සප්පාණක ශික්ෂාපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - “සප්පාණකං” යම් ප්රාණිකෙනෙක් පැන් පරිභොගය කරණ කොට මියෙද්ද, ඒ ප්රාණීන් කරණකොට සප්රාණක වේ. එබඳු ජලය දැන ගනිමින් පරිභොග කරන මහණහුට ප්රයොගයක් ප්රයොගයක් පාසා පාචිත්තිය වේ. පාත්රයක් පුරාද නොසිඳ, එක්ම ප්රයොගයෙන් බොන මහණහුට එක් ඇවැතක් වේ. එබඳු දියෙන් ආමිස සහිත පාත්රයක් කරකවා සෝදන මහණහුටද, එබඳු දියෙහිලා උණු කැඳ පාත්රයක් නිවන මහණහුටද, පණුවන් සහිත ඒ දිය අතින් හෝ කෙණිස්සෙන් හෝ ගෙණ නාන මහණහුටද, ප්රයොගයක් ප්රයොගයක් පාසා පාචිත්තිය වේ. ගල් පොකුණකට හෝ පොකුණකට හෝ පිවිස පිටතට නික්මෙන පිණිස රැල නංවන මහණහුටද, ගල් පොකුණක් හෝ පොකුණක් හෝ පිරිසිදු කරන්නවුන් විසින් ඒ පොකුණෙන් නගාගත් දිය දියෙහිම ඉසිය යුතුය. ලඟ දියක් නැති කල්හි කැපදියට අටක් හෝ දසයක් හෝ පැන්කළ දිය පිහිටා සිටි තැනක වක්කර, එහි වක්කරයුතුය. පෙරැළී දියෙහි වැටෙන්නේයයි රත්වූ ගලෙහි දිය නොවක්කර යුතුය. කැපදියෙන් ගලනිවා වැක් කිරීම වරද නොවේ. මෙහි සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි. මෙහිද පළඟැටි පණුවන්ගේ වැටීම දැනද පිරිසිදු සිත් ඇති බැවින් පහන් දැල්වීමෙහි මෙන් පණුවන් සහිත බව දැනද උදකසංඥාවෙන් පරිභොග කටයුතු බැවින් ප්රඥප්තිවද්යභාවය දතයුතුය.
දෙවන සප්පාණක ශික්ෂාපදයයි.
උක්කෝටන ශික්ෂාපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “උක්කොටෙන්ති” ඒ ඒ මහණහුගේ සමීපයට ගොස් ‘කර්මය නොකරන ලදැ’යි යනාදිය කියමින් මතුකොට, උගුලුවන පිහිටා තුබූ පරිදි පිහිටා සිටීමට නොදෙත්.
“යථා ධම්මං” යම් අධිකරණයක් සංසිඳීම පිණිස යම් ධර්මයක් වදාරන ලද්දේ ද, එම ධර්මයෙන් යන අර්ත්ථයි. “නිහතාධිකරණං” සංහිඳුවන ලද අධිකරණය ශාස්තෲන් වහන්සේ විසින් වදාළ ධර්මයෙන්ම සංසිඳුවනලද අධිකරණය යන අර්ත්ථයි.
“ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යම් කර්මයකින් ඒ අධිකරණය සංසිඳුවන ලද්දේ ද, එය ධර්මකර්මය වේනම්, ඒ ධර්මකර්මයෙහි මෙතෙමේද, ධර්මකර්මසංඥා ඇතිව සංසිඳුවා සිටියේ ඉදින් නැවැත උගුල්වා නම් පාචිත්තියට පැමිණේය යන අර්ත්ථයි. මේ නයින් සෙසු පදයෝද, දතයුත්තාහුය. මේ මෙහි සඞ්ක්ෂෙපය වේ. විස්තරය වනාහි “ඉමෙසං පන චතුත්තං අධිකරණානං කති උක්කොටනා” යනාදි නයින් පරිවාරයෙහි කියන ලද්දේය. අර්ත්ථකථාවන්හි ඒ සියල්ල ගෙනහැර දක්වා ඒ උක්කොටනයාගේම අර්ත්ථය වර්ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනයාගේම අර්ත්ථය වර්ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනය ඒ පරිවාරයෙහිම වර්ණනා කරන්නෙමු. මෙතැන්හි ගෙණහැර දක්වා වර්ණනා කරනු ලබන කල්හි ඉතා තදින් මුළාබව වන්නේයයි වර්ණනා නොකෙළෙමු. මෙහි සෙස්ස ප්රකටමය. ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.
තෙවන උක්කොටන ශික්ෂාපදයයි.
දුට්ඨුල්ල ශික්ෂාපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - “දුට්ඨුල්ලා නාම ආපත්ති” සතර පාරාජිකා අර්ත්ථද්ධාර වශයෙන් දක්වන ලදී. සඞ්ඝාදිසෙසාපත්තිය මෙහි අදහස් කරන ලදී. ඒ සඞ්ඝාදිසෙසාපත්තිය වසාලන මහණහුට පාචිත්තිය වේ. “ධුරං නික්ඛිත්තමත්තෙ” බලාපොරොත්තුව අත්හළ ඇසිල්ලෙහි. ඉදින් සඞ්ඝාදිසෙසය නොකියමි’යි ධුරය නික්ෂෙප කොට පසුව ආරොචනය කෙරේද, නොරකියි. අත්හළ ඇසිල්ලෙහිම පාචිත්තියයි කියන ලද්දේ වේ. මෙසේ බලාපොරොත්තුව අත්හැර වසාලනු පිණිසම අනිකක්හට ආරොචනය කෙරේනම් හෙතෙමේද, අනිකක්හටැයි මේ උපායයෙන් මහණුන් සියයක්, මහණුන් දහසක්යි යම්තාක් කෙළවර නොසිඳේද, ඒ තාක් ඇවැතට පැමිණේමය. ‘කවර කලෙක කෙළවර සිඳේද, යත්: මහාසුම්මස්ථවිර තෙමේ වනාහි ‘ඇවැතට පැමිණියේ කිසිවක්හට නො කියවයි එක් මහණක්හට ආරොචනය කරයි. හෙතෙමේ නැවතී ඇවැතට පැමිණි ඔහුටම ආරොචනය කරයි. එසේ ඇති කල්හි කෙළවර සිදේයයි කියයි. මහාපදුම ස්ථවිර තෙමේ ‘මේ වනාහි වස්තුය, පුද්ගල තෙමේම ඇවැතට පැමිණියේ එක් මහණට ‘කිසිවක්හට නො කියවයි ආරොචනය කරයි. මෙතෙමේ අනිකක්හට ආරොචනය කරයි. හෙතෙමේ නැවතී යමකු විසින් මේ මහණහුට සැලකරන ලද්දේ ද, ‘කිසිවක්හට නො කියව’යි ඔහුටම ආරොචනය කරයි. මෙසේ තෙවන පුද්ගලයා විසින් දෙවැන්නහුට සැලකළකල්හි කෙළවර සිඳුනේවේයයි කියයි.
“අදුට්ඨල්ලං ආපත්තිං” සෙසු පඤ්චොපත්තිස්කන්ධ “අනුපසම්පන්නස්ස දුට්ඨුල්ලං වා අදුට්ඨුල්ලං වා අජ්ඣාචාරං” මෙහි අනුපසම්පන්නයකුගේ සුක්කවිසට්ඨිය හා කායසංසග්ගරාගයද යන මෙය දුළුල්වරද නම්වේ. මෙහි සෙස්ස ප්රකටමය. ධුරනික්ෂෙප සමුත්ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.
සිවුවන දුට්ඨුල්ල ශික්ෂාපදයයි
ඌනවීසතිවස්ස ශික්ෂාපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - “අඞ්ගුලියො දුක්ඛා භවිස්සන්ති” අකුරු ලියන්නහුගේ ඇඟිලි පීඩාවට පත් වන්නේයයි සිතූහ. “උරස්සදුක්ඛො” ගණිතයෙහි හික්මෙන්නහු විසින් බොහෝ දෙය සිතිය යුතුවේ. එයින් මොහුගේ හෘදය පෙළෙන්නේයයි සිතූහ. “අක්ඛිනි දුක්ඛා භවිස්සන්ති” රන්කරු සිප්හි හික්මෙන්නහු විසින් කහවණු පෙරළ පෙරළා දැක්ක යුත්තේ වෙයි. එයින් මොහුගේ ඇස් දුකින් පෙළේයයි සිතූහ. ඩංසාදීන් අතුරෙහි “ඩංසා” යනු පිඟුවන් මැස්සෝය. “දුක්ඛානං” දුකින් ඉවසිය යුතු වූ. “තිබ්බානං” දැඩිවූ. “ඛරානං” තියුණුවූ. “කටුකානං” පරුෂ වූ. මන නොවඩන බැවින් කුළුරස වැනිවූ. “අසාතානං” නොමිහිරිවූ. “පාණහරානං” දිවි හැරගන්නාවූ