තෙළෙස්වන සිකපද වර්ණනාව
ත්‍රයොදශ ශික්‍ෂාපදයෙහි - “පරික්‍ඛෙපං අතික්කාමෙන්තියා” එක් පයකින් ඉක්මුනු කල්හි දුක්කටය වේ. දෙවන පයින් ඉක්මුන කල්හි පාචිත්තිය වේ. උපචාරයෙහිද මේනයම වේ.
“අච්ඡින්න චීවරිකාය” යනාදි තන්හි තනවෙළුම් සිවුරම සිවුරැයි දතයුතුය. “ආපදාසු” මහගි තනවෙළුමක්වේද, එය පොරොවා යන්නියටම උපද්‍රවයක් උපදීද, මෙබඳු විපත්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තෙළෙස්වන ශික්‍ෂාපදයයි
නවමඡත්‍ර වර්‍ගයයි
“උද්දිට්ඨා ඛො අය්‍යායො ඡසට්ඨිසතපාචිත්තියාධම්මා” යන මෙහි භික්‍ෂූන්ට ඛුද්දකයෙහි සයානූවෙක. භික්‍ෂුණීන්ට දෙයානූවෙකැයි සියල්ලෝම එක්සිය අටාසූවක් ශික්‍ෂාපදයෝ වෙත්. එයින් සියලු භික්‍ෂුණී වර්‍ගය පරම්පරභොජන ශික්‍ෂාපදය - අනතිරිත්ත භොජන ශික්‍ෂාපදය - ඉතිරි නොකළ දෙයින් එළවා පැවැරීම දක්වන ශික්‍ෂාපදය - ප්‍රණීත භොජන විඤ්ඤත්ති ශික්‍ෂාපදය - අචෙලක ශික්‍ෂාපදය - දුට්ඨුල්ල පටිච්ඡාදන ශික්‍ෂාපදය - ඌනවීසතිවස්සූපසම්පාදන ශික්‍ෂාපදය, මාගමක හා විධානකොට අද්ධාන ගමන ශික්‍ෂාපදය - රාජෙන්තෙපුරප්පවෙසන ශික්‍ෂාපදය - විද්‍යමාන මහණහු නොවිචාරා, නොකල්හි ගාමප්පවෙසන ශික්‍ෂාපදය - නිසීදන ශික්‍ෂාපදය - වස්සිකසාටික ශික්‍ෂාපදය යන මේ දෙවිසි ශික්‍ෂාපදයන් බැහැරකොට සෙසු එක්සිය සසැටක් ශික්‍ෂාපදද ප්‍රාතිමොක්‍ෂාද්දෙශ මාර්‍ගයෙන් උදෙසන ලද්දාහු වෙත්යි දතයුතුය. එහෙයින් “උද්දිට්ඨා ඛො අය්‍යායො ඡසට්ඨිසතපාචිත්තියා ධම්මා - පෙ- එවමෙතං ධාරයාමි’යි කීහ.
එහි මේ සැකෙවින් සමුත්‍ථාන විනිශ්චයයි. ගිරග්ගසමජ්ජ ශික්‍ෂාපදය, චිත්තාගාර ශික්‍ෂාපදය - සඞ්ඝාණී ශික්‍ෂාපදය - ඉත්‍ථාලඞ්කාර ශික්‍ෂාපදය - ගන්‍ධවණ්ණක ශික්‍ෂාපදය - වාසිතක ශික්‍ෂාපදය - විඤ්ඤාතක ශික්‍ෂාපදය - මෙහෙණන් ආදීන් ලවා උබ්බට්ටන පරිමද්දන ශික්‍ෂාපදයෝය යන මේ දශ ශික්‍ෂාපදයෝ අචිත්තක වෙත්. ලොකවද්‍ය වෙත්. මේ මෙහි අධිප්‍රායය. සිතින් වෙන්වද පැමිණිය යුතු බැවින් අචිත්තක වෙත්. සිත ඇති කල්හි අකුශලයෙන්ම පැමිණිය යුතු බැවින් අචිත්තක වෙත්. සිත ඇති කල්හි අකුශලයෙන්ම පැමිණිය යුතු බැවින් ලොකවද්‍ය වෙත්. සෙස්සෝ අචිත්තක වෙත්. ප්‍රඥප්තිවද්‍යයෝම වෙත්. චොරිදට්ඨාපන ශික්‍ෂාපදය - ගාමන්තර ශික්‍ෂාපදය - ආරාම ශික්‍ෂාපදය - ගර්භිණීවර්‍ගයෙහි මුලපටන් ශික්‍ෂාපද සතද කුමාරීභූතවර්‍ගයෙහි මුලපටන් ශික්‍ෂාපද පසද, පුරිසසංසට්ඨ ශික්‍ෂාපදය - පාරිවාසිය ඡන්‍දදාන ශික්‍ෂාපදය - අනුවස්ස වුට්ඨාපන ශික්‍ෂාපදය - එකන්තරිකවුට්ඨාපන ශික්‍ෂාපදය යන මේ එකුන්විසි ශික්‍ෂාපදයෝ සචිත්තක වෙත්. ප්‍රඥප්තිවද්‍ය වෙත්. සෙසු ශික්‍ෂාපදයෝ සචිත්තක වෙත්. ලොකවද්‍ය වෙත්.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි භික්‍ෂුණී විභඞ්ගයෙහි බුද්දක වර්‍ණනාව නිමි
5. පාටිදේසනීය
පළමු පිළිදෙස්නී සිකපද වර්ණනාව
“පාටිදෙසනීයා නාම - ඛුද්දකානං අනන්තරා
යෙ ධම්මා අට්ඨ ආරුළ්හා - සඞ්ඛෙපෙනව සඞ්ගහං
තෙසං පවත්තතෙ එසා - සඞ්ඛෙපෙනෙව වණ්ණනා”
බුද්දකයන්ට අනතුරුව පාටිදෙසනිය නම්වූ යම් ධර්‍ම අටක් සැකෙවින්ම සඞ්ග්‍රහයට නගන ලදද, ඔවුන්ගේ මේ වර්‍ණනාතොමෝ සැකෙවින්ම පවත්නීය.
මෙහි පෙළෙහි යම්හෙයකින් ගිතෙල් තෙල් ආදීහු දක්වන ලදද, ගිතෙල් තෙල් විනවා අනුභව කරන්නියට පාටිදෙසනීය වේ. පෙළෙහි නොආ ගිතෙල් තෙල් ආදී සියල්ලෙහි දුක්කටය වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. අටවැදෑරුම්වූද මේ පාටිදෙසනිය වනාහි චතුස්සමුත්‍ථානිකය. කායයෙන්ද, කායවාචායෙන්ද කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පාටිදෙසනීය වර්‍ණනාව නිමි
යම් සෙඛියාධර්‍ම පන්සැත්තෑවක් උදෙසන ලදද, ඔවුන්ට අනතුරුවම සප්ත අධිකරණ නම් ධර්‍මයෝ උදෙසන ලදහ. ඔවුන්ගේ යම් අර්‍ත්‍ථ විනිශ්චයෙක් තෙමේ මහාවිභඞ්ගයෙහි කියන ලද්දේද, භික්‍ෂුණී විභඞ්ගයෙහිද එය එබඳුමයයි යම්හෙයකින් දනිත්ද, එහෙයින් ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ වර්‍ණනාව වෙන්ව නොකියන ලදී. එහි යම් අර්‍ත්‍ථ වර්‍ණනාවක් කියන ලදද, ඒ අර්‍ත්‍ථ වර්‍ණනාව මෙහි කියන ලදමය.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි භික්‍ෂුණීවිභඞ්ග වර්‍ණනාව නිමි.
[missing trans]