උදකකථා
ජලයෙහි වනාහි ‘භාජනගතං’ යනු ජලය දුර්ලභ කාලයෙහි ප්රයෝජන ගනු පිණිස කුසමහත්වූ දියඇළි ආදියෙහි ආරක්ෂාකොට තැබූ ජලයයි. ඒ ජලය යම්බඳුනක තබන ලද්දේවේද, ඒ බඳුන තමා හෝ සිදුරක්කොට ගන්නහු පිළිබඳ විනිශ්චය ගිතෙල් තෙල්හි කියූනයින් දතයුත්තේය.
සීමා සිඳ හැරීමෙහිදී වනාහි එක් හටගත් ගස් වැල් පැලෑටි ආදීවූ භූතගාමය සමගද සීමාව බිඳින්නහුට අදින්නාදාන ප්රයොගය බැවින් දුක්කටය වේ. ඒ දුක්කටයද පහරක් පහරක් පාසා සිදුවේ. ඇතුළත සිට පිටතට මුහුණ දී සිඳින්නේ පිටත කෙළවර හෙතුකොට කරවිය යුත්තේය. පිටතසිට ඇතුළට මුහුණු දී සිඳින්නේ ඇතුළත කෙළවර හෙතුකොට කරවිය යුත්තේය. ඇතුළත හා පිටත සිඳින්නේ මැදහැර එය සිඳින්නේ මැද හෙතුකොට කරවිය යුත්තේය. වේල්ල දුර්වලකොට ගෙරින් කැඳවාද, ගම්දරුවන් ලවා හෝ කැඳවාලන්නේද, ඒ ගෙරිහු අවුත් කුරවලින් වේල්ල සිඳිත්ද, ඔහු විසින්ම සිඳින ලද්දී වේ. වේල්ල දුර්වලකොට ගෙරින් ජලයෙහි ප්රවේශ කෙරේද, ගම්දරුවන් ලවා හෝ ප්රවෙශ කරවාද, ඒ ගෙරින් විසින් නංවනලද රැළ, වේල්ල සිඳයෙත්ද ‘ජලයෙහි ක්රීඩා කරවු’යි ගම්දරුවන්ට හෝ කියාද, ක්රීඩා කරන්නවුන් තැතිගන්වාද, ඔවුන් විසින් නැගු රැළද වේල්ල බිඳයෙත්ද, ජලය තුළ හටගත් රුකක් සිඳහරීද, අනිකෙකු ලවා හෝ සිඳවාද, එහි ඇදවැටෙන ඒ රුකෙන්ද නැගූ රැළ වේල්ල සිඳයෙත්ද, ඔහු විසින්ම වේල්ල සිඳින ලද්දී වේ. වේල්ල දුර්වලකොට වැව රකිනු පිණිස වැවෙන් එහි එක් පසකින් බැහැරකළ ජලය හෝ ගොයම් ආදිය පිණිස ජලය නික්මෙන කාණුව හෝ වසාද අන්අතකින් පිටවී යන ජලය යම්සේ මෙහි ඇතුල්වේද, එසේ වේල්ලක් හෝ බඳිද, ඇල හෝ සෘජු කෙරේද, එහි මතුභාගයෙහි තුබූ තමන්ගේ වැව හෝ බිඳීද, නැගීගිය ජලය වේල්ල බිඳගෙනයේද, ඔහු විසින්ම සිඳින ලද්දී වේ. සියලු තන්හි පිටවීගිය ජලයෙහි ඇගීමට අනුරූප වූ අවහාරයෙන් කරවිය යුත්තේය.
ජලය නික්ම යන කාණුව ඇර ජලය බැහැරකරන්නහුටද මේ නයමවේ. ඉදින්වනාහි ඔහු විසින් නියර දුර්වලකළ කල්හි තමන්ගේම ධර්මතාවෙන් අවුත් හෝ නොපණවන ලද ගම්දරුවන් විසින් නංවන ලද්දාවූ හෝ දෙන්නු කුරවලින් නියර සිඳිත්ද තමන්ගේම ධර්මතාවෙන් නොඅණවන ලද්දා වූ ගම්දරුවන් විසින් හෝ ජලයෙහි බස්වන ලද්දාවූ දෙන්නු රැළ නංවත්ද, ගම්දරුවෝ හෝ තුමූම ඇතුල්ව ක්රීඩා කරන්නාහු රැළ නංවත්ද, ජලය තුළ හෝ අන්යයෙකු විසින් සිඳිනු ලබන ගසක් වැටී රැළ නංවාද, නංවනලද ඒ රැළ නියර සිඳිත්ද, ඉදින් නියර දුර්වලකොට වියලි විළෙහි දිය බැහැරකරන ඇල හෝ දිය පිටවන කාණුව හෝ වසාද, අන් තැනකින් යන මගෙහි හෝ නියරක් බඳීද, වියලි ඇල හෝ සෘජුකෙරේද, පසුව වැසිවටකල්හි දිය ගලාඅවුත් නියර බිඳීද, සියලු තැන භණ්ඩදෙය්ය වේ.
යම් මහණෙක් වනාහි නියං කාලයෙහි වියලි විලෙහි නියර යම්තාක් පතුලට පමුණුවා සිඳීද, පසුව වැසි වට කල්හි එහි ආ ආ දිය බැහැරට ගලායේද භණ්ඩදෙය්ය වේ. ඒ හේතුකොට යම්පමණ ගොයම් හටගනීද, එයින් පාදයක් අගනා පමණකුත් නොදෙනුයේ අයිතිකරුවන්ගේ ධුරනිඃක්ෂෙපයෙන් අශ්රමණයෙක් වේ.
සියල්ලන්ට සාධාරණවූ යම් විලක් වේද, ඒ විලෙහි යටි පෙදෙසෙහි ගොයම් කරත්. ගොයම් රකිනු පිණිස විලෙන් මහා දියඇලක් නික්ම කෙත මැදින් යයි. ඒ දිය ඇලද බැසයන හැමකල්හි සර්වසාධාරණ වේ. එයින් කුඩාදියඇල කපා බැහැරකොට තමතමන්ගේ කුඹුරුවලට ජලය ඇතුල් කෙරෙත්. ඒ ජලය අන්හට ගන්නට නොදෙත්. නියං කාලයෙහිම ජලය මඳවූ කල්හි වාරයෙන් වාරය ජලය දෙත්. යමෙක් උදකවාරය පැමිණි කල්හි ජලය නොලබාද, ඔහුගේ ගොයම් මැලවීයේද, එහෙයින් අන්යයන්ගේ වාරයෙහි අනෙකෙක් දියගන්නට නොලබයි. එහි යම් මහණෙක් අනුන් අයත් කුඩාදිය ඇලකින් හෝ කුඹුරකින් හෝ ජලය, සොරසිතින් තමන්ගේ හෝ අන්යයන්ගේ හෝ ඇලකට හෝ කුඹුරකට හෝ ඇතුල් කෙරේද, වනමුවට හෝ පමුණුවාද මොහුට අවහාරයම වේ.
යම් මහණෙක් ‘මට බොහෝ කලක් ගිය කල්හි උදකවාරය වන්නේය, මේ ගොයම්ද මැලවේය’යි අන්යයන්ගේ කුඹුරට ඇතුල් කෙරේද, ඔහුටද අවහාරයම වේ. ඉදින්වනාහි විලෙන් ජලය පිටට ගලානොගියකල්හිද, අන්යයන්ගේ ඇලමුවට ජලය ගලානොආකල්හි හෝ වියලි ඇලටම ගලා එන ජලය අන්යයන්ගේ කුඹුරට නොවැද තමන්ගේම කුඹුරට යම්සේ වදීද, මෙසේ ඒ ඒ තැන බඳීද, විලෙන් ජලය ගලානොගියකල්හි බඳින ලද්දීනම් භණ්ඩදෙය්ය වේ. විලට ගොස් තෙමේම ජලය නිකුත්වන කාණුව ඇරදමා තමන්ගේ කුඹුරට ජලය ඇතුල් කරන්නහුටද අවහාරයක් නැත්තේය. කුමක්හෙයින්දයත්: විල ඇසුරු කොට කුඹුර කළබැවිනි. කුරුන්දි ආදියෙහි වනාහි අවහාරය කියන ලද්දේය. එය ‘වත්ථුං කාලඤ්ච දෙසඤ්ච’ යන මේ ලක්ෂණය හා සමනොවේ. එහෙයින් මහාඅර්ත්ථකථාවෙහි කියන ලද්දම සුදුසු වේ.