රතන ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “විස්සරීත්‍වා” තදින් සිහිමුළාවී පුණ්ණපත්තං පූර්‍ණපාත්‍ර නම් සියයෙන් පස්කහවණුය. “ක්‍යාහං කරිස්සාමි” මම කුමක් කරන්නෙම්ද, “ආභරණං ඔමුඤ්චිත්‍වා” නව කෙළක් අගනා මහලිය පලඳනාව ගලවා.
“අන්තෙවාසි” මෙහෙකරුවන්.
“අපරික්‍ඛිත්තස්ස උපචාරො” මෙහි උපචාර නම් ආරාමය පිළිබඳ ලෙඩ්ඩුපාත දෙකෙකි. ආවාසයෙහි වනාහි කුල්ල හෙලූ තැන හේ මෝල හෙලූ තැන හෝ යයි මහාපච්චරියෙහි කියනලදී. “උග්ගණ්හාති ආපත්ති පාචිත්තියස්ස” මෙහි රන්රිදී මසු කහවණු තමන්ගේ ප්‍රයොජනය පිණිස ගන්නා මහණහුට හා ගන්වන මහණහුටද නිස්සග්ගියපාචිත්තිය වේ. සඞ්ඝ ගණ පුද්ගල චෛත්‍යනවකර්‍මාන්ත පිණිස ගන්නා මහණහුට දුක්කටය වේ. කප්පිය වස්තුවක් හෝ වේවා, අකප්පිය වස්තුවක් හෝ වේවා. යටත්පිරිසෙයින් මවුගේ කන්පලඳනාවක් හෝ ගිහියන් සතුවූ තල්පතක් හෝ භාණ්ඩාගාරික ශීර්‍ෂයෙන් රක්නා මහණහුට පාචිත්තියම වේ.
ඉදින් මවුපියන් සතු එකාන්තයෙන් රැකිය යුතුවූ කැප බඩුවද, තමන්ගේ ප්‍රයෝජනය පිණිස ගෙණ රැකිය යුතුය. ‘මෙය රැක දෙව’යි කියූ කල්හි නොවටීයයි ප්‍රතික්‍ෂෙප කටයුතුය. ඉදින් රකුව’යි හෙළායෙත්ද, මෙය පළිබොධයෙක් නම්වේ. රකින්නට වටියි. විහාරයෙහි කර්‍මාන්ත කරන්නාවූ වඩු ආදීහු හෝ රජුට ප්‍රියවූවෝ හෝ තමන්ගේ උපකරණ භාණ්ඩයක් හෝ යහන් බඩුවක් හෝ රැක දෙවු’යි කියත්ද, වඩුආදීන් කෙරෙහි ආලයෙන්ද රාජප්‍රියාදීන් කෙරෙහි බියෙන්ද, නොකටයුත්තේමය. ගුප්තස්ථානයක් දැක්වීම වටියි. බලාත්කාරයෙන් වෙලා ගිය කල්හිද රැකීම වටියි.
“අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා” යන මෙහි ඉදින් අනුරාධපුර මහාවිහාරය සමානවූ මහත් ආරාමයෙක්වේද, එහි පවුරෙන් වටකළ පිරිවෙණෙහි යම් කිසි තැනක හික්‍ෂූන් විසින් හෝ හෙරණුන් විසින් හෝ ගන්නා ලද්දේ වන්නේයයි සැකයක් උපදී නම්, එබඳුම තන්හි ගෙණ හෝ අන්හු ලවා ගන්වා හෝ තැබිය යුතුය. අනුරාධපුරයෙහි මහබෝදොර කොටුව අම්බඞ්ගණය සමානවූ මහජනයා හැසිරෙන තන්හිදී නොගත යුතුය. කුරුන්‍දියෙහි වනාහි තනිව මග යනුයේද, මිනිසුන් නැති තැන්හි කිසි බඩුවක් දකීද, මිනිසුන්ගෙන්ද, ගැවසී ගත්කල්හි මිනිස්සු එම මහණහු ගැන සැක කෙරෙත්ද, එහෙයින් මගින් ඉවත්ව හිඳිය යුතුය. හිමියන් ආකල්හි ඒ බඩු කියයුතුය. දැක්විය යුතුය. ඉදින් හිමියන් නොදක්නේ නම්, සුදුස්සක් කරන්නේය’යි කියනලදී.
“රූපෙන වා නිමිත්තෙන වා සඤ්ඤාණං කත්‍වා” යන මෙහි රූප නම්, පොදිය තුළ තිබෙන බඩුවයි. එහෙයින් පොදිය මුදා, ලිහා ගණන් කොට මෙපමණ කහවණු හෝය. මෙපමණ රන්රිදී හෝ යි සලකා සැලකිය යුතුය. නිමිත්ත යනු සලකුණු ආදියය. එහෙයින් සලකුණු කළ බඩු පොදියෙහි මැටියෙන් මුද්දර ගැසීමකැයි හෝ, ලාකඩයෙන් මුද්දර තැබීමකැයි හෝ, නිල් රෙදිකඩකින් බඩුපොදිය බඳින ලදැයි හෝ සුදුරෙදි කඩකින් බඳින ලදැයි හෝ, යන මේ ආදි සියල්ල සැලකිය යුතුය.
“භික්‍ඛූ පතිරූපා” ලජ්ජා ඇතියෝය. කුකුස් ඇතියෝය. ලොල් සැහැවි ඇති මහණුන්ගේ අතෙහි තබන්නට නොලබයි. යම් මහණෙක් වනාහි තමන් වසන ඒ ආවාසයෙන් නොම යේද, හිමියන් නොදකීද, ඔහු විසිනුදු තමන්ගේ සිවුරු ආදි මිලයක් නොකටයුතුය. ස්ථිර වූ සෙනාසනයක් හෝ චෛත්‍යයක් හෝ පොකුණක් හෝ කරවිය යුතුය. ඉදින් බොහෝ කලක්හුගේ ඇවෑමෙන් හිමියා ඒද, ‘උපාසක’ තා සතුදෙයින් මෙනම් වැඩක් කරන ලදය, අනුමෝදන් වෙව’යි කියයුතුය. ඉදින් අනුමෝදන් වේනම්, මෙසේ මේ කරුණ මැනැව. අනුමෝදන් නොවේනම් ‘මාගේ ධනය දෙව’යි චොදනා කෙරේය. අනිකකු සමාදන් කරවා දිය යුතුය.