පඨමපඤ්ඤත්තිනිදානවණ්ණනා
‘තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං’ යන මෙහි වෙසාලියං මෙසේ නම් ඇති ස්ත්‍රීලිඞ්ග වශයෙන් පැවැති ව්‍යවහාර ඇති නගරයෙහි. ඒ නගරය වනාහි තෙවරක් ප්‍රාකාර පරික්‍ෂෙපයෙන් නුවර බිම වැඩීම් හේතුවෙන් අතරතුර ගව්ව ගව්ව පමණ පුළුල් කළ බැවින් වෙසාලී යි කියනු ලැබේ. මේ නගරය ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්‍වඥතාවයට පැමිණි කල්හිම හැමතින් මහත්බවට පැමිණියේයයි දතයුතුය. මෙසේ ගොදුරුගම දක්වා ‘මහාවනෙ කූටාගාරසාලායං’යි නිවාස ස්ථානය දැක්වූයේය. එහි මහාවන නම් තෙමේම හටගත් අනෙකකු විසින් රෝපණය නොකළ පිරිසිඳීම් සහිත වූ මහත් වනයයි. කිඹුල්වත්පුරයට සමීප වූ මහාවනය වනාහි හිමවත සමග ඒකාබද්ධ පිරිසිඳීම් රහිතව මහාසමුද්‍රය හා හැපී සිටියේය. මේ මහාවනය එබඳු නොවේ. මෙය පිරිසිදීම් සහිත වූ මහත් වූ වනය නු යි මහාවන නම් වීය. කූටාගාරය ඇතුළත් කොට හස්මඩුලු සෙවනියෙන් කරණලද සියලු ආකාරයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගඳකිළියයි දතයුතුය.
‘අනෙක පරියායෙන අසුභකථං කථෙහි’ නොයෙක් කාරණයන්ගෙන් කෙශාදීන්ගේ වසයෙන් අශුභාකාරය දැක්වීම් වසයෙන් පැවැති තමන්ගේ හා අන්‍යයාගේ ද කරජකායයෙහි නො ඇලීම උපදවන කථාව වදාරණ සේක. ‘අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා -පෙ මුත්තං’යි. කුමක් කියන ලද්දේ වේද, මහණෙනි! බඹයක් පමණ වූ මේ සිරුරෙහි සියලු අයුරින් සොයන්නේ කිසිවෙක් කිසි මුතුවක් හෝ මැණිකක් හෝ වයිරෝඩියක් හෝ අඟිලක් හෝ සඳුනක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදියක් හෝ අණුවක් තරම් වූ පිරිසිදු බවක් නොදකීයි. එහෙත් ඉතා තද දුගඳැති පිළිකුල් කටයුතු වූ නොසිරි දැකුම් ඇති කෙස් ලොම් ආදී වූ නන් වැදෑරුම් වූ අශුචියක්ම දකියි. එහෙයින් මෙහි දුර්‍වල රාගයක් හෝ බලවත් රාගයක් හෝ නො කටයුතුය. හිසෙහි හටගත් කෙශයෝ වෙත්ද ඔවුහු පවා අශුභ ද වෙති. අශුචි ද වෙති. පිළිකුල් ද වෙති. ඔවුන්ගේ ඒ අශුභ අශුචි ප්‍රතික්කුලභාවය ද වර්‍ණ විසින් ද යන පස්කරුණෙන් දත යුතුය. ලොමාදීන් පිළිබඳව ද මෙසේ දතයුතුය. මෙහි මේ සංක්‍ෂෙපයයි. විස්තරය වනාහි විශුද්ධි මාර්‍ගයෙහි කියූ නයින්ම දතයුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එක් එක් කොටසෙහි පස් පස් අයුරකින් බෙදීමෙන් නොයෙක් කාරණයෙන් අශුභ කථාව වදාරණ සේක.
‘අසුභාය වණ්ණං භාසති’ උද්ධුමාතකාදීන්ගේ වසයෙන් අශුභ මාතෘකා තබා පදභාජනීයයෙන් ඒ මාතෘකාව විභජනය කරණ සේක් වර්‍ණනා කරණ සේක් මොනවට විස්තර කරණ සේක් අශුභ කථාවෙහි වර්‍ණනාව කරණ සේක. ‘අසුභභාවනාය වණ්ණං භාසති’ කෙශාදීන් අතුරෙහි හෝ උද්ධුමාතකාදීන් අතුරෙහි හෝ අද්ධ්‍යාත්මික බාහිර වස්තූන් අතුරෙහි හෝ අශුභාකාරය ගෙන පැවැති සිත පිළිබඳ යම් මේ භාවනාවක් වැඩීමෙක් බහුල කිරීමෙක් වේ ද, ඒ අශුභ භාවනාවගේ අනුසස් දක්වන සේක් ‘අසුභභාවනාභියුත්තො භික්‍ඛවෙ භික්‍ඛු කෙසාදීසු වා වත්‍ථුසු උද්ධුමාතකාදිසු වා වත්‍ථුසු පඤ්චඞ්ගසමන්නාගතං තිවිධකල්‍යාණං දසලක්‍ඛණසම්පන්නං පඨමජ්ඣානං පටිලභති. සො තං පඨමජ්ඣානසඞ්ඛාතං චිත්තමඤ්ජුසං නිස්සාය විපස්සනං වඩ්ඪෙත්‍වා උත්තමත්‍ථං අරහත්තං පාපුණාති’යි ගුණය වදාරණ සේක. ගුණය කීර්තනය කරන සේක.
එහි මේ දශලක්‍ෂණ විභාවනයෙහි ප්‍රථමද්ධ්‍යානයාගේ දශලක්‍ෂණයෝය:- විරුද්ධ කාරණයන්ගෙන් වෙන් වූ සිතෙහි පිරිසිදු බව, මද්ධ්‍යම වූ සමාධි නිමිත්තට පැමිණීම, එහි සිත වැදීම, පිරිසිදු සිතෙහි මැදහත් බව, බැලීම, සමථයට පැමිණියහුගේ උපෙක්‍ෂාව, සමථයට පිළිපන් බැවින් ක්ලෙශසංසර්‍ගය හැර එකත්‍වයෙන් වැටහුනු සමාධිහුගේ උපෙක්‍ෂාව, එහි උපන් ධර්‍මයන් නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් ඥානයාගේ කෘත්‍යනිෂ්පත්ති වශයෙන් ශොධනය, ඉන්‍ද්‍රියයන්ගේ එක රසාර්‍ත්‍ථයෙන් එයට අනුරූප වූ වීර්‍ය්‍යය පැවැත්වීමෙන් විශොධනය, ආසෙවනාර්‍ත්‍ථයෙන් විශොධනය, යන මොවුහුයි.
එහි මේ කල්‍යාණ ලක්‍ෂණයෙහි පාළියය: ‘පඨමස්ස ඣානස්ස කො ආදි, කිං භික්‍ඛවෙ මජ්ඣෙ, කිං පරියොසානං, පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි උපෙක්‍ඛානුබ්‍රෑහණා මජ්ඣෙ සංපහංසනා පරියොසානං පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්ධි ආදි. ආදිස්ස කති ලක්‍ඛණානි, ආදිස්ස තීනි ලක්‍ඛණානි. යො තස්ස පරිපන්‍ථො තතො චිත්තං විසුජ්ඣති. විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමාධි නිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්‍ථ චිත්තං පක්‍ඛන්‍දති, යඤ්ච පරිපන්‍ථතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමාධිනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්‍ථ චිත්තං පක්‍ඛන්‍දති, පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීනි ලක්‍ඛණානි. තෙන වුච්චති පඨමජ්ඣානං ආදිකල්‍යාණඤ්චෙව හොති, තිලක්‍ඛණසම්පන්නඤ්චාති.
පඨමස්ස ඣානස්ස උපෙක්‍ඛානුබ්‍රෑහණා මජ්ඣෙ. මජ්ඣස්ස කති ලක්‍ඛණානි, මජ්ඣස්ස තීනි ලක්‍ඛණානි. විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්‍ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්‍ඛති, යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්‍ඛති. යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්‍ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්‍ඛති පඨමස්ස ඣානස්ස උපෙක්‍ඛානුබ්‍රෑහණා මජ්ඣෙ. මජ්ඣස්ස ඉමානි තීනි ලක්‍ඛණානි. තෙන වුච්චති පඨමජ්ඣානං මජ්ඣෙකල්‍යාණඤ්චෙව හොති තිලක්‍ඛණසම්පන්නඤ්චාති.