උක්කෝටන ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “උක්කොටෙන්ති” ඒ ඒ මහණහුගේ සමීපයට ගොස් ‘කර්‍මය නොකරන ලදැ’යි යනාදිය කියමින් මතුකොට, උගුලුවන පිහිටා තුබූ පරිදි පිහිටා සිටීමට නොදෙත්.
“යථා ධම්මං” යම් අධිකරණයක් සංසිඳීම පිණිස යම් ධර්‍මයක් වදාරන ලද්දේ ද, එම ධර්‍මයෙන් යන අර්‍ත්‍ථයි. “නිහතාධිකරණං” සංහිඳුවන ලද අධිකරණය ශාස්තෲන් වහන්සේ විසින් වදාළ ධර්‍මයෙන්ම සංසිඳුවනලද අධිකරණය යන අර්‍ත්‍ථයි.
“ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යම් කර්‍මයකින් ඒ අධිකරණය සංසිඳුවන ලද්දේ ද, එය ධර්‍මකර්‍මය වේනම්, ඒ ධර්‍මකර්‍මයෙහි මෙතෙමේද, ධර්‍මකර්‍මසංඥා ඇතිව සංසිඳුවා සිටියේ ඉදින් නැවැත උගුල්වා නම් පාචිත්තියට පැමිණේය යන අර්‍ත්‍ථයි. මේ නයින් සෙසු පදයෝද, දතයුත්තාහුය. මේ මෙහි සඞ්ක්‍ෂෙපය වේ. විස්තරය වනාහි “ඉමෙසං පන චතුත්තං අධිකරණානං කති උක්කොටනා” යනාදි නයින් පරිවාරයෙහි කියන ලද්දේය. අර්‍ත්‍ථකථාවන්හි ඒ සියල්ල ගෙනහැර දක්වා ඒ උක්කොටනයාගේම අර්‍ත්‍ථය වර්‍ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනයාගේම අර්‍ත්‍ථය වර්‍ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනය ඒ පරිවාරයෙහිම වර්‍ණනා කරන්නෙමු. මෙතැන්හි ගෙණහැර දක්වා වර්‍ණනා කරනු ලබන කල්හි ඉතා තදින් මුළාබව වන්නේයයි වර්‍ණනා නොකෙළෙමු. මෙහි සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.
තෙවන උක්කොටන ශික්‍ෂාපදයයි.
දුට්ඨුල්ල ශික්‍ෂාපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “දුට්ඨුල්ලා නාම ආපත්ති” සතර පාරාජිකා අර්‍ත්‍ථද්ධාර වශයෙන් දක්වන ලදී. සඞ්ඝාදිසෙසාපත්තිය මෙහි අදහස් කරන ලදී. ඒ සඞ්ඝාදිසෙසාපත්තිය වසාලන මහණහුට පාචිත්තිය වේ. “ධුරං නික්‍ඛිත්තමත්තෙ” බලාපොරොත්තුව අත්හළ ඇසිල්ලෙහි. ඉදින් සඞ්ඝාදිසෙසය නොකියමි’යි ධුරය නික්‍ෂෙප කොට පසුව ආරොචනය කෙරේද, නොරකියි. අත්හළ ඇසිල්ලෙහිම පාචිත්තියයි කියන ලද්දේ වේ. මෙසේ බලාපොරොත්තුව අත්හැර වසාලනු පිණිසම අනිකක්හට ආරොචනය කෙරේනම් හෙතෙමේද, අනිකක්හටැයි මේ උපායයෙන් මහණුන් සියයක්, මහණුන් දහසක්යි යම්තාක් කෙළවර නොසිඳේද, ඒ තාක් ඇවැතට පැමිණේමය. ‘කවර කලෙක කෙළවර සිඳේද, යත්: මහාසුම්මස්ථවිර තෙමේ වනාහි ‘ඇවැතට පැමිණියේ කිසිවක්හට නො කියවයි එක් මහණක්හට ආරොචනය කරයි. හෙතෙමේ නැවතී ඇවැතට පැමිණි ඔහුටම ආරොචනය කරයි. එසේ ඇති කල්හි කෙළවර සිදේයයි කියයි. මහාපදුම ස්ථවිර තෙමේ ‘මේ වනාහි වස්තුය, පුද්ගල තෙමේම ඇවැතට පැමිණියේ එක් මහණට ‘කිසිවක්හට නො කියවයි ආරොචනය කරයි. මෙතෙමේ අනිකක්හට ආරොචනය කරයි. හෙතෙමේ නැවතී යමකු විසින් මේ මහණහුට සැලකරන ලද්දේ ද, ‘කිසිවක්හට නො කියව’යි ඔහුටම ආරොචනය කරයි. මෙසේ තෙවන පුද්ගලයා විසින් දෙවැන්නහුට සැලකළකල්හි කෙළවර සිඳුනේවේයයි කියයි.
“අදුට්ඨල්ලං ආපත්තිං” සෙසු පඤ්චොපත්තිස්කන්‍ධ “අනුපසම්පන්නස්ස දුට්ඨුල්ලං වා අදුට්ඨුල්ලං වා අජ්ඣාචාරං” මෙහි අනුපසම්පන්නයකුගේ සුක්කවිසට්ඨිය හා කායසංසග්ගරාගයද යන මෙය දුළුල්වරද නම්වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.
සිවුවන දුට්ඨුල්ල ශික්‍ෂාපදයයි
ඌනවීසතිවස්ස ශික්‍ෂාපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “අඞ්ගුලියො දුක්‍ඛා භවිස්සන්ති” අකුරු ලියන්නහුගේ ඇඟිලි පීඩාවට පත් වන්නේයයි සිතූහ. “උරස්සදුක්‍ඛො” ගණිතයෙහි හික්මෙන්නහු විසින් බොහෝ දෙය සිතිය යුතුවේ. එයින් මොහුගේ හෘදය පෙළෙන්නේයයි සිතූහ. “අක්‍ඛිනි දුක්‍ඛා භවිස්සන්ති” රන්කරු සිප්හි හික්මෙන්නහු විසින් කහවණු පෙරළ පෙරළා දැක්ක යුත්තේ වෙයි. එයින් මොහුගේ ඇස් දුකින් පෙළේයයි සිතූහ. ඩංසාදීන් අතුරෙහි “ඩංසා” යනු පිඟුවන් මැස්සෝය. “දුක්‍ඛානං” දුකින් ඉවසිය යුතු වූ. “තිබ්බානං” දැඩිවූ. “ඛරානං” තියුණුවූ. “කටුකානං” පරුෂ වූ. මන නොවඩන බැවින් කුළුරස වැනිවූ. “අසාතානං” නොමිහිරිවූ. “පාණහරානං” දිවි හැරගන්නාවූ