විකාලෙ ගාමප්පවේසන ශික්ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “තිරච්ඡානකථං” ආර්ය්යමාර්ගය වළහන කථාව. “රාජකථං” මහාමන්ධාතු ධර්මාශොකාදි රජුන් ඇරැබැ පැවැති කථාව. චොරකථාදීන්හිද මේ නයමවේ.
“සන්තං භික්ඛුං” යන මෙහි යමක් කියයුත්තේද, ඒ කියයුත්ත චාරිත්‍ර ශික්‍ෂාපදයෙහි කියනලද නයමය. ඉදින් බොහෝ භික්ෂූහු කිසි කටයුත්තක් හේතුකොට ගමට පිවිසෙත්ද, ‘විකාලෙ ගාමප්පවෙසනං ආපුච්ඡිස්සාමි’යි සියල්ලන් විසින් ඔවුනොවුන් විචාරිය යුත්තේය. ඒ ගමෙහිදී ඒ කෘත්‍යය නොසැපයේයයි අන්ගමකට යෙත්ද ගම් සියයක් නමුදු වේවා, නැවැත විචාරණ කෘත්‍යයෙක් නැත්තේය. උත්සාහය සංසිඳුවා වෙහෙරට යනුවෝ අතර අන් ගමකට පිවිසෙනු කැමැත්තාහු වෙත්ද, නැවැත විචාරිය යුත්තේමය.
කුලගෙයක හෝ අසුන්හලෙක හෝ බත්කිසකොට තෙල් සිඳුනු පිණිස හෝ ගිතෙල් සිඟනු පිණිස හෝ හැසිරෙනු කැමැත්තේ වේද, පියවිබස් ඇසීමට සුදුසු පසෙක්හි මහණෙක් ඇත්තේද, විචාරා යායුතුය. නැතිකල්හි නැතැයි යායුතුය. වීථියට බැසීමෙන් පසු මහණකු දකීද, විචාරීමෙක් නැත්තේය. නොවිචාරාද හැසිරිය යුතුමය. ගම මැදින් මගෙක් වේද, ඒ මගින් යන මහණහුට තෙල් ආදිය සිඟීම පිණිස හැසිරෙන්නෙමි’යි සිතක් උපන් කල්හි පියවිබස් ඇසෙන තැනක මහණෙක් ඇත්තේනම්, විචාරා හැසිරිය යුතුය. මගින් බැහැර නොව පිඬු පිණිස හැසිරෙන මහණහුට විචාරීමෙක් නැත්තේය. වට නොකළ ගමෙහි උපචාරය අදින්නාදාන ශික්‍ෂාපදයෙහි කියූනයින්ම මෙහි දෙවන ලෙඩ්ඩුපාතයයි දතයුතුය.
“අන්තරාරාමං” යනාදිතන්හි හුදෙක් නොවිචාරා යෑමෙන් පමණක් අනාපත්ති නොවේ. පටිය නොබැඳ සඟළ සිවුර නොපොරොවා යන මහණහුටද ඇවැත් නොවේ. “ආපදාසු” යන මෙහි සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ ඒ ද, මෙඝය හෝ නගීද, අන්කිසි උපද්‍රවයෙක් හෝ උපදීද, ඇවැත් නොවේ. මෙබඳු ආපදාවන්හි පිටතගමින් ඇතුළුගමට පිවිසෙනු වටියි. සෙස්ස ප්‍රකටමය.
කඨින සමුත්‍ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තෙවන විකාලෙ ග්රාමප්රවෙශන ශික්‍ෂාපදයයි.
සූචිඝර ශික්ෂාපද වර්ණනාව
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - බිඳීමම භෙදනක නම. ඒ බිඳීම මේ පාචිත්තියට ඇත්තේයයි භෙදනකම වේ. “අරණිකෙ” ගිනිදඬු දුන්නෙහි. “විඨෙ” පටියෙහි මුවපිට සටුනා ගැටයෙහි මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සිවුවන සූචිසර ශික්‍ෂාපදයයි
මඤ්ච ශික්ෂාපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “ඡෙදනකං” යනු කියූ නයමය. (පමණ ඉකුත් කොට කරන කරවනලද ඇඳපුටු ආදීන්ගේ සිඳීම ඇති)
“ඡින්දිත්වා පරිභුඤ්ජති” මෙහි ඉදින් පමණ ඉකුත්වූ උස ඇති ඇඳපුටු නොසිඳිනු කැමැත්තේ වේද, බිම කැන වැඩිපමණ බිම යටලා නියම පමණ මතුවෙහි දක්වයි. උඩුකුරු හෝ කොට පරිභොග කෙරේද, ඔසොවා හෝ මැස්සක තබා අටල්ලක් කොට පරිභොග කෙරේද, සියල්ල වටියි. සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
පස්වන මඤ්චපීඨ ශික්‍ෂාපදයයි
තුලෝනද්ධ ශික්ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - පුලුන් දමා මසන ලද්ද, මේ ඇඳපුටුවලැයි තුලොනද්ධ සම් යටකඩරෙදි අතුරා පුලුන් බහා මතුවෙහි කඩරෙද්දකින් මසන ලද්දේය’යි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
සවන තුලොනද්ධ ශික්‍ෂාපදයයි
නිසීදන ශික්ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - “නිසීදනං අනුඤ්ඤාතං හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්ඛන්ධකයෙහි පණීතභොජන වස්තුවෙහිදී අනුදන්නා ලදී. ඒ ප්‍රණීත භොජන වස්තුවෙහිදී ‘මහණෙනි’ කායගොපනය පිණිස චීවරගොපනය පිණිස සෙනාසන ගොපනය පිණිස නිසීදනචීවරය අනුදනිමි’යි වදාරන ලදමය. “සෙය්යථාපි පුරණාසි කොට්ඨො” පැරණි සම්කරු තෙමේ යම්සේද, එසේය යන අර්‍ත්‍ථයි. යම්සේ වනාහි සම්කරු තෙමේ සම පලල් කරන්නෙමි’යි එහා මෙහා ඵලාද, අදීද, මෙසේ ඒ උදායි ස්ථවිර තෙමේද, ඒ නිසීදනය (එහා මෙහා ඇද්දේය) එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙසේ වදාළ සේක. “නිසීදනං නාම සදසං වුච්චති” ඇතිරිය සමානව අතුරා එක් කෙළවරක සුගත් වියතින් වියතක් පමණ පෙදෙසෙහි දෙතැනෙක්හි පලා දාවලු තුනක් කරනු ලැබේ. ඒ දාවලු කරණකොට සදස නමැයි කියනු ලැබේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය.
සත්වන නිසීදන ශික්‍ෂාපදයයි
කණ්ඩුපටිච්ඡාදි ශික්ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “කණ්ඩුපටිච්ඡාදි අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්ඛන්ධකයෙහි බෙලට්ඨිසීස වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ යම් මහණක්හට කැසීමෙක් හෝ පිළිකා හෝ අරිසස් භගන්දරා ප්රමෙහාදීන්ගේ වසයෙන් ලේ වැගිරීමක් හෝ මහ කුෂ්ට ආබාධයක් හෝ වේද, කුෂ්ට පිළිසන ඒ මහණහුට අනුදනිමි’යි වදාරන ලදමය.
“යස්ස අධොනාභි උබ්හජාණු මණ්ඩලං” යම් මහණක්හුගේ නැබෙන් යට, දණමඬලින් උඩ “කණ්ඩු” කැසීමය. “පිළිකා” ලේවන් තුඩු ඇති සියුම් පිළිකාය. “අස්සාවො” අරිසස් භගන්දරා මධුමෙහාදීන්ගේ වසයෙන් හෝ අශුවි වැගිරීමය. “ථුල්ලකච්ඡු වා ආබාධො” මහාපිළිකාබාධය කියනු ලැබේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය.
අටවන කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපදයයි
වස්සකාටික ශික්ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි “වස්සිකසාටිකා අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්: චීවරක්ඛන්ධකයෙහි විශාඛා වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ වැසිසළුසිවුර අනුදනිමි’යි වදාරන ලදමය. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.