අධිමානවත්ථුවණ්ණනා
ඒ අනුප්‍රඥප්තියෙහි ‘අදිට්ඨෙ දිට්ඨසඤ්ඤිනො’ රහත්බව, ඥාන චක්‍ෂුසින් නොදක්නා ලද කල්හිම ‘අප විසින් රහත් බව දක්නා ලද්දේය’යි දුටු හැඟීම් ඇතිව අප්පත්තා යනාදියෙහි ද මේ නය වේ. මේ වනාහි වෙනසය:- ‘අප්පත්තෙ’ තමගේ සන්තානයෙහි උත්පත්ති වශයෙන් නො පැමිණියෙහි. ‘අනධිගතෙ’ මාර්‍ගභාවනාවෙන් අවබෝධ නොකරන ලද්දෙහි. නො ලබන ලද්දෙහි යන අර්‍ත්‍ථයි. ‘අසච්ඡිකතෙ’ ප්‍රතිවෙධ නො කරන ලද්දෙහි. ප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන් හෝ ප්‍රත්‍යක්‍ෂ නොලද්දෙහි. ‘අධිමානෙන’ අධිගතමානයෙන්. ‘අපි පැමිණියම්හ’යි මෙසේ උපන් මානයෙන් යන අර්‍ත්‍ථයි. අධික මානයෙන් හෝ තදමානයෙන් යන අර්‍ත්‍ථයි. ‘අඤ්ඤං ව්‍යාකරිංසු’ රහත්බව ප්‍රකාශ කළාහුය. ‘ඇවැත්නි! අප විසින් රහත්බව පැමිණෙන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය’යි භික්‍ෂූන්ට සැලකළහ. මාර්‍ගයෙන් ප්‍රහීණ නොවූ කෙලෙස් ඇති බැවින් හුදෙක් ශමථ විදර්‍ශනා බලයෙන් යට එබූ කෙලෙස් ඇති ඔවුන්ගේ ‘අපරෙන සමයෙන’ අන් කලෙක. එබඳු හේතුවක යෙදීම ඇති කල්හි ‘රාගාය චිත්තං නමති’ රාගයට සිත නැමේ. රාගය පිණිස නැමේය යන අර්‍ත්‍ථයි. අන්තන්හි ද මේ නිසාය.
‘තඤ්ච ඛො එතං අබ්බොහාරිකං’ ඔවුන්ගේ ඒ මේ රහත්බව පැවසීම අව්‍යවහාරික වේ. ඇවැත් පැණවීමෙහි ව්‍යවහාරයට නොයයි. ඇවැතට අගයක් නොවේ යන අර්‍ත්‍ථයි.
කවරක්හට අධිමානය උපදී ද, කවරක්හට නො උපදී ද යත්:- ආර්‍ය්‍යශ්‍රාවකයාහට වනාහි නො උපදියි. ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ වනාහි මාර්‍ගඵල නිර්‍වාණයෙන් ප්‍රහීණ කළ කෙලෙසුන්ගෙන් ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමෙන් උපන් සොම්නස් ඇත්තේ ආර්‍ය්‍යගුණ ප්‍රතිවෙධයෙහි සැක නැත්තේය. එහෙයින් ස්‍රොතාපන්නාදීන්ට ‘මම සෙදගැමි වෙමි’ යනාදි වශයෙන් අධිමානය නො උපදනේය. දුශ්ශීලයාහට ද නො උපදියි. හෙතෙමේ වනාහි ආර්‍ය්‍යගුණාවබොධයෙහි ආශා නැත්තේමය. හළ කමටහන් ඇති නිද්‍රාරාමතාදියෙහි යෙදුනු සිල්වත්හට ද නො උපදියි. කමටහන් වැඩීමෙහි අප්‍රමත්ත වූ නාමරූප ධර්‍ම මේ මේය යයි තීරණය කොට ‘මේ හේතුව නිසා මේ ඵලය වේය’යි හෙතු පරිග්‍රහයෙන් පහ වූ සැක ඇති කලාප සම්මර්‍ශනයෙන් තිලකුණට නගා සංස්කාර ධර්‍මයන් සම්මර්‍ශනය කරන්නා වූ ආරබ්ධවිදර්‍ශක වූ පිරිසිදු සිල් ඇත්තහුට උපදියි. උපන්නේ ද ශුද්ධශ්මථලාභීයි හෝ ශුද්ධවිදර්‍ශනාලාභීයි හෝ අතර වෙනස තබා ලන්නේය. හෙතෙමේ වනාහි දස වසක් ද විසි වසක් ද තිස් වසක් ද මුළුල්ලෙහි කෙලෙසුන්ගේ නැගිට හැසිරීමක් නො දක්නේ මම සෝවාන් වෙමි, යි හෝ සෙදගැමි වෙමි යි හෝ අනගැමි වෙමි’යි හෝ සලකන්නේය. ශමථවිදර්‍ශනාලාභීහු රහත්බවෙහිම තබන්නේය. ඔහුගේ වනාහි සමාධි බලයෙන් ක්ලෙශයෝ යටපත්ව ගියාහුය. විදර්‍ශනා බලයෙන් සංස්කාරයෝ මැනැවින් පරිග්‍රහණය කරණ ලදහ. එහෙයින් සැට වසක් මුළුල්ලෙහි ද අසූ වසක් මුළුල්ලෙහි ද සිය වසක් මුළුල්ලෙහි ද ක්ලෙශයෝ නැගී නො හැසිරෙත්. නැගී නො සිටිත්. සිත්හසර රහත්හුගේ මෙන් වේ. හෙතෙමේ මෙසේ බොහෝ කලක් මුළුල්ලෙහි කෙලෙසුන්ගේ නැගී හැසිරීමක් නො දන්නේ අතරැ නො සිටම ‘මම රහත්මි’යි සලකයි සිතයි.
සවිභඞ්ගසික්ඛාපදවණ්ණනා
‘අනිභිජානං’ ‘න+අභිජානං’ නො දන්නේය. යම්හෙයකින් මෙතෙමේ උත්තරිමනුෂ්‍යධර්‍මය තමන් කෙරෙහි ඇති බව නො දන්නේ ‘මට මේ ධර්‍මය ඇතැ’යි කියාද, දැන්වීම හෝ කෙරේද, ඒ ධර්‍මය මොහුගේ සන්තානයෙහි නො උපන්නේය. නුවණින් ද සාක්‍ෂාත් නො කරන ලද්දේය. නොවූයේවේය. එහෙයින් මෙහි පදභාජනයෙහි ‘අසන්තං අභුතං අසංවිජ්ජමානං’යි වදාරා ‘අජානන්තො අපස්සන්තො’ යනු වදාරණ ලද්දේය.
‘උත්තරිමනුස්සධම්මං’ උත්තම මනුෂ්‍ය වූ ධ්‍යානලාභීන්ගේ ද, ආර්‍ය්‍යයන්ගේ ද ධර්‍මය ය. ‘අත්තූපනායිකං’ තමන් කෙරෙහි ඒ උත්තරිමනුෂ්‍යධර්‍මය එළවානුයි හෝ තමන් හෝ ඒ උත්තරිමනුෂ්‍යධර්‍මය කෙරෙහි එළවානුයි අත්තූපනායක නම් වේ. ඒ අත්තූපනායිකය මෙසේ කොට දන්වන්නේය යනු හා සම්බන්‍ධ වේ. පදභාජනයෙහි වනාහි යම්හෙයකින් ‘උත්තරිමනුස්සධම්මො නාම ඣානවිමොක්‍ඛසමාධිසමාපත්ති ඤාණදස්සනං -පෙ- සුඤ්ඤාගාරෙ අභිරති’ මෙසේ ධ්‍යානාදී වූ නොයෙක් ධර්‍මයෝ වදාරණ ලද්දාහු ද, එහෙයින් ඒ සියලු ධර්‍මයන්ගේ වසයෙන් අත්තූපනායිකභාවය දක්වන සේක් ‘තෙ වා කුසලෙ ධම්මෙ අත්තනි උපනෙති’යි බහුවචනයෙන් දැක්වීම කළ සේක. එහි ‘මේ ධර්‍මයෝ මා කෙරෙහි ඇත්තාහ’යි කියමින් ඒ ධර්‍ම තමන් කෙරෙහි එළවයි. ‘මම ඒ ධර්‍මයන් කෙරෙහි දක්නෙමි’යි කියමින් තමන් ඒ ධර්‍මයන් කෙරෙහි එළවානුයි දතයුතුය.
‘අලමරියඤාණදස්සනං’ මෙහි ලෞකිකලොකොත්තර ප්‍රඥා තොමෝ ප්‍රකාරයෙන් දන්නා අර්‍ත්‍ථයෙන් ඤාණ නමි. ධර්‍මය ඇසින් දුටුවක් මෙන් කරන හෙයින් දර්‍ශනාර්‍ත්‍ථයෙන් දස්සනනුයි ඤාණදස්සන නමි. ආර්‍ය්‍ය වූ පිරිසිදු වූ උතුම් වූ ඤාණදස්සන නු යි අරියඤාණදස්සන නමි. කෙලෙස් නැසීමෙහි සමර්‍ත්‍ථ වූ ප්‍රමාණවත් වූ අරියඤාණදස්සනය මෙහි ධ්‍යානාදිප්‍රභෙද ඇති උත්තරිමනුෂ්‍යධර්‍මයෙහි සමර්‍ත්‍ථ වූ හෝ අරියඤාණදස්සනය මොහුට නුයි අලමරියඤාණදස්සන නමි. ඒ ආර්‍ය්‍යඥානදර්‍ශනයට සමර්‍ත්‍ථ වූ උත්තරිමනුෂ්‍යධර්‍මයයි. මෙසේ පදාර්‍ත්‍ථසම්බන්‍ධය දතයුත්තේය. එහි යම් ඥානදර්‍ශනයකින් හෙතෙමේ අලමරියඤාණ දස්සනයි කියනු ලැබේ ද, එයම දක්වන්නට ‘ඤාණං’ යනු ත්‍රිවිද්‍යා ය. ‘දස්සනං’ යනු යම් ඥානයෙක් වේ ද, ඒ දස්සනය. යම් දස්සනයෙක් වේ ද, ඒ ඤාණයි. විද්‍යාශීර්‍ෂයෙන් පදභාජනය වදාරණ ලද්දේය. මෙහි සියලු මහද්ගත ලොකොත්තර ප්‍රඥාවෝ ඤාණයි දතයුතුය.
‘සමුදාචරෙය්‍ය’ උක්තප්‍රකාර වූ මේ උත්තරිමනුෂ්‍යධර්‍මය අත්තූපනායිකකොට සැලකරන්නේය. ‘ඉත්‍ථියා වා’ යනාදිය වනාහි සැළ කළ යුතු වූ පුද්ගලයන් දැක්වීමය. මොවුන්ට සැළකළ කල්හි සැළකරන ලද්දේ වේ. දෙව මාර බ්‍රහ්මයන්ට සැළ කළ කල්හි සැලකරන ලද්දේ නොවේ. ප්‍රේත යක්‍ෂ තිර්‍ය්‍යග්ගතයන්ට සැළ කළ කල්හි සැළකරන ලද්දේ නොවේ. ‘ඉති ජානාමි, ඉති පස්සාමි’ යන මෙය, එය කියා පෑමෙහි ආකාර දැක්වීමය. මෙහි පදභාජනයෙහි ‘ජානාමහං එතෙ ධම්මෙ, පස්සාමහං එතෙ ධම්මෙ’ යන මෙය ඒ ධ්‍යානාදී වූ ධර්‍මයන්හි දැනීම් දැකීම් පිළිබඳ පැවැතුම් දැක්වීමය. ‘අර්‍ත්‍ථ ච මෙ එතෙ ධම්මා’ යනාදිය අත්තූපනායිකභාවය දැක්වීමය.