තෘතීය පාරාජිකය වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි “ධම්මෙන” විද්‍යාමාන වස්තුවෙන්. “විනයෙන” චොදනාකොට සිහිකරවා. මේ ශික්‍ෂාපදයාගේ පදභාජනය වනාහි ‘යෙන ධම්මෙන යෙන විනයෙන උක්‍ඛිත්තො සුඋක්‍ඛිත්තො හොති’ යන මේ අභිප්‍රාය පමණක් දක්වනු පිණිස වදාරන ලදී. “සත්‍ථුසාසනෙන” ඤත්තිසම්පත්තියෙන්ද, අනුසාවනසම්පත්තියෙන්ද. මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “ජිනසාසනෙන බුද්ධසාසනෙන” ජිනසාසනෙන බුද්ධසාසනෙනයි වෙවචනමාත්‍රයක්ම වදාරණලදී. “සඞ්ඝං වා ගණං වා” යනාදිතන්හි යම් සඞ්ඝ කෙනකුන් විසින් කර්‍මය කරණ ලද්දේ ද, ඒ සඞ්ඝයා හෝ එහි බොහෝවූ පුද්ගලසඞ්ඛ්‍යාත ගණයා හෝ එක් පුද්ගලයකු හෝ ඒ කර්‍මය හෝ නොගණියි. නොඅනුව පවතී. එහි ආදරය නොඋපදවයි යන අර්‍ත්‍ථයි. “සමානසංවාසකා භික්‍ඛූ වුච්චන්ති සහායා” සමාන සංවාසක භික්‍ෂූහු යහළුවෝයයි කියනු ලැබෙත්. “සො තෙහි සද්ධිං නත්‍ථි” යන මෙහි එක කර්‍ම එකුද්දෙස සමසික්‍ඛතා යන මේ වනාහි සංවාසයය. ඒ මේ සමානවූ සංවාසය මොවුන්ගේනුයි සමානසංවාසකයහ. මෙබඳු භික්‍ෂූහු මහණක්හු පිළිබඳ ඒ සංවාසයෙහි එක්ව පවත්නා බැවින් සහායහයි කියනු ලැබෙත්. දැන් යම් සංවාසයක් කරණකොට ඔවුහු සමානසං සංවාසකයහය කියන ලද්දාහුද, ඒ ඉවත්කරනු ලැබූ ඔහුට ඔවුන් සමග ඒ සංවාසය නැත්තේය. යම්කෙනකුන් සමග ඒ සංවාසය ඔහුට නැත්තේද, ඔහු විසින් ඒ භික්‍ෂූහු තමන්ගේ සහායකයෝ නොකරණ ලද්දාහුද එහෙයින් ‘සමානසංවාසකා භික්‍ඛූ වුච්චන්ති සහායා, සො තෙහි සද්ධිං නත්‍ථි, තෙන වුච්චති අකතසහායො’යි කියන ලදී. සෙස්ස සඞ්ඝභෙද ශික්‍ෂාපදාදීන් අතුරෙහි කියූ නය බැවින් ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
සමනුභාසනසමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මය. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන පාරාජික ශික්‍ෂාපදයයි
චතුර්‍ත්‍ථ පාරාජිකය වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “අවස්සුතා” ලොකාස්වාද සඞ්ඛ්‍යාත වූ මිත්‍රසන්‍ථවයාගේ වසයෙන් කායසංසර්‍ගරාගයෙන් තෙත්ව දෙවන පදයෙහිද මේ නයමවේ. “පුරිසපුග්ගලස්ස හත්‍ථගහණං වා” යනාදිතන්හි පුරුෂ පුද්ගලයා විසින් අතින් යම් ගැනීමෙක් කරණ ලද්දේ ද, එය පුරුෂ පුද්ගලයාගේ අතින් ගැණීමයයි කියන ලද්දේය. සඟළ සිවුරෙහි කොණ අල්ලා ගැණීමේද මේ නයවේ. “හත්‍ථගහණං” යන මෙහි හස්ත්‍රග්‍රහණයද අන්‍යවූද අපාරාජික ක්‍ෂෙත්‍රයෙහි ගැණීමද එක්කොට හස්තග්‍රහණයයි කියන ලද්දේයයි දතයුතුය. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “හත්‍ථගහණං වා සාදියෙය්‍ය” යනු අතනම් වැලමිට පටන් නියඅග දක්වා. මේ අසද්ධර්‍මයාගේ ප්‍රතිසෙවනය පිණිස අකුවෙන් උඩ දණමඩලින් යට ගැනීම ඉවසාද ථුල්ලච්චයට පැමිණීම වේයයි වදාරණ ලදී. මෙහිද “අසද්ධම්මො” යනු කායසංසර්‍ග රාගයයි දතයුතුය. මෛථුනධර්‍මය නොදතයුතුය. මෛථුනය ලඟ ථුල්ලච්චයෙක් නොවේ. “විඤ්ඤූ පටිබලො කායසංසග්ගං සමාපජ්ජිතුං” යන වචනයද මෙහි සාධකය.
‘තිස්සො ඉත්‍ථියො මෙථුනං තං න සෙවෙ,
තයො පුරිසෙ තයො ච අනරියපණ්ඩකෙ’
න චාචරෙ මෙථුනං ව්‍යඤ්ජනස්මිං
ඡෙජ්ජා සියා මෙථුන ධම්මපච්චයා
පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”
මිනිස් අමිනිස් තිරිසන් වසයෙන් ස්ත්‍රීහු කියන ලද්දාහුද ඔවුන් පිළිබඳ මෛථුන සෙවනය නොකරන්නේය. මිනිස් අමිනිස් තිරිසන් යන පුරුෂයන් තිදෙන කරාද එළැඹැ මෛථුන සෙවනය නොකරන්නේය. අනාර්‍ය්‍ය වූ උභතොඛ්‍යඤ්ජනකයන් තිදෙන හා පණ්ඩකයන් තිදෙන යන සදෙන කරාද එළැඹැ මෛථුනසෙවනය නොකරන්නේය. මුදුපිට්ඨිලම්ධී ආදි අනුලොම් පාරාජික වස්තුවෙහි තමාගේ නිමිත්තෙහි මෙවුන්දම් නොහැසිරෙන්නේය. මෛථුන ධර්‍මප්‍රත්‍යයයෙන් පරිජි වන්නේය. මේ ප්‍රශ්නය නුවණැතියන් විසින් සිතිය යුතුය’යි
පරිවාරයෙහි කියනලද සෙදමොචන ගාථාව හා විරුද්ධ වේදයත්: විරුද්ධ නොවේ. මෛථුන ධර්‍මයට පූර්‍වභාග බැවිනි. වර්‍ණය, අවර්‍ණය වශයෙන් සුක්කවිසට්ඨිය කියනලදී. කායසංසර්‍ගය දුට්ඨුල්ලාවාචාය. අත්තකාමපාරිචර්‍ය්‍යාය. සඤ්චරිත්තයයි මෙසේ සුක්කවිසට්ඨිය ආදිකොට ඇති පඤ්ච ශික්‍ෂාපදයෝ මෛථුන ධර්‍මයට පූර්‍වභාගයයි කියන ලදහ. එහෙයින් කායසංසර්‍ගය මෛථුන ධර්‍මයට පූර්‍වභාග බැවින් ප්‍රත්‍යය වේ. මෙසේ සිඳීමවන්නේය. මෙථුනධම්මපච්චයා යන මෙහි මේ කරුණෙන් අර්‍ත්‍ථය දතයුත්තේය. සඞ්ඝාටිකණ්ණගහණාදි සියලු පදයන්හිද මේ ක්‍රමයෙන් විනිශ්චය දතයුතුය. අනිකක්ද ඇත්තේය. “සඞ්කෙතං වා ගච්ඡෙය්‍ය” යන මෙහි පදභාජනයෙහි “ඉත්‍ථං නාමං ආගච්ඡ” මෙ නම් තැනට එව’ යන අර්‍ත්‍ථය.
“අට්ඨමං වත්‍ථුං පරිපූරෙන්ති අස්සමණී හොති” අනුලොම් විසින් හෝ පිළිලොම් විසින් හෝ එක් අතරකින් හෝ යන යම්කිසි ක්‍රමයකින් අටවන වස්තුව පුරන්නීම අශ්‍රමණිය වේ. යම් මෙහෙණක් තොමෝ එක් වස්තුවක් හෝ වස්තුසතක් හෝ බොහෝ වරක් නමුදු පුරාද, අශ්‍රමණී නොවේමය. පැමිණි ඇවැත් දෙසා මිදෙන්නීය. තවද මෙහි දෙසූ ගණනට පැමිණෙන ඇවැත් දතයුතුය. ‘අත්‍ථාපත්ති දෙසිතා ගණනූපිකා අත්‍ථාපත්ති දෙසිතා න ගණනුපිකා’යි මෙය වදාරණ ලද්දේය. එහි මේ විනිශ්චයයි. ‘දැන් මේ ඇවැතට නොපැමිණෙන්නෙමි’යි ධුර නික්‍ෂෙපය කොට දෙසන ලද්දී දෙසූ ගණනට පැමිණෙන ඇවැත් දතයුතුය. පාරාජිකයට අඞ්ගයෙක් නොවේ. එහෙයින් යම් මෙහෙණක් තොමෝ එක් ඇවතකට පැමිණියා ධුරනික්‍ෂෙපය කොට දෙසා නැවැත කෙලෙස් විසින් පැමිණෙන්නීද නැවත දෙසාද, මෙසේ වස්තු අට පුරන්නීද, පරිජි නොවන්නීය. යම් මෙහෙණක් තෙමේ ඇවැතට පැමිණ නැවැතද ‘අන් වස්තුවකට පැමිණෙන්නෙමි’යි උත්සාහ ඇත්තීම දෙසාද, ඇයගේ ඒ ඇවැත පිළිගැනීම සුදුසු නොවන්නී නොවේ. දෙසන ලද්දීද, නොදෙසන ලද්දීද වේ. දෙසූ ගණනට නොපැමිණෙන්නීය. පාරාජිකයටම අඞ්ග වේ. අටවැනි වස්තුව පිරුණු ඇසිල්ලෙහිම පාරාජිකා වන්නීය. සෙස්ස ප්‍රකටමය.
ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ද්විවෙදනයි.
වර්‍ණනා ක්‍රමයෙන් චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදය නිමි.
“උද්දිට්ඨා ඛො අය්‍යායො අට්ඨ පාරාජිකා ධම්මා”යි භික්‍ෂූන් අරබයා පණවනලද සාධාරණවූ සතරය, මේ සතරයයි මෙසේ ප්‍රාතිමොක්‍ෂොද්දෙශ මාර්‍ගයෙන් ‘උද්දිට්ඨා ඛො අය්‍යායො අට්ඨ පාරාජිකා ධම්මා’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. සෙස්ස මහාවිභඞ්ගයෙහි කියූනයමය.