උපනිධිකථා
උපනිධියෙහි ‘නාහං ගණ්හාමි’ මම නොගනිමියි දැන බොරුකීමෙහිද අදින්නාදානයේ ප්‍රයොග බැවින් දුක්කටය වේ. ‘තෙපි කුමක් කියහුද, මේ භාණ්ඩය මට සුදුසු නොවේ, තොපටද සුදුසු නොවේ’ යනාදිය කියන්නහුටද දුක්කටයම වේ. ‘මා විසින් රහසින් මොහුගේ අතෙහි තබන ලද්දේය, අන් කිසිවෙක් නොදනියි, මට මෙය දෙන්නේද, නොදෙන්නේදැ’යි භාණ්ඩ ස්වාමි විමතිය උපදවානම්, මහණහුට ථුල්ලච්චය වේ. ඒ මහණහුගේ ඵරුෂාදිභාවය දැක ස්වාමිතෙමේ ‘මෙය මට නොදෙන්නේය’යි ධුරනිඃක්ෂෙපය කෙරේද, එහිදී ඉදින් මේ මහණතෙමේ වෙහෙසට පත්කොට එය දෙන්නෙමියි දීමෙහි උත්සාහ සහිත වූයේනම්, ඒ තාක් රකියි. ඉදිනුදු ඔහු දීමෙහි උත්සාහ රහිතවූයේද, භාණ්ඩ ස්වාමිතෙමේ ගැනීමෙහි උත්සාහ සහිතවූයේද රකීමය. ඉදින්වනාහි ඔහු දීමෙහි උත්සාහ රහිතකල්හි භාණ්ඩ ස්වාමිතෙමේ ‘මට නොදෙන්නේය’යි ධුරනිඃක්ෂෙපය කෙරේද, මෙසේ දෙදෙනාගේ ධුරනිඃක්ෂෙපයෙන් මහණහුට පාරාජිකය වේ. ඉදිනුදු මුවෙන් දෙන්නෙමියි කියාද සිතින් වනාහි නොදෙනු කැමැත්තේද. මෙසේද හිමියාගේ ධුරනිඃක්ෂෙපයෙහිදී පාරාජිකය වේ. ඒ උපනිධි නම්වූ රැකීම පිණිස අන්‍යයන් විසින් තමාගේ අත තැබූ භාණ්ඩය, ආරක්ෂා රහිත තැනින් ඨානාචාවනය කොට රක්ෂාස්ථානයක තැබීම පිණිස ගෙන යන්නහුට ඇවැත් නොවේ. සොරසිතිනුදු තුබූතැනින් පහ කරන්නහුට අවහාරයක් නැත්තේය. කුමක්හෙයින්දයත්: තමන්ගේ අතෙහි තුබූ බැවිනි. භණ්ඩදෙය්‍ය වේ. සොරසිතින් පරිභොග කරන්නහුටද මේනයම වේ. තාවකාලිකකොට ගැනීමෙහිද එසේමය. ‘ධම්මං චරන්තො’ යනාදිය කියූනය ඇත්තේමය. මේ වනාහි පාලිවර්ණනාවය.
පෙළින් මිදුනු විනිශ්චය මෙහි පත්තචතුක්කාදි වසයෙන් මෙසේ කියන ලද්දේය: එක් මහණෙක් වනාහි මෙරමාගේ මාහැගි පාත්‍රයෙහි ලොභ උපදවා එය ගෙනයනු කැමැත්තේ මේ පාත්‍රය තුබූතැන මොනවට සලකා තමන්ගේ පාත්‍රයද ඒ පාත්‍රය ලඟම තැබූයේය. ඒ මහණතෙමේ උදෑසන අලුයම් කාලයෙහි අවුත් ධර්මය කියවා නිදන මහතෙරුන්ට ‘ස්වාමීනි! වඳිමි’යි කීයේය. උන්වහන්සේ මේ කවරෙක්දැ’යි ඇසූහ. ‘ස්වාමීනි! මම ආගන්තුක මහණෙක්මි, කල්ඇතිවම යනු කැමැත්තෙමි, ස්වාමිනි! මා විසින් අසුවල් තැන මෙබඳු අස්වැටියක් හා මෙබඳු පාපසුම්බියක් හා පාත්‍රයක් තබන ලද්දේය. ‘ස්වාමීනි! එය ලබන්නෙම්නම් මැනවැ’යි ඔහු කීයේය. ස්ථවිරයන් වහන්සේ එහි ඇතුල්ව එය ගත්හ. එය නගාගැනීමෙහිදීම සොරමහණහුට පාරාජිකය විය. ඉදින් අවුත් ‘නොකල්හි ආවාවූ තෝ කවරෙක් වෙහිදැ’යි ඇසූකල්හි බියවූයේ පලායේද, පාරාජිකයට පැමිණ පලායයි. තෙරුන්ට වනාහි පිරිසිදු සිත්ඇති බැවින් ඇවැත් නොවේ. ස්ථවිරයන් වහන්සේ ‘ඒ පාත්‍රය ගන්නෙමි’යි අන්‍ය පාත්‍රයක් ගත්තාහුද මෙම නයවේ. මෙයවනාහි අන්‍ය වූ එබඳු වූවක්ම ගන්නා කල්හි යෙදෙන්නේය. මනුෂ්‍ය විග්රහයෙහි ආණත්තිසදිස වස්තුවෙහි මෙනි. කුරුන්දියෙහි වනාහි තෙරුන් විසින් ගෙනෙන ලද පාත්‍රය ගෙන යන්නහුගේ පියවරින් කරවිය යුතුයයි කියන ලද්දේය. එය ඒ හා සමාන නොවූවක් ගන්නා කල්හි යෙදෙන්නේය.
ඒ පාත්‍රයයි හඟිමින් තමන්ගේ පාත්‍රය ගෙනදුන්නේය. හිමියා විසින් දුන්බැවින් සොරුට පාරාජිකයක් නැත්තේය. අපිරිසිදු සිතින් ගත්බැවින් දුක්කටය වේ. ඒ පාත්‍රයයි හඟිමින් සොරුගේම පත්‍රය ගෙනදුන්නේය. මෙහිද සොරුට තමන් සතු බැවින් පාරාජිකයක් නැත්තේය. අපිරිසිදු සිතින් ගත්බැවින් දුක්කටයම වේ. සියලු තන්හි තෙරුන්ට ඇවැත් නැත්තේය.
අනිකෙක් ‘පාත්‍රයක් සොරකම් කරන්නෙමි’යි එසේම නිදන තෙරුන් වැන්දේය. මේ කවරෙක්දැ’යි තෙරුන් විචාළ කල්හි ‘ස්වාමීනි! මම ගිලන් මහණෙක්මි, මට එක් පාත්‍රයක් දුනමැනව, ඇතුළුගමට ගොස් බෙහෙතක් ගෙන එන්නෙමි’යි ඔහු කීයේය. ස්ථවිරතෙමේ ‘මෙහි ගිලනෙක් නැත්තේය, මෙතෙමේ සොරෙක් වන්නේය’යි සලකා ‘මේ පාත්‍රය ගෙනයේවා’යි තමාට වෛරී භික්ෂුනමකගේ පාත්‍රයක් ගෙනවුත් දුන්නේය. එය නගා ගන්නා කල්හිද මෙම නයවේ. ඉදින්වනාහි ‘මේ පාත්‍රය වෛරීහුගේමය’ යන හැඟීමෙන් සොරහුගේම පාත්‍රය නගාදේද, කියූනයින්ම තෙරුන්ට පාරාජිකය වේ. සොරුට දුක්කටය වේ. නැවත ‘වෛරීහුගේය’යි හඟිමින් තමන්ගේ පාත්‍රය දේද, කියූනයින්ම දෙදෙනාහටම දුක්කටය වේ.
එක්මහාස්ථවිර නමක් උපස්ථායක වූ එක් තරුණ භික්ෂු නමක්හට ‘පා සිවුරු ගනුව, අසුවල් ගමට ගොස් පිඬු පිණිස හැසිරෙන්නෙමු’යි කීයේය. තරුණ භික්ෂුතෙමේ තෙරුන් පසුපස යනුයේ සොරසිත් උපදවා හිස තුබූ බර කරටගනීද, පාරාජිකයක් නැත්තේය. කුමක්හෙයින්දයත්: අණින් ගත්බැවිනි. ඉදින් වනාහි මගින් ඈත්ව වනයට පිවිසේද, පදවාරයෙන් කරවිය යුත්තේය. නැවත නැවතී විහාරයට අභිමුඛව පලාගොස් විහාරයට පිවිසියේද, උපචාරය ඉක්මීමෙහිදී පාරාජිකය වේ. තවද මහතෙරුන් අඳනය මාරුකරන තැනින් ගමට අභිමුඛව පලායේද ග්රාමොපවාරය ඉක්මවීමෙහි දී පාරාජිකය වේ. ඉදින්වනාහි දෙදෙනම පිඬු පිණිස හැසිර වළඳා හෝ ගෙන හෝ නික්මෙත්ද, ස්ථවිරතෙමේද, එහිදී නැවතත් ‘පාසිවුරු ගනුව, විහාරයට යන්නෙමු’යි ඔහුට කියයි, එහිදී ඔහු පෙරකියූ නයින්ම සොරසිතින් හිස තුබූ බර කරට ගනීද, ඒතාක් රකියි. වනයට පිවිසේද, පදවාරයෙන් කරවිය යුතුය. නැවතී ගමට අභිමුඛවම පලායේද, ග්‍රාමොපචාරය ඉක්මීමෙහිදී පාරාජිකය වේ. ඉදිරියෙහි විහාරයට අභිමුඛව පලාගොස් විහාරයෙහි නොසිට නොඉඳ නොසන්සිඳුනාවූම සොරසිතින් යේද, උපචාරය ඉක්මීමෙහිදී පාරාජිකය වේ. යමෙක්වනාහි නොඅණවන ලදුයේ ගණීද, ඔහුට හිසෙහි බර කරෙහි තැබීම් ආදියෙහිද පාරාජිකය වේ. මගින් පහවීම විහාරයට අභිමුඛව යෑම යනාදී වූ සියල්ල පෙරකියන ලද්දම සමාන වේ.