5. පාටිදේසනීය
පළමු පිළිදෙස්නී සිකපද වර්ණනාව
“පාටිදෙසනීයා නාම - ඛුද්දකානං අනන්තරා
යෙ ධම්මා අට්ඨ ආරුළ්හා - සඞ්ඛෙපෙනව සඞ්ගහං
තෙසං පවත්තතෙ එසා - සඞ්ඛෙපෙනෙව වණ්ණනා”
යෙ ධම්මා අට්ඨ ආරුළ්හා - සඞ්ඛෙපෙනව සඞ්ගහං
තෙසං පවත්තතෙ එසා - සඞ්ඛෙපෙනෙව වණ්ණනා”
බුද්දකයන්ට අනතුරුව පාටිදෙසනිය නම්වූ යම් ධර්ම අටක් සැකෙවින්ම සඞ්ග්රහයට නගන ලදද, ඔවුන්ගේ මේ වර්ණනාතොමෝ සැකෙවින්ම පවත්නීය.
මෙහි පෙළෙහි යම්හෙයකින් ගිතෙල් තෙල් ආදීහු දක්වන ලදද, ගිතෙල් තෙල් විනවා අනුභව කරන්නියට පාටිදෙසනීය වේ. පෙළෙහි නොආ ගිතෙල් තෙල් ආදී සියල්ලෙහි දුක්කටය වේ. මෙහි සෙස්ස ප්රකටමය. අටවැදෑරුම්වූද මේ පාටිදෙසනිය වනාහි චතුස්සමුත්ථානිකය. කායයෙන්ද, කායවාචායෙන්ද කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
පාටිදෙසනීය වර්ණනාව නිමි
යම් සෙඛියාධර්ම පන්සැත්තෑවක් උදෙසන ලදද, ඔවුන්ට අනතුරුවම සප්ත අධිකරණ නම් ධර්මයෝ උදෙසන ලදහ. ඔවුන්ගේ යම් අර්ත්ථ විනිශ්චයෙක් තෙමේ මහාවිභඞ්ගයෙහි කියන ලද්දේද, භික්ෂුණී විභඞ්ගයෙහිද එය එබඳුමයයි යම්හෙයකින් දනිත්ද, එහෙයින් ඒ ධර්මයන්ගේ අර්ත්ථ වර්ණනාව වෙන්ව නොකියන ලදී. එහි යම් අර්ත්ථ වර්ණනාවක් කියන ලදද, ඒ අර්ත්ථ වර්ණනාව මෙහි කියන ලදමය.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි භික්ෂුණීවිභඞ්ග වර්ණනාව නිමි.
[missing trans]