ඛම්භකත වර්ගය
“ඛම්හකතො” ඛම්හකත නම් කටියෙහි අත තබා. උකුළෙහි තැබූ අත් ඇත්තේ “ඔගුණ්ඨිතො” හිස වසා පෙරවූයේ.
“උක්කුටිකාය” යන මෙහි විළුම් දෙක ඔසොවා පා අගින් හෝ පා අග ඔසොවා විළුඹෙන්ම හෝ පොළොව පහසන්නහුගේ ගමන උක්කුටිකායි කියනු ලැබේ. කරණවචනය. මෙහි කියූ ලක්ෂණම වේ.
‘දුස්සපල්ලත්ථිකාය’ මෙහි අතින් අකවටු ඇවිලීම පිළියෙන් අකවටු ඇවිලීමැයි කියනු ලැබේ.
“සක්කච්චං” සිහි එළවා.
“ආකිරන්තෙපි” පිණ්ඩපාතය දෙන කල්හිද, “පත්තසඤ්ඤී” පාත්රයෙහි හැඟීම උපදවා.
සමසූපක නම් යම් තැනක බතට සිවුවන කොටස පමණවූ සූපයෙක් වේද, ඒය. මුග්ගසූප මාසසූප යන මෙහි මං කොල්ලු ආදියෙන් කළ සූපයෝද සඞ්ග්රහවට යෙත්මැයි මහාපච්චරියෙහි කියනලදී. “රසරසෙ” යන මෙහි මුද්ග මාසසූප දෙක හැර සෙසු ඔලොණි නම් ව්යඤ්ජනය පලාවලින් කළ ව්යඤ්ජනය. මාලුරස මස්රස යනාදිය රසරසැයි දතයුතුය. ඒ රසරසය බොහෝ කොට ගන්නා මහණහට ඇවිත් නොවේ.
“සමතිත්තිකං” ඉටූ පොහොනා පාත්රය තුළ මුවවිට රෙඛාව නොඉක්මවා පිරුනු මුවවිටින් යට රෙඛාව හා සමකොට පිරුනු “ථූපීකතං පිණ්ඩපාතං පතිගණාති ආපත්ති දුක්කටස්ස” මෙහි මුදුන් කරන ලද්දේ නම්, පාත්රය තුළ මුවවිට රෙඛාව ඉක්මවා කරන ලද්දේය. පාත්රයෙහි බහන ලද්දේය. කරන ලද්දේය. පුරන ලද්දේය, යන අර්ත්ථයි. මෙසේ මුදුන් කරන ලද පාත්රය නොපිළිගෙණ මුවවිටතුළ රෙඛාව හා සමප්රමාණය පිළිගත යුතුය.
එහි මුදුන්කරන ලද්දේනම් ඔදනාදිපංචවිධ භොජනයන්ගෙන් කරන ලද්දේයයි අභය ස්ථවිරතෙමේ කීයේය. ත්රිපිටක චූළනාග ස්ථවිරතෙමේ වනාහි ‘පිණ්ඩපාතොනාම යාගුපි භත්තම්පි ඛාදනීයම්පි චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි, මේ සුත්රය දක්වා දාවලුහයක් නමුදු මුදුන් කරන ලදුයේ නොවටීයයි කීය. ඒ තෙරුන්ගේ වාදය අසා භික්ෂූහු රුහුනට ගොස් චූලසුම්ම තෙරුන් අතින් ‘ස්වාමීනි’ මුදුන් කරනලද පිණ්ඩපාතය කුමකින් පිරිසිඳින ලද්දේදැයි විචාළාහුය. ඒ තෙරුන්ගේ වාදයද සැලකළහ. චූලසුම්ම ස්ථවිර තෙමේ එය අසා ‘අනේ, චූළනාගතෙමේ සසුනෙන් ගිලිහුනේය. මම මොහුට සත්වරක් විනය කියවනුයෙම්, කිසිකලෙකත් මෙසේ නොකීමි. මෙතෙමේ කොයින් ලැබ මෙසේ කියාදැයි කීය. ඉක්බිති භික්ෂූහු ‘ස්වාමීනි’ දැන් කියනු මැනැවැ, කුමකින් පිරිසිඳින ලද්දේදැයි තෙරුන්ගෙන් ඉල්ලූහ. ස්ථවිර තෙමේ ‘ඇවැත්නි’ යාවකාලිකයෙකැ’යි කීහ. එහෙයින් යම්කිසි කැඳබතක් හෝ කුදුමහත් ඵලයක් හෝ ඉටීමට පොහොනා පාත්රයෙහි යටිමුව රෙඛාව නොයික්මවාම ගතයුතුය. එද ඉටීමට පොහොනා පාත්රයකිනි. අනික් පාත්රයකින් වනාහි මුදුන් කරන ලද්දේ ද වටියි. යාමකාලික සත්තාහකාලික යාවජීවිකයෝ වනාහි ඉටීමට පොහෝනා පාත්රයෙහිද, මුදුන් කරන ලද්දාහු වටිත්. පාත්ර දෙකක බත් ගෙණ එකක පුරවා වෙහෙරට යවන්නට හැකියයි මහාපච්චරියෙහි කියන ලදී. පාත්රයෙහි මුවපිටින් මතුකොට මැදබහන යම්පූ උක්කැබලි කුදුමහත් ඵලාදිය වටින් ඉඩ ඇති බැවින් අතින් සොලොවන ලදුව යටට බසීද, එය මුදුන් කරන ලද්දේ නොවේ. පූවැලක් තබා පිණ්ඩපාතය දෙත්ද, මුදුන් කරන ලද්දේම වේ. මල්කැන් තකුල් කුළු පලාදිකැන් ලබා දෙන ලද්ද මුදුන් කරන ලද්දේ නොවේ. බත් මතුවෙහි තල්ලක් හෝ පාත්රයක් හෝ තබා පුරවාගණීද මුදුන් කරන ලද්දේ නම් නොවේ. කුරුන්දියෙහිද තළුවෙක හෝ පත්රයක හෝ බහා එය පාමතුවෙහි තබා දෙත්ද, වෙන්වෙන් බදුන වටීය’යි කියන ලදී.
මෙහි ඇවැත් නොවේ. ගිලන් තෙමේ නොආයේය. එහෙයින් ගිලන්හටත් යමක් මුදුන්කරන ලද්දේ ද, එය නොවටියි. සියලු තන්හිම පිළිගැණීමම නොසුදුසුය. පිළිගන්නා ලද්දේ වනාහි මැනැවින් පිළිගන්නා ලද්දේම වේ. පරිභොග කිරීම වටියි.
තෘතීය වර්ගයයි.
සක්කච්ච වර්ගය
“සක්කච්චං” යන මෙහි නොසකස්ව පිළිගැණීමෙහිම ඇවැත් වේ. පිළිගන්නා ලද්දේ වනාහි මැනැවින් පිළිගන්නා ලද්දේම වේ. “සක්කච්චං”යිද, පත්තසඤ්ඤීයිද යන ශික්ෂාපද දෙක කියූ නයමය.
“සපදානං” ඒ ඒ තන්හි පිරිසිදීම නොදක්වා අනුපිළිවෙළින් ‘සමසූපකං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමි’ යන ශික්ෂාපදයෙහි සමසූපය පිළිබඳ කියයුත්ත කියන ලද්දේමය.
“ථූපතො” මුදුන පටන් මැදින් යන අර්ත්ථයි.
“පටිච්ඡාදෙත්වා” ප්රාණඝාත නොකළ යුතුයයි. රජුන් විසින් නියමකළ කාලයන්හි ව්යඤ්ජනය වසාදෙත්. සූපොදන විඤ්ඤප්ති ශික්ෂාපදයෙහි කියයුත්තෙක් නැත්තේය.
උජ්ඣානසඤ්ඤී ශික්ෂාපදයෙහි ගිලන් තෙමේ නොමිදේ.
“නාති මහන්තො කබලො” මොනරබිජුවට ඉතාමහත්ය. කිකිළි බිජුවට ඉතා කුඩාය. ඒ බිජුවටයන්ගේ මද්ධ්යම ප්රමාණ පිණ්ඩය පමණ වේ. ‘ඛජ්ජකෙ’ යන මෙහි කෑයුතු මුල් ආදි සියල්ල ගතයුතුය.
චතුර්ථ වර්ගයයි.
කබළ වර්ගය
‘අනාහටෙ’ නොගෙණනලද කල්හි. මුවදොරට නොපැමිණවූ කල්හිය යන අර්ත්ථයි.
“සබ්බං භත්ථං” සියලු අත.
“සකබළෙන” යන මෙහි දහම් කියනුයේ අරළුකඩක් හෝ වැල්මීකඩක් හෝ මුවෙහි බහා කියාද, යම්පමණකින් වචන අපරිපූර්ණ නොවේද, එපමණක් මුවෙහි ඇති කල්හි කීම වටියි.
“පිණ්ඩුක්ඛෙපකං” පිඩ උඩ දමදමා.
“කබළාවච්ඡෙදකං” ආලොපය සිඳ සිඳ.
“අවගණ්ඩකාරකං” වඳුරකු මෙන් කොපුලෙහි කොට කොට.
“හත්ථනිද්ධූනකං” අත සලසලා.
“සිත්ථාවකාරකං” බත්උලු වගුර වගුරා
‘ජීව්හානිච්ඡාරකං’ දිව පිටතට නෙරනෙරා.
‘චපුචපුකාරකං’ චපුචපුයි මෙසේ ශබ්ද නගනගා.
පඤ්චම වර්ගයයි
සුරුසුරු වර්ගය
“සුරුසුරුකාරකං” ‘සුරුසුරුයි’ මෙසේ ශබ්ද නගනගා ‘දවො’ නින්දාවචනයි. ඒ නින්දා වචනය. යම්කිසි වෛර වචනයකින් ‘කිනම් බුද්ධද, සීලක බුද්ධද, ප්රතිබුද්ධද, කිනම් ධර්මයෙක්ද, ගොධර්මයෙක්ද, අජධර්මයෙක්ද, කිනම් සඞ්ඝද, මෘගසමූහයෙක්ද, සිවුවාසමූහයෙක්ද, යනාදි නයින් තෙරුවන් ඇරැබැ නොකටයුතුය. යන අර්ත්ථයි.
“හත්ථනිල්ලෙහකං” අත ලෙවලෙව, අනුභව කරන්නහු විසින් ඇඟිල්ල පමණ නමුදු ලෙවින්නට නොවටියි. උකුකැඳ පැණි කිරිබත් ආදිය ඇඟිලිවලින් ගෙණ ඇඟිලි මුවෙහි බහ බහා අනුභව කිරීම නොසුදුසු නොවේ. පාත්රය ලෙවීම් තොල්ලෙවීම් ආදියෙහිද මෙම නයවේ. එහෙයින් එක් ඇඟිල්ලකින් නමුදු පත්රය නොලෙවිය යුතුය. එක් තොලක් නමුදු දිවෙන් නොලෙවිය යුතුය. තොල්මසින්ම ගෙණ මුව තුළට ඇතුල්කිරීමෙහි වරදෙක් නැත්තේය.