තෙළෙස්වන සිකපද වර්ණනාව
ත්රයොදශ ශික්ෂාපදයෙහි - “එක වස්සං ද්වෙ” එක් අතරක පැවැති එක් අවුරුද්දෙක්හි දෙදෙනක උපසපන් කෙරේද, සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු කියන ලද්දහු හා සමානම වෙති.
තෙළෙස්වන ශික්ෂාපදයයි
අෂ්ටමවූ කුමාරීභූත වර්ගයයි
9. ඡත්තුපාහනවර්ගය
පළමු සිකපද වර්ණනාව
ඡත්ර වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්සා” මග යෑමෙහි එක් ප්රයොගයෙන්ම සත් හා පාවහන් දවසක් නමුදු දරානම් එක්ම ඇවැතක් වේ. ඉදින් මඩ ඇති තැනට පැමිණ වහන් මුදා ඡත්රයම දරමින් යේද දුක්කටය වේ. නැවතද ගස්වැල් ආදිය දැක ජත්රය බැහැරකොට වහන් නැගමයේද, දුක්කටයම වේ. ඉදින් ඡත්රයද බැහැර කොට, වහන්ද මුදා, නැවැත දරානම් නැවැත පාචිත්තිය වේ. මෙසේ ප්රයොග ගණනින් ආපත්තීහු දතයුත්තාහ. සෙස්ස ප්රකටමය. එළකලොම සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
පළමුවන ශික්ෂාපදයයි.
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - “යානෙන යායන්තී” මෙහිද යානයෙන් බැස නැවැත නැවැත නගින්නියට ප්රයොග ගණනින් ආපත්තීහු දතයුත්තාහුය. සෙස්ස ප්රථම ශික්ෂාපදයෙහි කියූනයමය.
දෙවන ශික්ෂාපදයයි
තුන්වන සිකපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “විප්පකිරීයිංසු” මාණික්යයෝ විසුරුණහුය. මෙහිද මෙවුල් ආදී යම්කිසි හුයක්ලා දරන්නියට ප්රයොග ගණනින් ආපත්තීහු වෙත්. සමුත්ථානාදීහු කියූනයම ඇත්තාහුය. හුදෙක් මෙය අකුශල චිත්ත වේ.
තෙවන ශික්ෂාපදයයි
සතරවන සිකපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - හිසෙහි පැළඳිය යුතු ආහරණාදීන් අතුරෙහි යමක් යමක් දරාද, ඒ ඒ ආභරණයාගේ වසයෙන් වස්තු ගණනින් ආපත්තීහු දතයුත්තාහ. සෙස්ස තෘතීය ශික්ෂාපදයෙහි කියූනයමය.
සිවුවන ශික්ෂාපදයයි
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - “ගන්ධවණ්ණකෙන” සඳුන් තුවරලා ඈ සුවඳකින්ද, කසාකල්කාදියකින්ද, (ඇඟ උලා නාන මෙහෙණට ඇවැත්ය) සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු තෘතීය ශික්ෂාපදය හා සමානමවෙත්.
පස්වන ශික්ෂාපදයයි.
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - සියල්ල පඤ්චම ශික්ෂාපදයෙහි කියන ලද්දාහු සමානම වේ.
සවන ශික්ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “උබ්බට්ටාපෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි අත නොමුදා ඇඟ ඉලීම නිමිතිකර එක්ම ඇවැතක් වේ. අත මුද මුදා ඇඟ ඉලීම නිමිතිකර ඇවැත්හු ප්රයොග ගණනින් වෙත්. සම්බාහනය නිමිතිකොටද මෙම නයවේ. “ගිලානාය” යටත් පිරිසෙයින් මගයෑමෙන් වූ පරිශ්රමයෙන්ද ආබාධ සහිත තැනැත්තියට. “ආපදාසු” සොරබිය ආදියෙන් වූ ශරීරකම්පනාදීන් අතුරෙහිය. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු තෘතීය ශික්ෂාපදය හා සමානම වෙත්.
සත්වන ශික්ෂාපදයයි
අට–නව–දසවන සිකපද වර්ණනාව
අෂ්ටමාදීවූ ත්රිවිධ ශික්ෂාපදයන්හි ශික්ෂමාණවලවා සාමණෙරියලවා ගිහිනියලවා යන මෙම වෙනස්බවය. සෙස්ස සප්තම ශික්ෂාපදයෙහි කියන ලද්දාහු සමාන වේ.
අටවන නවවන දසවන ශික්ෂාපදයෝය.
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදශ ශික්ෂාපදයෙහි - “භික්ඛුස්ස පුරතො” අභිමුඛයෙහිම යන අර්ත්ථයි. මේ වනාහි හාත්පස්හි දොළොස් රියන් උපචාරය සඳහා කියන ලද්දේයයි දතයුතුය. සෙස්ස ප්රකටමය. කඨිනසමුත්ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
එකොළොස්වන ශික්ෂාපදයයි
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදශ ශික්ෂාපදයෙහි - “අනොකාසකතං” අසුවල් නම් තැන්හි විචාරමියි මෙසේ නොකළ අවකාශ ඇති එහෙයින්ම අනොකාසකතං, යනු කීහ. “අනාපුච්ඡා” යනුද “අනොදිස්ස” යනුද අසුවල් නම් තන්හි විචාරමි’යි මෙසේ නියම නොකොට හුදෙක් ‘ආර්ය්යය’ විචාරිය යුත්තෙක් ඇත්තේය, විචාරමි’යි මෙසේ කියා. සෙස්ස ප්රකටමය. පදසොධම්මසමුත්ථානිකය. වාචායෙන්ද, වාචාචිත්තයෙන්ද හටගනියි. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.