ද්වීතිය පාරාජිකය වර්ණනාව
ද්විතීය පාරාජිකයෙහි - “කච්චිනො සා” කිම, ඕතොමෝ, “අවණ්ණො” අගුණ “අකිත්ති නින්දා අයසො” පරිවාරවිපත්ති නොහොත් අනභිමුඛයෙහි ගැරහීම.
“වජ්ජපටිච්ඡාදිකා” මෙද මේ පාරාජිකාවගේ නාමමාත්රයෙක්ම වේ. එහෙයින් පදභාජනයෙහි නොවිචාරණ ලද්දේය. මෙහි සෙස්ස ප්රකටමය.
“සා වා ආරොචෙති” යම් මෙහෙණක් තෙමේ පාරාජිකයට පැමිණියාද, ඕ, තොමෝ සැලකරයි. “අට්ඨන්නං පාරාජිකානං අඤ්ඤතරං” මහණුන් හා සාධාරණ සතරින්. අසාධාරණ සතරින්ද එක්තරා එකක්. මේ පාරාජිකයද පසුව පණවන ලද්දේය. එහෙයින් “අට්ඨන්නං”යි විභඞ්ගයෙහි වදාරණ ලදී. ප්රථම ශික්ෂාපදය සමග යුගල කළ බැවින් මේ අවකාශයෙහි තබන ලදැයි දතයුතුය. “ධුරං නික්ඛිත්තමත්තෙ” ධුරනික්ෂෙප කළ මාත්රයෙහි. මෙහි විස්තර කථාව සප්රාණක වර්ගයෙහි දුට්ඨුල්ල ශික්ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය. එහි වනාහි පාචිත්තියය. මෙහි පාරාජිකය යන මෙම වෙනස වේ. සෙස්ස එබඳුමය. “වජ්ජපටිච්ඡාදිකා” මෙද මේ පාරාජිකාවගේ නාමමාත්රයෙක්ම වේ. එහෙයින් පදභාජනයෙහි නොවිචාරණ ලද්දේය. මෙහි සෙස්ස ප්රකටමය.
ධුරනික්ෂෙප සමුත්ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුක්ඛවෙදනයි.
දෙවන පාරාජික ශික්ෂාපදයයි.
තෘතීය පාරාජිකය වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි “ධම්මෙන” විද්යාමාන වස්තුවෙන්. “විනයෙන” චොදනාකොට සිහිකරවා. මේ ශික්ෂාපදයාගේ පදභාජනය වනාහි ‘යෙන ධම්මෙන යෙන විනයෙන උක්ඛිත්තො සුඋක්ඛිත්තො හොති’ යන මේ අභිප්රාය පමණක් දක්වනු පිණිස වදාරන ලදී. “සත්ථුසාසනෙන” ඤත්තිසම්පත්තියෙන්ද, අනුසාවනසම්පත්තියෙන්ද. මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි “ජිනසාසනෙන බුද්ධසාසනෙන” ජිනසාසනෙන බුද්ධසාසනෙනයි වෙවචනමාත්රයක්ම වදාරණලදී. “සඞ්ඝං වා ගණං වා” යනාදිතන්හි යම් සඞ්ඝ කෙනකුන් විසින් කර්මය කරණ ලද්දේ ද, ඒ සඞ්ඝයා හෝ එහි බොහෝවූ පුද්ගලසඞ්ඛ්යාත ගණයා හෝ එක් පුද්ගලයකු හෝ ඒ කර්මය හෝ නොගණියි. නොඅනුව පවතී. එහි ආදරය නොඋපදවයි යන අර්ත්ථයි. “සමානසංවාසකා භික්ඛූ වුච්චන්ති සහායා” සමාන සංවාසක භික්ෂූහු යහළුවෝයයි කියනු ලැබෙත්. “සො තෙහි සද්ධිං නත්ථි” යන මෙහි එක කර්ම එකුද්දෙස සමසික්ඛතා යන මේ වනාහි සංවාසයය. ඒ මේ සමානවූ සංවාසය මොවුන්ගේනුයි සමානසංවාසකයහ. මෙබඳු භික්ෂූහු මහණක්හු පිළිබඳ ඒ සංවාසයෙහි එක්ව පවත්නා බැවින් සහායහයි කියනු ලැබෙත්. දැන් යම් සංවාසයක් කරණකොට ඔවුහු සමානසං සංවාසකයහය කියන ලද්දාහුද, ඒ ඉවත්කරනු ලැබූ ඔහුට ඔවුන් සමග ඒ සංවාසය නැත්තේය. යම්කෙනකුන් සමග ඒ සංවාසය ඔහුට නැත්තේද, ඔහු විසින් ඒ භික්ෂූහු තමන්ගේ සහායකයෝ නොකරණ ලද්දාහුද එහෙයින් ‘සමානසංවාසකා භික්ඛූ වුච්චන්ති සහායා, සො තෙහි සද්ධිං නත්ථි, තෙන වුච්චති අකතසහායො’යි කියන ලදී. සෙස්ස සඞ්ඝභෙද ශික්ෂාපදාදීන් අතුරෙහි කියූ නය බැවින් ප්රකට අර්ත්ථ ඇත්තේමය.
සමනුභාසනසමුත්ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මය. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන පාරාජික ශික්ෂාපදයයි
චතුර්ත්ථ පාරාජිකය වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - “අවස්සුතා” ලොකාස්වාද සඞ්ඛ්යාත වූ මිත්රසන්ථවයාගේ වසයෙන් කායසංසර්ගරාගයෙන් තෙත්ව දෙවන පදයෙහිද මේ නයමවේ. “පුරිසපුග්ගලස්ස හත්ථගහණං වා” යනාදිතන්හි පුරුෂ පුද්ගලයා විසින් අතින් යම් ගැනීමෙක් කරණ ලද්දේ ද, එය පුරුෂ පුද්ගලයාගේ අතින් ගැණීමයයි කියන ලද්දේය. සඟළ සිවුරෙහි කොණ අල්ලා ගැණීමේද මේ නයවේ. “හත්ථගහණං” යන මෙහි හස්ත්රග්රහණයද අන්යවූද අපාරාජික ක්ෂෙත්රයෙහි ගැණීමද එක්කොට හස්තග්රහණයයි කියන ලද්දේයයි දතයුතුය. එහෙයින්ම මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි “හත්ථගහණං වා සාදියෙය්ය” යනු අතනම් වැලමිට පටන් නියඅග දක්වා. මේ අසද්ධර්මයාගේ ප්රතිසෙවනය පිණිස අකුවෙන් උඩ දණමඩලින් යට ගැනීම ඉවසාද ථුල්ලච්චයට පැමිණීම වේයයි වදාරණ ලදී. මෙහිද “අසද්ධම්මො” යනු කායසංසර්ග රාගයයි දතයුතුය. මෛථුනධර්මය නොදතයුතුය. මෛථුනය ලඟ ථුල්ලච්චයෙක් නොවේ. “විඤ්ඤූ පටිබලො කායසංසග්ගං සමාපජ්ජිතුං” යන වචනයද මෙහි සාධකය.