සන්නිධිකාර ශික්ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි බෙලට්ඨිසීස නම් මහාස්ථවිර තෙමේ ජටිලයන් දහසට ඇතුළත් වූයේය. “අරඤ්ඤෙ විහරති” දෙව්රමට නොදුරෙහි කෙලෙස් තැවීමට භාවනා කරන ගෘහය වූ එක් ආවාසයෙක වාසය කරයි. “සුක්ඛකුරං” නියඹලා අවුළුරහිත බත. ඒ ස්ථවිර තෙමේ වනාහි ඇතුළුගමෙහි වළඳා පසුව පිඬු පිණිස හැසිර එබඳු බතක් ගෙන එයි. එද වනාහි අපිස් බැවිනි. ප්රත්යයයෙහි ගිජු බැවින් නොවේ. ස්ථවිර තෙමේ සත් දවසක් නිරොධ සමාපත්තියෙන් කල් යවා සමාපත්තියෙන් නැගිට අව්වේලා වියලා තුබූ ඒ පිණ්ඩපාතය දියෙන් තෙමා වළඳන්නේය. ඉන්පසු සත් දවසක් සමාපත්තියෙන් යුක්තව හිඳියි. මෙසේ දෙසති තෙසති සිවුසති ඉක්මවා ගමට පිඬු පිණිස පිවිසෙන්නේය. “චිරෙන ගාමං පිණ්ඩාය පවිසති’යි එහෙයින් කියන ලදී.
කාර, කරණ කිරියා යනු අර්ත්ථවශයෙන් එකෙක් වේ. රැස්කොට තැබීම මොහුටනුයි. සන්නිධිකාර නම. සන්නිධිකාරයම සන්නිධිකාරක නම පිළිගෙණ එක් රැයක් ඉක්මවන ලද භොජනයට මේ නමෙකි. එහෙයින්ම මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි “සන්නිධිකාරකං නාම අජ්ජ පටිග්ගහිතං අපරජ්ජු”යි වදාරනලදී.
“පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස”යි මෙසේ සන්නිධි කළ යාවකාලික වූ හෝ යාමකාලික වූ හෝ යම් කිසිවක් අනුභව කරනු කැමැති බැවින් ගන්නා වූ මහණහුට පිළිගැණීම නිමිතිකොට දුක්කටාපත්තිය වේ. අනුභව කරන මහණහුට එක් එක් අනුභවය නිමිති කොට පාචිත්තිය වේ. ඉදින් පාත්රය නොමනාව දොවන ලද්දේවේද, ඇඟිල්ලෙන් ගටන කල්හි රෙඛා පෙනේද, ගැට ඇති පත්රයක හෝ ගැට අතුරෙහි ආමිසඕජස පිවිසියේ වේද, ඒ ඕජස උෂ්ණයෙහි ලා තවන කල්හි වැගිරේද, උණු කැඳ හෝ ගත්කල්හි ආමිස ඕජස පෙනේද, එබඳු පාත්රයෙහිද දෙවන දිනයෙහි අනුභව කරන මහණහුට පාචිත්තිය වේ. එහෙයින් පාත්රය සෝදා නැවත එහි පහන්දිය හෝ වත්කර ඇඟිල්ලෙන් ගලා ඕජස් රහිතබව දතයුතුය. ඉදින් දියෙහි හෝ ඕජස් ඇති බව පාත්රයෙහි හෝ ඇඟිලිරෙඛා පෙනේද, නොමනාව සෝදන ලද්දේ වේ. තෙල් පැහැති පත්රයෙහි වනාහි ඇඟිලිරෙඛා පෙනේද, ඕ තොමෝ අව්යවහාරික වේ. මහණෝ බලාපොරොත්තු රහිතව යමක් හෙරණුන්ට දෙත්ද, හෙරණෝ එය තැත්පත් කොට තබා දෙත්ද, සියල්ල වටියි. තමන් පිළිගෙණ පරිත්යාග නොකරන ලද්දක් වනාහි දෙවන දිනයෙහි නොවටියි. එයින් එක් උලකුදු අනුභව කරන මහණහුට පාචිත්තියම වේ.
නොකැප මස් අතුරෙහි මිනීමස් නිමිති කොට ථුල්ලච්චය සමග පාචිත්තිය වේ. සෙසු මස් නිමිති කොට දුක්කටය සමග පාචිත්තිය වේ. යාමකාලිකය විපාසාදි හේතුවක් ඇති කල්හි අනුභව කරන මහණහුට පාචිත්තිය වේ. ආහාරය පිණිස අනුභව කරන මහණහුට දුක්කටය සමග පාචිත්තිය වේ. ඉදින් පවරණ ලදුව කැප නොකළ බොජුනක් අනුභව කෙරේද, ඔදනාදීවූ කැප ආමිසයෙහි පාචිත්තිය දෙකක් වේ. මිනීමස් නිමිති කොට ථුල්ලච්චය සමග පාචිත්තිය දෙකක් වේ. යාමකාලිකය හේතුවක් ඇති කල්හි ආමිස සහිතවූ මුඛයෙන් අනුභව කරන මහණහුට පාචිත්තිය දෙකක් වේ. නිරාමිස මුඛයෙන් අනුභව කරන මහණහුට එක්ම පාචිත්තියක් වේ. ආහාරය පිණිස අනුභව කරන මහණහුට සාමිස නිරාමිස විකල්ප දෙකෙහි දුක්කටය වැඩේ. ඉදින් විකාලයෙහි අනුභව කෙරෙනම්, ඔදනාදි කැප භොජනයෙහි සන්නිධිය හෙතුකොටද විකාලභොජනය හේතුකොටද පාචිත්තිය දෙකක් වේ. නොකැප මස්හිලා මිනීමස් නිමිති කොට ථුල්ලච්චයද සෙසු මස් නිමිතිකොට දුක්කටයද, වැඩේ. යාමකාලිකයන්හි විකාලය ප්රත්යය කොට ඇවැත් නොවේ. ඉතිරි නොකළ අකප්පිය භොජනය ප්රත්යය කොට විකාලයෙහි සියලු විකල්පයන්හි ඇවැත් නොවේ.
“සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය” යත්තාහ කාලිකය යාවජීවිකය යන මෙදෙක ආහාරය පිණිස පිළිගන්නා මහණහුට පිළිගැණීම ප්රත්යය කොට පළමුකොට දුක්කටය වේ. ඉදින් නිරාමිස වේනම් අනුභව කරන මහණහුට අනුභව කිරීමක් පාසා දුක්කටය වේ. නැවැත ආමිසය හා ගැටුනක් හැනුනක් පිළිගෙණ තබන ලද්දේවේද, වස්තු පරිද්දෙන් පාචිත්තියම වේ.