සූචිඝර ශික්ෂාපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - බිඳීමම භෙදනක නම. ඒ බිඳීම මේ පාචිත්තියට ඇත්තේයයි භෙදනකම වේ. “අරණිකෙ” ගිනිදඬු දුන්නෙහි. “විඨෙ” පටියෙහි මුවපිට සටුනා ගැටයෙහි මෙහි සෙස්ස ප්රකටමය. ෂඩ් සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සිවුවන සූචිසර ශික්ෂාපදයයි
මඤ්ච ශික්ෂාපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - “ඡෙදනකං” යනු කියූ නයමය. (පමණ ඉකුත් කොට කරන කරවනලද ඇඳපුටු ආදීන්ගේ සිඳීම ඇති)
“ඡින්දිත්වා පරිභුඤ්ජති” මෙහි ඉදින් පමණ ඉකුත්වූ උස ඇති ඇඳපුටු නොසිඳිනු කැමැත්තේ වේද, බිම කැන වැඩිපමණ බිම යටලා නියම පමණ මතුවෙහි දක්වයි. උඩුකුරු හෝ කොට පරිභොග කෙරේද, ඔසොවා හෝ මැස්සක තබා අටල්ලක් කොට පරිභොග කෙරේද, සියල්ල වටියි. සෙස්ස ප්රකටමය. ෂඩ් සමුත්ථානිකය.
පස්වන මඤ්චපීඨ ශික්ෂාපදයයි
තුලෝනද්ධ ශික්ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - පුලුන් දමා මසන ලද්ද, මේ ඇඳපුටුවලැයි තුලොනද්ධ සම් යටකඩරෙදි අතුරා පුලුන් බහා මතුවෙහි කඩරෙද්දකින් මසන ලද්දේය’යි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්රකටමය. ෂඩ් සමුත්ථානිකය.
සවන තුලොනද්ධ ශික්ෂාපදයයි
නිසීදන ශික්ෂාපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “නිසීදනං අනුඤ්ඤාතං හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්ඛන්ධකයෙහි පණීතභොජන වස්තුවෙහිදී අනුදන්නා ලදී. ඒ ප්රණීත භොජන වස්තුවෙහිදී ‘මහණෙනි’ කායගොපනය පිණිස චීවරගොපනය පිණිස සෙනාසන ගොපනය පිණිස නිසීදනචීවරය අනුදනිමි’යි වදාරන ලදමය. “සෙය්යථාපි පුරණාසි කොට්ඨො” පැරණි සම්කරු තෙමේ යම්සේද, එසේය යන අර්ත්ථයි. යම්සේ වනාහි සම්කරු තෙමේ සම පලල් කරන්නෙමි’යි එහා මෙහා ඵලාද, අදීද, මෙසේ ඒ උදායි ස්ථවිර තෙමේද, ඒ නිසීදනය (එහා මෙහා ඇද්දේය) එහෙයින් භාග්යවතුන් වහන්සේ ඕහට මෙසේ වදාළ සේක. “නිසීදනං නාම සදසං වුච්චති” ඇතිරිය සමානව අතුරා එක් කෙළවරක සුගත් වියතින් වියතක් පමණ පෙදෙසෙහි දෙතැනෙක්හි පලා දාවලු තුනක් කරනු ලැබේ. ඒ දාවලු කරණකොට සදස නමැයි කියනු ලැබේ. මෙහි සෙස්ස ප්රකටමය. ෂඩ්සමුත්ථානිකය.
සත්වන නිසීදන ශික්ෂාපදයයි
කණ්ඩුපටිච්ඡාදි ශික්ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “කණ්ඩුපටිච්ඡාදි අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්ඛන්ධකයෙහි බෙලට්ඨිසීස වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ යම් මහණක්හට කැසීමෙක් හෝ පිළිකා හෝ අරිසස් භගන්දරා ප්රමෙහාදීන්ගේ වසයෙන් ලේ වැගිරීමක් හෝ මහ කුෂ්ට ආබාධයක් හෝ වේද, කුෂ්ට පිළිසන ඒ මහණහුට අනුදනිමි’යි වදාරන ලදමය.
“යස්ස අධොනාභි උබ්හජාණු මණ්ඩලං” යම් මහණක්හුගේ නැබෙන් යට, දණමඬලින් උඩ “කණ්ඩු” කැසීමය. “පිළිකා” ලේවන් තුඩු ඇති සියුම් පිළිකාය. “අස්සාවො” අරිසස් භගන්දරා මධුමෙහාදීන්ගේ වසයෙන් හෝ අශුවි වැගිරීමය. “ථුල්ලකච්ඡු වා ආබාධො” මහාපිළිකාබාධය කියනු ලැබේ. මෙහි සෙස්ස ප්රකටමය. ෂඩ්සමුත්ථානිකය.
අටවන කණ්ඩුපටිච්ඡාදි ශික්ෂාපදයයි
වස්සකාටික ශික්ෂාපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි “වස්සිකසාටිකා අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්: චීවරක්ඛන්ධකයෙහි විශාඛා වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ වැසිසළුසිවුර අනුදනිමි’යි වදාරන ලදමය. මෙහි සෙස්ස ප්රකටමය. ෂඩ් සමුත්ථානිකය.