෙශයෝ ප්රකට වෙත්. ඉදින් ‘මා විසින් මෙනම් ක්ලෙශයෝ ප්රහීණ කරන ලදහ’යි කියා නම්, ඉන්පසු ‘තෝ කවර ධර්මලාභීවෙහි ද? කිම? ස්රොතාපත්ති මාර්ගය නොහොත් සකෘදාගාමී මාර්ගාදීන් අතුරෙහි එක්තරා එකක් ලාභී වෙහිදැ’යි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ ධර්මය ප්රකට වේ. මම මෙනම් ධර්මලාභී වෙමියි කියා නම්, මෙපමණකිනුදු මොහුගේ වචනය නො ඇදහිය යුතුය. බහුශ්රැත වූ සජ්ඣායනාමාර්ග වර්ණනාවන්හි දක්ෂ වූ භික්ෂූහු මේ සකරුණ පිරිසිදුකොට කියාපාන්නට සමර්ත්ථ වෙති.