දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - “සම්බාධෙ” ප්රතිච්ඡන්නාවකාශයෙහි. ඒ අවකාශයෙහි විභාග දක්වනු පිණිස දෙකිසිල්ලය, මුත්ර කරණයයි කියනලදී. ‘එකම්පි ලොමං’ කතුරෙන් හෝ අඩුවෙන් හෝ දැළිපිහියෙන් හෝ යන යම් කිසිවකින් එක් ප්රයොගයකින් හෝ නොයෙක් ප්රයොගයෙන් හෝ එක්ලොමක් හෝ බොහෝ ලොම් හෝ හරවන්නාවූ මෙහෙණට ප්රයොග ගණනින් පාචිත්තියයෝ වෙත්. ලොම් ගණනින් නොවෙත්.
“ආබාධප්පච්චයා” කැසීම්, සොරි ආදීවූ ආබාධ හෙතුවෙන් ලොම් හරවන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. චතුස්සමුත්ථානිකය. කයින් කය වචනයෙන් කය සිතින් හටගනියි. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දෙවන ශික්ෂාපදයයි.
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “තලඝාතකෙ” මූත්රකරණයට පහරදීමෙහි. “අන්තමසො උප්පලපත්තෙන” යන මෙහි පත්රය මහත්ය. කෙසුරකින් හෝ පහර දෙන්නියට ඇවැත්මය.
“ආබාධප්පච්චයා” ගඩයකට හෝ වණයකට හෝ පහරදීම වරද නොවේ. සෙස්ස ප්රකටමය. ප්රථම පාරාජිකසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයි.
තෙවන ශික්ෂාපදයයි.
සතරවන සිකපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - “පුරාණරාජොරොධො” පැරණි ගිහිබැව්හි රජුගේ අන්තඃපුර ස්ත්රියක්. “චිරං චිරං ගච්ඡති” කලින් කල යයි. “ධාරෙථ” හැකිවවුද, “කස්සිදං කම්මං” මේ ක්රියාව කවරක්හුගේදැයි විචාළ කල්හි ආරොචනය නොකළ කල්හිදු මේ මෙහෙණි මා කෙරෙහි සැක කරන්නාහුයයි සිතමින් ‘මේ ක්රියාව මාගේය’යි මෙසේ කිවූය.
“ජතුමට්ටකෙ” ලාකඩින් කළ මටවූ දඩ නිමිතිකොට ගෙණය. වස්තු වශයෙන්ම මේ ජතුමට්ටකය කියනලදී. යම්කිසි දණ්ඩක් ප්රවෙශ කරන්නියට ඇවැත්මය. එහෙයින් ‘අන්තමසො උප්පලපත්තම්පි මුත්තකරණං පවෙයෙති’ වදාළ සේක. මෙද ඉතා මහත්මය. කෙසුර පමණකුදු ප්රවෙශ කරන්නියට ඇවැත්මය. සෙස්ස ප්රකටමය. සමුත්ථානිදීහු තලඝාතක ශික්ෂාවෙහි කියන ලද්ද සමානම වෙත්.
සිවුවන ශික්ෂාපදයයි
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි “අතිගම්භීරං උදකසුද්ධිකං ආදියන්ති” ඉතා ඇතුළට ප්රවෙශකොට ජලයෙන් සෝදන්නී.
‘කෙසග්ගමත්තම්පි අතික්කාමෙති’ පුළුලින් තෙවන ඇඟිල්ල හෝ සිවුවන ඇඟිල්ල හෝ ගැඹුරෙන් පුරුක් දෙකකට වැඩියෙන් කෙසගක් පමණ නමුදු ප්රවෙශකරන්නියට පාචිත්තිය යන අර්ත්ථයි. මහාපච්චරියෙහි එක් ඇඟිල්ලක පුරුක් තුනක් ඇතුල් කිරීම නොලබයි. ඇඟිලි තුනක හෝ සතරක හෝ එකද පුරුකක් ඇතුල් කිරීම නොලබාය’යි මෙය කියන ලද්දේමය. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහුද තලඝාතක ශික්ෂාවෙහි කියන ලද්ද සමානම වෙත්.
පස්වන ශික්ෂාපදයයි.
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - “භත්තවිස්සග්ගං” බත්කිස පානීයෙන ච විධූපනෙන ච උපතිට්ඨිත්වා’ එක් අතකින් පැන්තළුව එක් අතකින් විජනිය ගෙණ පවන් සලමින් සමීපයෙහි සිට යන අර්ත්ථයි. “අච්චාවදති” පෙරද නුඹවහන්සේ මෙසේ අනුභව කළහු, මම මෙසේ උපස්ථාන කෙළෙමි’යි පැවිදි සිරිත් ඉක්මවා ගෘහනිශ්රිත කථා කියාය යන අර්ත්ථයි.
“යං කිඤ්චි පානීයං” පිරිසිදු දියක් හෝ වේවා, මෝරු දී මීරස කිරි ආදීන් අතුරෙහි එක්තරා එකක් හෝ වේවා, “යා කාචි විජනී” යටත් පිරිසයින් සිවුරු කොණක් නමුදු “හත්ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස” මෙහි සිටීම හේතුකොටම පාචිත්තිය කියනලදී. ප්රහාර හේතුවෙන් ඛන්ධකයෙහි දුක්කටය පනවන ලදී.
“දෙති දාපෙති” පැනක් හෝ සූපාදියක් හෝ මෙය පානය කරවු, මෙයින් අනුභව කරවු’යි දේද, මෙයින් පවන් සලමින් අනුභව කරවුයි තල්වැටක් දේද, අනිකකු ලවා හෝ දෙකම දෙවාද, ඇවැත් නොවේ. “අනුපසම්පන්නං ආණාපෙති” වෙත සිටිනු පිණිස හෙරණකට අණ කෙරේද, ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.